ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ Triton Aquatics ක්‍රීඩා සමාජය 2023 විදුදය – රිට්ස්බරි පිහිනුම් ශූරතාවලියේ ජය කෙහෙළි නංවයි

02 (LBN)

 



 

 

2023 ජුනි 01, කොළඹ: 2023 විදුදය – රිට්ස්බරි පිහිනුම් ශූරතාවලිය පසුගියදා අති-සාර්ථක ලෙස නිමාවට පත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශය මගින් සංවිධානය කරන ලද මෙම තරගාවලියේ පුර්ණ අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන රිට්ස්බරි (Ritzbury) කටයුතු කරන ලදී. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පිහිනුම් තටාක සංකීර්ණයේදී පැවති මෙම තරගාවලියේදී මෙරට නැගී එන පිහිනුම් ශූරයන් සහ ශූරියන් රැසකගේ දක්ෂතා දැකගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබිණි.

මෙහිදී, ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පිහිනුම් කණ්ඩායම කැපීපෙනෙන දස්කම් දක්වමින් ලකුණු 415 ලබාගෙන සමස්ත පිරිමි ශූරතාව දිනාගැනීමට සමත් විය. එමෙන්ම ජ්‍යෙෂ්ඨ ශූරතා කාණ්ඩයේ ජය වර්තා කරගැනීමටද ඔවුන් සමත් වීම විශේෂත්වයකි. ලකුණු 337 ක් ලබාගත් Triton Aquatics ක්‍රීඩා සමාජයට මෙහි දෙවැනි ස්ථානය හිමි විය.

එසේම, ලකුණු 329 ක් ලබාගත් Triton Aquatics කාන්තා කණ්ඩායම සමස්ත කාන්තා ශූරතාව දිනාගත් අතර දෙවැනි ස්ථානය නුගේගොඩ අනුලා විද්‍යාලය විසින් දිනාගන්නා ලදි.

මෙවර තරගාවලියට පාසල් සහ ක්‍රීඩා සමාජ 300 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් තරගකරුවන් සහ තරගකාරියන් 1,000 කට අධික පිරිසක් සහභාගී වූහ. වයස අවුරුදු 10 න් පහළ, 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ යන කාණ්ඩ යටතේ තරග පැවැත්විණි. සෑම කාණ්ඩයකම ඉහළම දක්ෂතා පෙන්නුම් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනමන ලද අතර, තරගාවලියට සහභාගී වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහතිකපත් පිරිනමන ලදි.

පිහිනුම් ක්‍රීඩාවට අමතරව, Super 16 Junior Rugby Carnival, Ritzbury Sir John Tarbert Athletics Championship, Ritzbury Junior National Squash Championship, Ritzbury Junior Rugby Carnival සහ SLTA All Island School Kids Tennis Play Day වැනි තරගාවලි රාශියකටද රිට්ස්බරි සිය අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබේ. රටේ තරුණ පරපුර අතර ක්‍රීඩා කුසලතා නැංවීමේ අරමුණින් රිස්ට්බරි අඛණ්ඩව මෙම මෙහෙවරට උරදෙමින් සිටී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව