සණස ලයිෆ් රක්ෂණ සමාගම ආනන්ද විද්‍යාලයේ වාර්ෂික පා ගමනට අනුග්‍රාහකත්වය සපයයි

Sanasa Life Insurance (LBN)

කොළඹ ආනන්ද විද්‍යාලය සංවිධානය කළ Ananda Walk 2024 පා ගමන සඳහා නිල රක්ෂණ සහකරු ලෙස දායකත්වය සැපයීමට සණස ලයිෆ් රක්ෂණ සමාගම කටයුතු කළේය. ආනන්ද විද්‍යාලයේ වර්තමාන සිසුන්ගේ මෙන්ම ආදි සිසුන්ගේද සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් මෙම පා ගමන පැවැත්විණි.

 



 

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සණස ලයිෆ් රක්ෂණ සමාගම සිය ආයතනික සමාජ මෙහෙවර ඉටු කිරීම පිළිබඳව ඉහළ අවධානයක් යොමු කරන අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා නිරන්තරයෙන් සහයෝගය දෙයි. පාසල් සිසු සිසුවියන් තුළ ආකල්පමය වර්ධනයක් ඇති කිරීම මෙන්ම පාසල් මට්ටමේ ක්‍රීඩාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටු කරන සණස ලයිෆ් රක්ෂණ සමාගම එම වැඩසටහන් මාලාවේ දිගුවක් ලෙස මෙවර Ananda Walk 2024 සඳහා අනුග්‍රාහකත්වය දුන් බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අයිවන් නිකලස් මහතා ප්‍රකාශ කළේය. “මේ රටේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් විදියට සණස ලයිෆ් රක්ෂණ සමාගම විවිධ සමාජ සත්කාරක වැඩසටහන්වල නිරත වෙනවා. එහිදී ක්‍රීඩාව සහ අධ්‍යාපනය කියන්නේ අපගේ අවධානය වැඩි වශයෙන් යොමු වන ක්ෂේත්‍ර දෙකක්. මෙම ක්ෂේත්‍රවල වර්ධනය වෙනුවෙන් අපි නිරන්තරයෙන් සහයෝගය දෙනවා. ඊට සමගාමීව මෙවර ආනන්ද විද්‍යාලයේ වාර්ෂික පා ගමන සඳහා අනුග්‍රාහකත්වය දීමට හැකි වීම අපට විශාල සතුටක්. ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් සඳහා සහයෝගය දීමට අපි අපේක්ෂා කරනවා.” අයිවන් නිකලස් මහතා පැවසීය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව