සරළ කරන ලද එකතු කළ අගය මත අය කළ බදු ක්‍රමය (SVAT) අහෝසි කිරීම පිලිබඳව රජය ගත් තීන්දුවට ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ අප්‍රසාදය

Garment_workers_sri_lanka (LBN)

 



 

 

මෙතෙක් කල් සාර්ථකව ක්‍රියාත්මක වූ සරළ කරන ලද එකතු කළ අගය මත අයකළ බදු ක්‍රමය ( SVAT ) අහෝසි කිරීමට රජය ගෙන ඇති තීන්දුව පිළිබඳව ඒකාබද්ධ ඇඟළුම් සංසද සම්මේලනය සිය දැඩි අවධානය යොමු කරමින් මෙම තීරණ කෙරෙහි සිය අපප්‍රසාදය පළ කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා සිටී. රජය විසින් ගනු ලැබූ මේ පියවර හේතුවෙන් සමස්තයක් වශයෙන් රටේ අපනයන් වෙත හානිකරන බවත් විශේෂයෙන්ම අපයන ක්ෂේත්‍රයේ පසුබෑමක් ඇති මෙවැනි අවස්ථාවක හා මේ හේතුව නිසාම ව්‍යාපාරයන් වෙත ලැබෙන මුදල් වල සීමාවන් ඇති බැවින් මේ තත්වය ව්‍යාපාරයන්හි පැවැත්මට මෙන්ම රටේ ආර්ථිකයටත් දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ඒකාබද්ධ ඇඟළුම් සංසද වැඩිදුරටත් පැවසීය.

සරළ කරන ලද එකතු කළ අගය මත අයකළ බදු ක්‍රමය අහෝසි කිරීම තුළ දැනටමත් අර්බුද ගනනාවකට මුහුණ දී ඇති ඇඟළුම් ක්ෂේත්‍රය තවත් දැඩි පීඩනයකට ලක් කෙරෙන බව පෙන්වා දෙන ඒකාබද්ධ ඇඟළුම් සංසදය මේ හේතුව නිසා කාර්යක්ෂම ආපසුගෙවීම් රටාවක් සහිත ඇඟලුම් ක්ෂේත්‍රයේ මුදල් ප්‍රවාහ කළමණාකරනය සඳහා මේ තත්වය අහිතකර ලෙස බලපානු ඇති බවයි. අපනයන ක්ෂේත්‍රයට සෘජු බලපෑමක් ඇති කරන මෙබඳු තීරණයක් ගැනීමේදී රජය අපනයනකරුවන් සමග ඵලදායී සංවාදයකින් තොරව මෙවැනි රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තුළින් දිගුකාලීනව මෙරට අපනයන ආදායම කෙරෙහි භයානක තත්වයකට මුහුණ දීමට සිදු වනු ඇති බව ඒකාබද්ධ ඇඟළුම් සංසදය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

ජාත්‍යන්තර මූල්‍ය සමග ඇති කර ගත් එකඟතාවන්ට අනුව රජය සිය බදු ආදායම් ප්‍රතිශතය ඉහළ නංවා ගැනීමත් බදු ඉලක්කයන් වෙත යෑමටත් අත්‍යාවශ්‍ය නමුත් සරළ කරන ලද එකතු කළ අගය මත අය කළ බද්ද අහෝසි කිරීම තුළින් රජයට අමතර වාසියක් හිමි නොවන බව ඒකාබද්ධ ඇඟලුම් සංසදය කියා සිටී. මෙමගින් සිදු වන්නේ අපනයනකරු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර හුවමාරුවන මුදල් ප්‍රවාහය වර්ධනය වීම පමණකි. සරළ කරන ලද එකතු කළ අගය මත අය කළ බද්ද හඳුන්වාදීමට පෙර මෙරට වැට් බදු යලි ගෙවීමේ ක්‍රමවේදය අවිදිමත් සහ විශාල කාලයක් ගත වන ක්‍රියාවලියක් විය. ඇතැම් අවස්ථාවලදී මෙම මුදල් යලි ලබා දීම සඳහා මාස 18ක් වැනි කාලයක් බලා සිටීමට අපනයනකරුවන්ට සිදු විය.

වැට්බදු යලි ගෙවීමේ ක්‍රියාවලිය සංකීර්ණ සහ අවුල් සහගත තත්වයක් නිර්මාණය කර තිබූ බැවින් අපනයන නොවන අංශයන්ගේ සිදු වූ නොයෙක් අනීතික වංචනික ක්‍රියා පාලනය සඳහා රජය විසින් සරළ කරන ලද එකතු කළ අගය මත අය කළ බද්ද හඳුන්වාදෙනු ලැබූහ. අපනයනකරුවන් වෙත රජය විසින් සිදු කරනු ලබන වැට් බදු ආපසු ගෙවීම් දේශීය මිලදී ගැනීම් සඳහා යොදා ගැනෙන අතර අවසන් නිෂ්පාදනය මුළුමනින්ම අපනයන සඳහා යොමු කෙරේ. සමස්ත ක්‍රියාදාමයම නිසි පරිදි සුපරීක්ෂණයට ලක් වන බැවින් අපනයනසඳහා නිෂ්පාදනය කළ භාණ්ඩ දේශීය වශයෙන් අලෙවි කිරීමේ අවස්ථාවන් අතිශය සීමාසහිත වන බැවින් වැට් බදු ආපසු ගෙවීමේ ක්‍රියාවලිය අව භාවිතා කිරීමට ඇති අවස්ථා අතිශය විරලය.

මේ තත්වය ඇඟළුම් ක්ෂේත්‍රය වෙත වැඩි බලපෑමක් එල්ල කර තිබෙන්නේ ඇඟළුම් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා යෙදවුම් වලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන හෙයිනි. එබැවින් දේශීය අමුද්‍රව්‍ය පදනම් කර ගනිමින් සිදු කරන නිෂ්පාදනයන්ට සාපේක්ෂව මෙම ගැටලුව ඇඟළුම් කර්මාන්තය වෙත වැඩි බලපෑමක් එල්ල කර තිබෙන්නේ ආනයනයේදී ගෙවනු ලබන වැට් බදු අපනයනයෙන් අනතුරුව යළිත් අයකර ගැනීමට ක්‍රමවේදයක් නොමැති වන හෙයිනි. අපනයන භාණ්ඩ සඳහා දේශීය වශයෙන් එක් කර ගනු ලබන අමුද්‍රව්‍ය මිලදී ගැනීම සරළ කරන ලද එකතු කළ අගය මත අය කළ බද්ද අහෝසි කිරීමෙන් අනතුරුව සීමා කිරීමට සිදුවන අතර දේශීය වශයෙන් මැලදී ගැනීමට හැකිව තිබු භාන්ඩ පවා මේ හේතුවෙන් ආනයනය කිරීමට සිදු වන බව ඒකාබද්ධ ඇඟළුම් සංසදය පෙන්වා දෙයි. විදේශ විනිමය අර්බුදයක් පවතින අවස්ථාව මේ තත්වය කිසිදු ලෙසකින් රටට හිතකර නොවන බව පැහැදිලිවන අතර රටේ ගෙවුම් ශේෂ තුලනයට ද දැඩි පීඩනයක් එල්ල් කරයි. එමෙන්ම ඇඟළුම් කර්මාන්තය විසින් කර්මාන්තයේ තිරසාර පැවැත්ම සඳහා ක්‍රියාත්මක කර ඇති වි‌ශිෂ්ට සේවා හැකියාවන් සහ නව රැකියා උත්පාදනය වෙතද සුභවාදී නොවන බව ඒකාබද්ධ ඇඟළුම් සංසද සංගමය පවසා සිටී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 15 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව