ස්කෑන් බෝතල් කළ පානීය ජල නිෂ්පාදනාගාරයට ISO 14001:2015 – පාරිසරික කළමණාකරන පද්ධති සහතිකය හිමිවේ

IMG_1592

ශ‍්‍රී ලාංකීය ජනතා විශ්වාසයට පාත‍්‍ර වූ කීර්තිමත් සමාගමක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගමට අයත් ස්කෑන් නිෂ්පාදන අංශයෙහි, “ස්කෑන්” බෝතල් කළ පානීය ජල නිෂ්පාදනාගාරය විසින් සෞඛ්‍යාරක්ෂිත බව මෙන්ම පරිසරයේ තිරසර පැවැත්ම සුරක්ෂිත කරමින් වෙළෙඳපොළට නිකුත් කරනු ලබන පානීය ජල බෝතල් නිෂ්පාදන ක‍්‍රියාවලිය ඇගයීමට ලක් කරමින් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් ISO 14001:2015 – පාරිසරික කළමණාකරන පද්ධති සහතිකය ලබා දී ඇත.

මෙම සහතිකයට හිමිකම්පෑම මගින් “ස්කෑන්” පානීය ජල බෝතල් නිෂ්පාදනාගාරය විසින් පවත්වාගෙන යනු ලබන පිරිවැය අවම කළ ප‍්‍රශස්ථ නිෂ්පාදන ක‍්‍රියාවලිය, කාර්යක්ෂම බලශක්ති පරිභෝජන ක‍්‍රියාවලියක් තුලින් බලශක්ති සංරක්ෂණය, ප්ලාස්ටික් බෝතල් වෙනුවට හඳුන්වාදෙන පරිසර හිතකාමී වීදුරු බෝතල්, ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීකරණ ව්‍යාපෘතිය සඳහා වන සැලසුම් ආදිය ඇගයීමට ලක් කරමින් ආයතනික කොටස්කරුවන් වෙත කීර්තිය හා ප‍්‍රතිලාභ රැසක් හිමිකර දී ඇත.

 




 

 

දශක දෙකකටත් අධික කාලයක් තිස්සේ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සමග ඉතාමත් ඉහල වෘත්තීය සබඳතාවයක් පවත්වාගෙන යන ස්කෑන් නිෂ්පාදන අංශය, තම සියළු නිෂ්පාදන ක‍්‍රියාවලි සඳහා ISO 9001, ISO 22000, GMP, HACCP ආදී සහතිකකරණයන් මෙන්ම උපදේශන සේවාවන්ද, පානීය ජල බෝතල් සඳහා  SLS 894  ප‍්‍රමිති සහතිකය ඇතුළුව අනෙකුත් පාරිභෝගික භාණ්ඩ රැසක් සඳහා SLS ප‍්‍රමිති සහතිකයන්ද ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය මගින් හිමිකරගෙන තිබේ.

පරිසර රාජ්‍ය අමාත්‍යාංශය විසින් නිෂ්පාදන හා සේවා ක්ෂේත‍්‍රයන්හි තිරසාර කාර්ය සාධනය ඇගයීම පිණිස ස්ථාපිත කළ ජාතික හරිත වාර්තාකරණ ක‍්‍රමවේදය යටතේ ස්වේච්ඡාවෙන්ම ලියාපදිංචි වී ඇති ස්කෑන් නිෂ්පාදන අංශය තම නිෂ්පාදන හා සේවා ක්ෂේත‍්‍රයන්හි තිරසාර කාර්ය සාධනය සන්නිවේදනය කිරීම සදහා ජාතික හරිත වාර්තාකරණ ක‍්‍රමවේදයද උපයෝගී කොටගන්නේ පරිසර හිතකාමී නිෂ්පාදන සංස්කෘතියක් ආයතනය තුළ පවත්වාගනිමිනි.

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමූහයේ විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා අදහස් දක්වමින් “මෙම පාරිසරික කළමණාකරන පද්ධති සහතිකය අපගේ තිරසාර නිෂ්පාදන ක‍්‍රියාවලියට ලැබුණු තවත් වටිනා සහතිකයක්. ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්නට අපි අපගේ සමාජ සත්කාරක වැඩසටහන් දියත්කොට තිබෙනවා.  ඒ යටතේ කැලිකසල කළමනාකරණ ව්‍යාපෘති, ඩෙංගු මර්ධන ව්‍යාපෘති, රෝහල් පාසල් හා විහාරස්ථාන සඳහා විවිධ පරිත්‍යාග, ලේ දන් දීමේ වැඩසටහන් ආදිය සංවිධානය කිරීම හරහා ප‍්‍රතිලාභ රැසක් ජනතාවට ලබා දී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ 32 වාට්ටුව නවීකරණය කර නඩත්තු කරන්නට අප දායකත්වය ලබාදුන්නා. සමාගමක් විදිහට අපි ආරම්භයේ සිටම හැමවිටම පරිසරයේ සහ මිනිසාගේ තිරසාර පැවැත්ම ගැන සැලකිලිමත්වෙමින් කටයුතු කරනවා” යැයි පැවසීය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව