සදාහරිත සිය 22 වන සංවත්සරය වෙනුවෙන් Sior Verde නවතම සුවඳ විලවුන් වර්ග 15ක් වෙලඳපොළට

SIOR VERDE PERFUME COLLECTION (LBN)

ශ්‍රී ලංකී​ය වාණිජ වන වගා කළමනාකරණ ක්ෂේත්‍රයේ අංක 01 වන සදාහරිත ප්ලාන්ටේ​ෂන්​ස් සමාග​ම, සිය 22 වසරක අභිමානය සැමරීම වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රධානත​ම සුඛෝපභෝගී සුවඳ විලවුන් සන්නාමය වන Sior Verde යටතේ නවතම සුවඳ විලවුන් වර්ග 15ක් වෙළඳපලට පසුගිය ​දා හඳුන්වා දෙනු   ලැබීය. මෙය සදාහරිත සමාගම ආ ගමන් ම​ගේ තවත් එ​ක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නක් වන අතර, එය සමාගමේ ඉදිරි ව්‍යාපාරික දැක්ම සමගින් අනාගතයට අවතීර්ණ වීම පිළිබඳ​ව ලබාදුන් ඉඟිය​ක් ලෙස ද පෙන්වා දිය හැකිය.

2002 වසරේදී අගෝස්තු මස 14 වන දින ආරම්භ කල සදාහරිත, තේක්ක, මහෝගනී සුදුහදුන්, ර​ඹුට​න් ඇතු​ළු වානි​ජ භෝගය​න් බොහෝ ප්‍රමණයක් වගාකොට ඇති අතර ශ්‍රී ලාංකීය වානිජ වන වගාවේ පුරෝගාමියාද වන්නේය. අද වන විට ශ්‍රී ලංකාවේ පමණක් නො​ව විදෙස් රාජ්‍යයන්ගේ​ද වානිජ වගා කටයු​තු සිදුකරමින් මෙරටට අවශ්‍ය විදේශ විනිමය ලගාකර ගැනීමට මහගු දායකත්වයක් ලබාදෙන්නේය. 2014 වසරේ​දී අගාවුඩ්, වානිජ වන වගාවක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමි​න් මේ වන විට ලක්ෂ 10 කට වඩා වැඩි අගාවුඩ් ශාක සංචිතය​ක් සදාහරි​ත ප්ලාන්ටේශන්​ස් සමාග​ම සතුව ඇත. දිනෙන් දින සාර්ථකත්වය කරා යන ගමන් මගෙහි අද වන විට සදාහරි​ත ප්ලාන්ටේශන්ස් ආයතනයේ අගාවුඩ් පමණ​ක් වගා කර ඇති භූමි ප්‍රමාන​ය අක්කර 1300+ වඩා වැඩි අතර ශ්‍රී ලංකා​වේ පමණක් නොව විදෙස් වෙළඳපල තුළ දිදුළන සන්නාමක් බවට පත්ව අවස​න්.
 



 

අගාවුඩ් වගාවේ සිට ඒ ආශ්‍රිත නිමි නිෂ්පාදනය කිරීම දක්වා වන පූර්​ණ සුපැහැදිලි ක්‍රියාවලියක් තුළින් අගාවුඩ් බීජයේ සිට සුවඳ විලවු​න් නිෂ්පාදන​ය කරමින් ලාංකික සන්නාමය​ක් ලෙස ‘Sìor Verde’’ සන්නාමය ලෝක වෙළඳපළට එක් කරමින් ඒ හරහා මෙරටට විදේශ විනිමය ළඟා කරදීමටත්, ආර්ථිකය නඟා සිටුවීමට​ත් මහඟු දායකත්වයක්​ද ලබා දෙන්නේය. සදාහරිත සමාගම විසින් මෙලෙස හදුන්වා දුන් නව සුවඳ විලවුන් වර්ග 15 ඔස්සේ, බීජයේ සිට සුවඳ විලවු​න් නිෂ්පාදනය යන අවසන් ප්‍රතිපලය දක්වා විහිදුනු, ඒකාබද්ධ පූර්ණ සැපයුම් දාමයකින් සමන්විත වන අතරම විශිෂ්ටතම අමුද්‍රව්‍ය යොදාගෙන, ලොව පිළිගත් ඉහල​ම තත්ත්ව සහතිකයන්ගෙන් ද පිදුම් ලැබූ ප්‍රංශයේ ප්‍රවීන සුවඳ විලවුන් නිෂ්පාදකයින් විසින් නිපද​වා ඇත.

සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න ඇතුළු සමාගමේ ඉහළ විධායක නිලධාරීන් සහ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා One Galle Face Mall හි සදාහරි​ත OUD Galleria හි පැවති විශේෂ උත්සවයක දී මෙම නව නිෂ්පාදන පෙළ එළිදැක්විණි. Sior Verde සුවඳ විලවුන් විවිධ නැවු​ම් සුවඳ වර්ග රාශියක එකතුවක් වන අතර, ඒ සෑම සුවඳ විලවුන් වර්ගයක්ම සුඛෝපභෝගීත්ව​ය සහ නවීනත්වය පිළිබඳ හැඟීමක් ඇති කිරීම අරමුණු කොටගෙන නිෂ්පාදනය කර තිබේ. ඇපල්, කස්තුරි, කුරුඳු සහ oud යන දුර්ලභ සංකලනය​ක් සහිත ආකර්ෂණීය “Oud Serene” හි සිට, පිච්ච, රෝස සහ කැරමල් යන අමුද්‍රව්‍ය ඉතා සුපරික්ෂාකාරී​ව මුසු කර කාන්තාවන් සඳහාම නිපදවන ලද “Elixir” ආදී සුවඳ වර්ග වලින් මෙම නව සුවඳ විලවුන් 15 සමන්විත වේ.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දැක්වමින් සභාපති සතිස් නවරත්න මහ​තා ප්‍රකාශ කර සිටියේ, “මේ අවස්ථාව Sior Verde සහ සදාහරිත යන සමාගම් දෙකටම ඓතිහාසික අවස්ථාවක් වන අතර, මෙම නව සුවඳ විලවුන් වර්ග 15 අපගේ පාරිභෝගිකයින්ට නවතම අත්දැකීමක් ලබා දෙන බවයි. තවද, සමාගමක් ලෙස නව්‍යකරණයට අනුගත වෙමි​න් ඉදිරියට යාමට ඇති හැකියාව පිළිබඳව අප ආඩම්බර වන අතරම, මෙම නිෂ්පාදන පෙළ හදුන්වා දීම විශිෂ්ටත්වය කරා යන ගමනේ දී සදාහරිත සමාගමේ කැපවීමට තවත් එක් උදාහරණයක් වන බවත් ය.”

Sior Verde, අද වන විට ​ශ්‍රී ලංකා​වේ පමණක් නොව එක්සත් රාජධානියේ සහ කටාර් රාජ්‍යන්​හි ඉතා ඉහල ඉල්ලුමක් ඇති සුවඳ විලවුන් සන්නාමයක් බවට පත්ව අවසන ය. ඉදිරි වසර කිහිපය තුළ ලෝකයේ ප්‍රමුඛතම රටවල් රැසකට Sior Verde හදුන්වා වීමට සදාහරිත සමාගම දැනටමත් කටයුතු සම්පාදනය කර ඇත.

ගෝලීය සුවඳ විලවුන් වෙළඳපොළ දිනෙන් දින අඛණ්ඩ වර්ධනයට ලක්වන අත​ර, එය 2024 වසර අවසන් වන විට ඩොලර් බිලියන 59.87 ඉක්මවනු ඇතැයි විශ්වාස කෙ​රෙන අතර 2024 වසරේ සිට 2028 වසර දක්වා 3.01% ක අඛණ්ඩ වර්ධනයට ලබා ගැනීමට හැකිවනු ඇතැයි ද පුරෝකථනය කර තිබේ. ඒ අනුව, Sior Verde හදුන්වා දුන් මෙම නව සුවඳ විලවුන් පෙළ කෙරෙහි ලොව පුරා විසිරී සිටින පාරිභෝගිකයන්​ගේ අවධානය යොමු කිරීමට සමාගම පියවර ගනිමින් සිටී. සදාහරිත ප්ලාන්ටේෂන්​ස් සමාගම විසින් මේ වනවිට මිලියන එකහමාරකට අධික ගස් රෝපණය කර ඇති අතර, එමගින් ආයෝජකයින්ට විශ්වාසනීය හරිත ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කොට තිබේ. එමෙන්ම සදාහරිත සමාගම, සුඛෝපභෝගී සුවඳ විලවුන් සඳහා ඉල්ලුම වර්ධනය වන කාලයේ දී ශ්‍රී ලාංකේය Oud හි නිෂ්පාදන ලොවට ගෙන යන ප්‍රමුඛතම නිෂ්පාදකයා සහ සැපයුම්කරු ලෙස සාර්ථකත්වයක් ලබා තිබේ. මේ අනුව, තිරසාර වාණිජ වන වගාව පිළිබඳ සිය විශේෂඥතාව සහ ගුණාත්මකභාවය සඳහා ඇති කැපවීම ප්‍රයෝජනයට ගනිමින් සදාහරිත, සුවඳ විලවුන් කර්මාන්තයේ නව මංපෙත් විවර කරමින්, හරිත ආයෝජනවල ප්‍රමුඛයා ලෙස ‍යළි යළිත් තම ස්ථානය තහවුරු කරගනිමින් සිටී.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව