“සණස ඉදිරියˮ වැඩසටහන මෙවර යාපනය දිස්ත්‍රික්කයට

SANASA IDIRIYA IMAGE - 2 (LBN)

සණස සමූහයේ නායක ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයකට අනුව බිහි වුණු “සණස ඉදිරියˮ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ජූලි 18 සහ 19 යාපනයේ ටිල්කෝ හෝටලයේදී පැවැත්විණි. එයට ප්‍රදේශයේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පක්ෂ නියෝජිතයෝ සහභාගී වූහ. ප්‍රධාන ආරාධිතයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන් සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීහු සහභාගී වූහ. පළමු දිනයේදී “සණස ඉදිරියˮ සංකල්පයට අනුව දේශපාලඥයන්, රාඡ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශය දැනුවත් කළ අතර දෙවන දිනයේදී නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් පෙළ ගැසිය යුතු ප්‍රධාන පාර්ශ්වයක් වන මහ ජනතාව දැනුවත් කරන ලදී. මේ අවස්ථාවට සණස සාමාජිකයන් වන හා නොවන පන්සීයක් පමණ සහභාගී වූ අතර කිරිවන්දෙණිය මහතා “සණස ඉදිරියˮ ව්‍යුහය විස්තරාත්මකව හඳුන්වා දුන්නේය.

 




 

පිරිස ඇමතූ කිරිවන්දෙණිය මහතා පැවසුවේ ආර්ථික වශයෙන් රට පත් වී සිටි තත්ත්වය දුටු විට තමන් ඇතුළු සණස සමුහයේ පාලකයන්ගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා ක්‍රියාත්මක කළ හැකි “සණස ඉදිරියˮ සංකල්පය සේවා ආර්ථිකයකට එහා ගිය නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීම වෙනුවෙන් ඉදිරිපත් කළ බවයි. සිංහල, දෙමළ, මුස්ලිම් ආදී සියලුම ජන කොටස් ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එක් වී මෙම ආර්ථික වැඩපිලිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලාංකිකයන්ට යහපත් අනාගතයක් නිර්මාණය කළ හැකි බව ඔහු වැඩි දුරටත් පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන් මහතා පැවසුවේ සණස නායකතුමාගේ සංකල්පය කාලෝචිත බවත්, ඊට තමන් ඇතුළු ප්‍රදේශවාසීන් උපරිම සහයෝගය දෙන බවත්ය. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සභාපති එස්. පී. ගජේන්ද්‍ර සහ සණස මහා සංගමය නියෝජනය කරමින් එහි උප සභාපති ඒ. ඩී. වලිසිංහ ඇතුළු සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සහ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් යන ආයතන ඇතුළුව සණස සමුහය නියෝජනය කරමින් බොහෝ පිරිසක් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට මෙම අවස්ථාවට සහභාගී වූහ.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව