සංචාරක කර්මාන්තයේ තරුණ කුසලතා වර්ධනයට සූපවේදී පීටර් කුරුවිට ඕස්ට්‍රේලියාව සමග එක්වේ

IMAGE-2 (LBN)

 



 

 

ඕස්ට්‍රේලියානු රජයේ අරමුදල්වලින් අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව ක්‍රියා කරන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG) විසින් මෙරට තරුණ තරුණියන් සවිබල ගැන්වීම සහ සංචාරක ක්ෂේත්‍රය නංවාලීම උදෙසා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ ඒකාබද්ධව අහංගම හෝටල් පාසල සදහා නව වෘත්තීය සූපවේදී පුහුණු මධ්‍යස්ථානයක් පිරිනමන ලදී. වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති Air Vice Marshal (විශ්‍රාමික) ප්‍රසන්න රණසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා 2023 අගෝස්තු 21 වැනි සඳුදා මෙම පුහුණු මධ්‍යස්ථානය විවෘත කළහ.

මෙම වෘත්තීය ආහාර පිසිමේ පුහුණු පාඨමාලාව, ශ්‍රී ලංකා සූපවේදී සංසදය සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය ඒ්කාබද්ධව සංවර්ධනය කර ඇති අතර ලෝක සූපවේදීන්ගේ සංසදය සහ Australian TAFE අනුමත කළ ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පාඨමාලාවකි.

“දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට ඕස්ට්‍රේලියාව සපයන සහාය හරහා ශ්‍රී ලාංකිකයන්ගේ නිපුණතාවල සහ කුසලතාවල ගුණාත්මක වර්ධනයක් සිදු කිරීමට දායක වී තිබෙනවා. S4IG වැඩසටහන හරහා දිවයින පුරා නිපුණතා සංවර්ධනය සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් සිදු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරක වටිනාකම් වැඩි දියුණු කිරීම අපගේ අරමුණයි. තිරසාර රැකියා උත්පාදනය සඳහා, විශේෂයෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සහ කාන්තාවන් ඇතුළු විශාල පිරිසකට ආදායම් ඉපැයීමේ අවස්ථා වර්ධනය කිරීම සඳහා මෙම වැඩසටහන දායක වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” මහ කොමසාරිස් ස්ටීවන්ස් මහතා පැවසුවේය.

නිල වශයෙන් පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමට පෙර, ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියානු සූපවේදියෙකු, ආපනශාලා හිමියෙකු, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු මෙන්ම කතුවරයෙකුද වන පීටර් කුරුවිට මහතා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය සූපවේදී පුහුණුකරුවන් පිරිසක් සමඟ සිය විශේෂඥ දැනුම හුවමාරු කර ගනිමින් සූප ශාස්ත්‍රය හා කර්මාන්තය පිළිබඳ දැනුම සැපයීය. සිසුන් සහ සූප ශාස්ත්‍රය යන දෙඅංශයටම ප්‍රතිලාභ සපයමින් S4IG ව්‍යාපෘතිය විසින් සූප ශාස්ත්‍ර කර්මාන්තය රජය ක්‍රියාත්මක කරන සූප ශාස්ත්‍ර පුහුණු වැඩසටහන් සමඟ ප්‍රායෝගික ලෙස සම්බන්ධ කරනු ලබන අයුරු එහිදී සඳහන් විය.

මෙම මුල පිරීම නිපුණතාවලින් සපිරි ශ්‍රම බලකායක් බිහි කිරීමෙන් ශ්‍රී ලංකාවේ තිරසාර, වගකීම්සහගත සහ ප්‍රබෝධවත් සංචාරක කර්මාන්තයක් ඇති කිරීමට ඕස්ට්‍රේලියානු රජය දායක වන ව්‍යාපෘති රැසක්   අතරින් එකකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව