සන්ලයිට් ‘මනුදමින් වැඩි යමක්’ වැඩසටහන, හරිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ප්‍රතිඥාවකට දිරි ගන්වයි

Image 01-min (LBN)

වසර 135කට අධික ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය රෙදි සේදුම් සන්නාමය වන සන්ලයිට් ‘මනුදමින් වැඩි යමක්’ සමාජ සත්කාරය ඔස්සේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව පාරිසරික වගකීම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් දියත් කළේ ය. ජාතික උරුමයන් සහ පාරිසරික වගකීම වෙනුවෙන් වසර 15ක් තිස්සේ ශ්‍රී දළදා මාළිගාව සමඟ ඇති කරගෙන තිබෙන සහයෝගීතාවය සනිටුහන් කරන මෙම අගනා කර්තව්‍ය, රන්දෝලි පෙරහැර ගමන් ගත් දිනයන්හි දී  ක්‍රියාත්මක විය. අවිධිමත් ලෙස පොලිතින් සහ ප්ලාස්ටික් බැහැර කිරීමෙන් ඇති වන අහිතකර බලපෑම පිළිබඳ මෙහිදී සන්ලයිට් කණ්ඩායම මහජනතාව දැනුවත් කළ අතර, පරිසර හිතකාමී පිළිවෙත් අනුගමනය කරමින් අනාගත පරපුර වෙත සුරක්ෂිත පරිසරයක් දායාද කිරීමේ වැදගත්කම ද පැහැදිලි කළේ ය.

 



 

මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට පැමිණෙන පිරිසෙන් 37% ක් පමණක් තමන් රැගෙන එන පොලිතින් හා ප්ලාස්ටික් ද්‍රව්‍ය නැවත රැගෙන යන නමුත්, සෙසු 63% මුදා හැරෙන්නේ පරිසරයට බව සිදු කරන ලද අධ්‍යයනයන්ගෙන් අනාවරණය වී තිබේ. මෙය එක් පැතිකඩකින් බරපතළ පාරිසරික අර්බුදයන් නිර්මාණය කරන අතර, පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සඳහා අධික මිලක් වැය වන බැවින් එය නගර සභාවට සහ ශ්‍රී දළදා මාළිගාවට විශාල අභියෝගයක් වී තිබේ.

මෙකී තත්ත්වය මනාව අවබෝධ කරගත් සන්ලයිට් හි ‘මනුදමින් වැඩි යමක්’ වැඩසටහන ස්ථානෝචිත ක්‍රියාමාර්ගයකට ප්‍රවිශ්ට වෙමින් බැතිමතුන් වෙත පොලිතීන් ඇතිරිලි වෙනුවට පරිසර හිතකාමී ආසන විකල්පයන් ලබා දීමට පියවර ගත්තේ ය. මේ අතර පෙරහැර සමයේ දී බැහැර කර තිබූ පොලිතීන් මෙට්‍රික් ටොන් දෙකකට ආසන්න ප්‍රමාණයක් එකතු කොට ඒවා ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීමට ද සන්ලයිට් කටයුතු කළේ ය.

මේ පිළිබඳව යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ Home Care & Nutrition හි අලෙවි අධ්‍යක්ෂ ඉමේෂිකා කාරියවසම් මෙසේ අදහස් දැක්වීය. ‘’අපේ රටේ ධනාත්මක බලපෑමක් සිදු කෙරෙන ජාතික කර්තව්‍යයන් වලදී සන්ලයිට් පෙරමුණ ගෙන තිබෙනවා. ‘මනුදමින් වැඩි යමක්’ වැඩසටහන ඔස්සේ අපි බලාපොරොත්තු වන්නේ පොදු සාමූහිකත්වය මෙන්ම යම් හුරුපුරුදු වල වෙනසක් ඇති කිරීම හරහා සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර ගැනීමට දිරිමත් කිරීමයි. මෙය හුදෙක්ම දැනුවත් කිරීමේ ක්‍රියාවලියක් පමණක් නොවන අතර, මෙය පිරිසිදු හා හරිත ශ්‍රී ලංකාවක් ගොඩනඟා ගැනීම සඳහා උපකාරී වන යථාර්ථවත් වැඩපිළිවෙළකි’’ යැයි ද ඇය වැඩිදුරටත් පැවසුවා ය.

පරිසරය සුරැකීමට කැපවන බවට ප්‍රතිඥා දෙන ලෙස මෙහිදී සන්ලයිට් කණ්ඩායම බැතිමතුන් වෙත ඇරයුම් කළ අතර, 15,000 කට අධික පිරිසකගේ ප්‍රතිඥාවන් සමඟින් පරිසර හිතකාමී සාමුහික ප්‍රයත්නයක් ඉස්මතු කෙරුණි.  මීට අමතරව සන්ලයිට් විසින් ‘නිල්මානෙල් මල් දන්සැලක්’ ද සංවිධානය කරමින් පැමිණ සිටි බැතිමතුන් සඳහා මල් 30,000 ක් පමණ බෙදා දීමට කටයුතු කළේ ප්‍රජාවට සහ පරිසරයට සෙත සලසන සන්නාමයක් බව වැඩිදුරටත් පසක් කරමිනි.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් යුනිලීවර් ශ්‍රී ලංකා Fabric Care හි කාණ්ඩ ප්‍රධානී යෂස්වි ලියනගේ පැවසුවේ මෙවන් අදහසකි. “ මෙම කර්තව්‍යයේ දී අප මූලිකත්වය ගෙන කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ තිරසාරත්වය ගොඩ නැගීම සඳහා සන්ලයිට් සන්නාමයේ නොසැලෙන කැපවීම පරමාදර්ශයක් වී තිබේ. කුඩා ක්‍රියාකාරකම් වලින් පවා විශාල ධනාත්මක වෙනසක් ඇති කළ හැකි බව අප නිරන්තරයෙන් විශ්වාස කරන අතර සෑම දෙනාටම සුවසේ වාසය කළ හැකි රටක් බවට පත් කිරීමට මෙය උපකාරී වේවි’’

යුනිලීවර් ශ්‍රී ලංකා හි ‘මනුදමින් වැඩි යමක්’ සමාජ සත්කාරක වැඩසටහන, මෙරට ප්‍රජාවට සහ පරිසරයට යහපත් වාතාවරණයක් උදා කර දීම සඳහා දක්වන කැපවීම සම්බන්ධයෙන් වැදගත් සාක්ෂියක් වන අතරම තිරසරභාවය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වන ඔවුන්ගේ උනන්දුව මනාව පිළිබිඹු කරනු ඇත.

මෙම මුලපිරීම සඳහා ඔබේ ප්‍රතිඥාව ලබා දීමට, කරුණාකර පිවිසෙන්න: https://sunlightsrilanka.com/perahara/

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව