සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් පොසොන් පොහොයට නගර 29ක දන්සැල් පවත්වයි

SANASA (LBN)

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පොසොන් පොහොය නිමිත්තෙන් රට පුරා ස්ථාන 29ක අයිස්ක්‍රීම් දන්සැල් සංවිධානය කර තිබිණි. අනුරාධපුර, තඹුත්තේගම, පොල්ගහවෙල, කෑගල්ල, මහනුවර, දඹුල්ල, කුරුණෑගල, කුලියාපිටිය, වෙන්නප්පුව, නිකවැරටිය, පොල්පිතිගම, පොළොන්නරුව, පිළිමතලාව, වාරියපොළ, කඩුවෙල, ගම්පහ, හෝමාගම, හොරණ, පානදුර, කළුතර, මාතර, ඇඹිලිපිටිය, වලස්මුල්ල, අම්බලන්තොට, සූරියවැව, බදුල්ල, රුවන්වැල්ල සහ කැකිරාව යන ප්‍රදේශවල සහ කොළඹ පිහිටි එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු දන්සැල්වලට විශාල පිරිසක් සහභාගී වූහ. එම ශාඛාවල කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සහ ප්‍රදේශවාසී ජනතාවගේ ශ්‍රම දායකත්වයෙන් එම දන්සැල් පැවැත්විණි.
 



 

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 30ක ඉතිහාසයක් සහිත සණස රක්ෂණ සමාගම් සමූහයේ සාමාජිකයෙකු ලෙස 2019 වසරේදී ආරම්භ වූ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ආරම්භයේ සිට මේ දක්වා වේගවත් වර්ධනයක් ලබා තිබේ. පුළුල් පරාසයක විහිදුණු ප්‍රයෝගික සහ නව්‍ය රක්ෂණ විසඳුම් රැසක් හඳුන්වා දී ඇති එම සමාගම සෑම විටම පාරිභෝගික සහ කාලීන අවශ්‍යතා ප්‍රමුඛ කර සළකයි. සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ව්‍යාපාර කටයුතුවලින් ඔබ්බට යමින් නිරන්තරයෙන් ආයතනික සමාජ වගකීම් මැනවින් ඉටු කරමින් සමාජ සුභ සාධන ව්‍යාපෘතිවල නිරත වේ. පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කළ මෙම දන්සැල් මාලාව එහි තවත් පියවරකි. මෙවැනි ව්‍යාපෘති තුළින් ප්‍රජා යහපත තහවුරු කිරීම සහ ව්‍යාපාර අරමුණුවලින් ඔබ්බට යමින් ජනතාව සමඟ සම්බන්ධ වීම සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ අරමුණයි.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව