සණස ඉන්ෂුවරන්ස් සම්මාන උළෙලේදී සණස කළමනාකාරීත්වය ඉදිරිපත් කළ සංගීත විශේෂාංගයට ඉහළ අවධානයක්

SANASA (LBN)

 



 

 

තරගකාරී රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන දැවැන්තයන් දෙදෙනෙක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සහ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් ආයතන ද්විත්වයේ විශිෂ්ටයන් ඇගැයීම පසුගිය දා ශ්‍රැන්ග්‍රි ලා හෝටල් පරිශ්‍රයේ අභිමානවත් අන්දමින් සිදු විය. එහි ඉතා සුවිශේෂ අංගයක් ලෙස සණස ඉන්ෂුවරන්ස් සමාගමේ කළමණාකාරීත්වය ඉදිරිපත් කළ සංගීතමය විශේෂාංගය සියලු දෙනාගේ අවධානයට ලක් වූ අතර එය මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල විශාල කතාබහකට ලක්වී තිබේ. SANASA Insurance Award 2022 ලෙසින් පැවැත්වූ මෙම සම්මාන උළලේදී ආයතන ද්විත්වයේ අලෙවි විශිෂ්ටයන් ඇගැයීම, කණ්ඩායම් නායකයන් හා නියෝජිතයන් ඇගැයීම, වසර 10කට වැඩි කාලයක් ආයතනයේ සේවයේ නියුතු සේවකයන් ඇගැයීම, විශිෂ්ටයන්ගෙත් විශිෂ්ටයන් ඇගැයීම සිදුවුණු අතර විශිෂ්ටතා  කුසලතා සම්මාන, සහතික, වවුචර්, විදේශ සංචාර හා  දිවයිනේ තරු පන්තියේ හෝටල්වල භෝජන සංග්‍රහ ආදිය පිරිණැමුනු අතර නර්තන අංග සහ විනෝදාත්මක වැඩසටහන් ගණනාවකින් මෙම උත්සවය විචිත්‍රවත් විය. එම වීඩියෝව පහතින් නරඹන්න. https://www.facebook.com/SANASALIFE/videos/980048283102113

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව