සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කාර්ය මණ්ඩලයට පුහුණු වැඩසටහන් මාලාවක් අරඹයි

SANASA LIFE (LBN)

 



 

 

රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සන්නාමයක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් තම සේවක මණ්ඩලයේ අභිවෘද්ධිය උදෙසා මානව සම්පත් හා ස්ථාපිත කිරීම් දෙපාර්තමේන්තුව සහ මානව සම්පත් පුහුණු හා සංවර්ධන දෙපාර්තමේන්තුව එක් වී එළිමහන් සංවර්ධන පුහුණු වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි. ආයතනයේ අලෙවි බලකාය සහ ආයතනයේ නිලධාරීන් අභිප්‍රේරණය කරමින් ඉදිරි සැළසුම් කරා ජයග්‍රාහීව යෑමට අවශ්‍ය දැනුම සැපයීම, ආකල්ප හා කුසලතා සංවර්ධනය සහ සන්නිවේදන හැකියාව වර්ධනය කිරීම මෙම වැඩසටහන් මාලාවේ අරමුණයි. Cognito Asia Outbound Training in Sri Lanka ආයතනයේ සම්පත් දායකත්වයෙන් සංවිධානය කරන මෙම වැඩසටහන සඳහා ආයතනයේ සියලුම නිලධාරීන් කණ්ඩායම් 6ක් යටතේ සහභාගී කරවීමට සැළසුම් කර ඇති අතර මේ වන විට කණ්ඩායම් 3ක් ඒ සඳහා සහභාගි වී ඇත. හික්කඩුවේ පිහිටි තරු පන්තියේ සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයක පැවැත්වෙන මෙම පුහුණු සැසිවාරයේදී එයට සහභාගිවන්නන්ගේ නායකත්ව ගුණාංග, කණ්ඩායම් හැඟීම, සන්නිවේදන හැකියාව සහ ස්ථානෝචිත ප්‍රඥාව වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

“ජයග්‍රාගී මාවතක අඛණ්ඩව ගමන් කරන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් එහි සේවක මණ්ඩලයේ අභිවෘද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් කැප වී සිටිනවා. ආයතනයේ ඉදිරි දැක්ම සාර්ථකත්වය කරා ගෙන යාමට අවශ්‍ය සැළසුම් සඳහා එහි වෘත්තිකයන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා මුවහත් කිරීමේ අරමුණින් මෙම පුහුණු වැඩසටහන් මාලාව සංවිධානය කරනවා. ඒ තුළින් ආයතනයේ තිරසාර, ඵලදායී හා කාර්යක්ෂම සේවක පරිසරයක් ස්ථාපිත කිරීමටද හැකි වෙනවා.” මානව සම්පත් හා ස්ථාපිත කිරීම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී නිලන්ත පියසේන මහතා පැවසීය. දිවයිනේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම යන සම්මානය ඇතුළු දෙස් විදෙස් සම්මාන රැසක් දිනමින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ දැවැන්ත රක්ෂණ සමාගමක් බවට පත් වී ඇත. වර්තමානයේදී සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සිය ශාඛා ජාලයේ ව්‍යාප්තිය වර්ධනය කරමින් ශාඛා 100කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා පිහිටුවමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක් සපයමින් සිටියි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව