සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් යාපනය නගරයට පැමිණෙයි

SANASA (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. සිය ශාඛා ජාලය පුළුල් කරමින් නවතම ශාඛාව යාපනය නගරයේ අංක 237‚ ස්ටැන්ලි මාවත යන ස්ථානයේ පසුගියදා සුභ මොහොතින් විවෘත කළේය. දේශීය සම්ප්‍රදායට මුල් තැන දෙමින් එම විවෘත කිරීමේ උත්සවය සණස සමුහයේ නායක විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඒ සඳහා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් අධ්‍යක්ෂ මණ්ඩලය හා ඉහළ කළමනාකාරිත්වය සහභාගී වූහ. උතුරේ ජනතාවගේ සම්ප්‍රදාය ආරක්ෂා වන ලෙස යාපනයේ ශාකාවේ සියලුම සන්නාම කටයුතු සිදු කර තිබීමත්, ඉපැරණි යාපනයේ සංස්කෘතිය විදහා දක්වමින් ශාඛාවේ අභ්‍යන්තර කටයුතු විචිත්‍රවත් කර තිබීමත් සුවිශේෂත්වයකි. උසස් අධ්‍යාපන, මූල්‍ය ආදී ආයතන රැසක් මෑත කාලීනව යාපනය කේන්ද්‍රීයව නිර්මාණය වීමත් සමඟ යාපනයේ ජනතාවට වඩාත් පහසු හා කඩිනම් ලෙස සිය රක්ෂණ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට සහාය වීමට යාපනය ශාඛාව සූදානමින් සිටී.

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් අඛණ්ඩව දෙස් විදෙස් සම්මාන රැසකට පාත්‍ර වෙමින් කොවිඩ් වසංගත තත්ත්වය වැනි අභියෝග හමුවේ වුවද ශක්තිමත් ව්‍යාපාර වපසරියක් පවත්වා ගෙන යමින් ප්‍රජා සත්කාරක වැඩසටහන් ගණනාවක් දිවයින පුරා දියත් කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ සමාගමක් ලෙස හැඳින්විය හැකිය. එමෙන්ම දිවයින පුරා සියලුම ජනතාවට වඩාත් ලෙන්ගතු සේවාවක් සපයමින්, සියලු ජීවිත රක්ෂණ අවශ්‍යතා සඳහා එකම වහලක් යටතේ සේවා සැපයීමේ පරමාර්ථය ඇතිව පාරිභෝගිකයන්ට ඉතා ඉහළ විශ්වාසනීය ප්‍රතිලාභ හා සේවා සපයන්නෙකු ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දක්වමින් ක්‍රියාත්මක වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් දිවයින පුරා විිසිරුණු ශාඛා 100කට ආසන්න සංඛ්‍යාවක් ඇති දැවැන්ත රක්ෂණ සමාගමකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව