ශ‍්‍රී ලංකාව තුළ හෘද වාහිනී රෝග විනිශ්චය ඉහළ නැංවීම සඳහා නවලෝක රෝහල විසින් Philips Azurion 7 C20 ක්‍20 කැතීටරකරණ යන්ත‍්‍රයක් හඳුන්වා දෙයි

Image 01_Philips Azurion 7C20

 



 

 

 

ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක රෝහල් ශ‍්‍රී ලංකාවේ හෘද වාහිනී රෝගීන් සඳහා සපයනු ලබන රෝග විනිශ්චය කිරීමේ ගුණාත්මකභාවය සහ නිරවද්‍යතාවය ඉහළ නැංවීම සඳහා නවීනතම Philips Azurion 7 C20 කැතීටරකරණ යන්ත‍්‍රය හදුන්වාදෙන ලදී. මෙය Image-guided therapy system එකක් වන අතර නවෝත්පාදනයන් සමඟ සායනික විශිෂ්ටත්වය ඒකාබද්ධ කිරීමෙන් රෝගී සත්කාර ලබා දීමට සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි කිරීමට අරමුණු කරයි.

”රෝග සංකීර්ණ වීමට සමගාමීව ඊට ප‍්‍රතිකාර කරන ක‍්‍රමද වැඩි දියුණු විය යුතුයි. එමෙන්ම විවිධ විෂය ක්ෂේත‍්‍රවල වෛද්‍යවරුන් වැඩි සංඛ්‍යාවක් රෝගියා අසල සිටීමට අවශ්‍ය වේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සායනික කණ්ඩායමට දැඩි ලෙස සීමා සහිත පරිසරයක් තුළ වඩාත් අභියෝගාත්මක සේවාවක් ලබා දීමට අවශ්‍යයි.”

”මෙවැනි සන්දර්භයක් තුළ සායනික කණ්ඩායම්වලට වඩා හොඳින් වැඩ කිරීමට උපකාර කිරීම පමණක් නොව වඩාත් නිවැරදි රෝග විනිශ්චය සහ ඉක්මන් ප‍්‍රතිකාර ලබා දීම සඳහා අපගේ සේවා ජාලයට මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ යන්ත‍්‍රයක් කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. පුද්ගලික සෞඛ්‍ය සේවා අංශයේ පුරෝගාමියෙකු ලෙස නවලෝක රෝහල් ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට නවීනතම උපකරණ සහ මෙවලම් හඳුන්වාදීමේදී සෑම විටම පෙරමුණ ගෙන සිටින්නේ සියලූම රෝගීන් සඳහා උසස් මට්ටමේ ප‍්‍රතිකාර ලබාදීමට හැකිවන ලෙසයි.” යනුවෙන් නවලෝක රෝහලේ කැත් රසායනාගාරයේ ප‍්‍රධානී නදීකා හේමචන්ද්‍ර මහත්මිය ප‍්‍රකාශ කළාය.

Philips Azurion 7 C20  හරහා නවලෝක රෝහල් ස්මාර්ට් CT පහසුකම සහිත රටේ එකම පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා බවට පත් කරයි. එය ස්නායු පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, බාහිර පද්ධතිය, මොළය සහ පිළිකා ආශ‍්‍රිත ගැටළු නිවැරදිව හඳුනාගෙන ප‍්‍රතිකාර කිරීම සඳහා ලොව පුරා සිටින සෞඛ්‍ය සේවා දැවැන්තයින් විසින් භාවිතා කරන ජාත්‍යන්තර මට්ටමේ යන්ත‍්‍රයයි. සාමාන්‍ය CT හෝ MRI යන්ත‍්‍ර මෙන් නොව නව යන්ත‍්‍රය මඟින් රෝගියා X-කිරණවලට නිරාවරණය වීම බෙහෙවින් අඩු කරන අතර අයඩින් ප‍්‍රතිවිරුද්ධ මාධ්‍යවල අවශ්‍යතාවය අඩු කරයි. මෙම මූලද්‍රව්‍ය වලට නිරාවරණය වීමෙන් ඇති වන අතුරු ආබාධ ඇතිවීමේ අවදානම අඩු කරයි. ආඝාතය වැනි හදිසි අවස්ථා සම්බන්ධයෙන් ගත් විට Azurion 7 C20 මගින් රෝගීන් ඉක්මනින් හා වඩාත් ඵලදායී ලෙස රෝග විනිශ්චය කිරීමට, ප‍්‍රතිකාර කිරීමට සහ ස්ථාවර කිරීමට හැකියාව ලබා දෙයි.

තවද යන්ත‍්‍රයේ Flex C වර්ගයේ හස්තයක් තිබීම හේතුවෙන් වෙනම CT Scan හෝ MRI පහසුකම් නොමැතිව වෛද්‍යවරුන්ට ශරීරයේ 2D සහ 3D රූප දෙකටම ප‍්‍රවේශ විය හැකියි. වෛද්‍යවරයා පද්ධතිය චලනය කරන විට රූප කදම්භය ස්වයංක‍්‍රීයව රෝගියා සමඟ පෙළගැස්ම පවත්වා ගෙන යන අතර වඩාත් ස්ථාවර දෘශ්‍යකරණයට ඉඩ සලසයි. එමෙන්ම ප‍්‍රතිකාර කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීමට සහ රෝග විනිශ්චය නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීමට ඔවුන්ට හැකි වේ. රෝගියෙකු ඔවුන්ගේ පෙර MRI සහ CT ස්කෑන් වල සීඞී තැටි ගෙන එන්නේ නම් මෙම දත්ත භාවිතයෙන් ශරීරයේ සම්පූර්ණ ත‍්‍රිමාණ රූපයක් නිර්මාණය කිරීමට Azurion භාවිතයෙන් ඒවා ආවරණය කළ හැකි අතර නිවැරදි රෝග විනිශ්චය අනාවැකි පළ කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලයට හැකි වේ. මෙම නව හඳුන්වාදීමත් සමඟ දිවයින පුරා සිටින විශේෂඥයින් සහ වෛද්‍යවරුන් නවලෝක රෝහල් කැත් රසායනාගාරය සමඟ අඛණ්ඩව හවුල් වී මෙම පද්ධතියේ ප‍්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඔවුන්ගේ රෝගීන්ට ඉහළ ප‍්‍රමිතියකින් යුත් ප‍්‍රතිකාර ලබා දෙයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව