ශ්‍රී ලාංකීය වෙළෙඳපොළට හඳුන්වා දුන් DYNO Scooby ස්කූටරයට වසරක් සපිරෙයි

1694746618922 (LBN)

 



 

 

DYNO Scooby 125 EFI ස්කූටරය ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාවට හඳුන්වා දී වසරක් සපිරෙයි. ගත වූ වසරක කාලය තුළ ඉතාමත් විශිෂ්ට නිමාවකින් සහ කල්පැවැත්මකින් මෙන්ම පාරිභෝගිකයාට සුවපහසු ගමනක් යෑමේ අවස්ථාව ලබා දීමට ඉවහල් වන ලෙසින් මෙරට දී එකලස් කරනු ලැබූ DYNO Scooby 125 EFI ස්කූටරය වටා විශාල පාරිභෝගික පිරිසක් මේ වනවිට ඒකරාශී වී සිටී.

ශ්‍රී ලංකාවේ දක්ෂතම කාර්මික ශිල්පීන් අතින් නිෂ්පාදනය වූ උපාංග 14ක් DYNO Scooby 125 EFI ස්කූටරය එකලස් කිරීම සඳහා යොදා ගනු ලැබේ. දේශීයව නිෂ්පාදනය කරන ලද ඉතාමත් උසස් තත්ත්වයේ උපාංග එක් කරමින් මෙරට මනා දැනුමකින් හෙබි තාක්ෂණික ශිල්පීන්ගේ දෑතින් එය සිදු කරනු ලබන්නේ Dyno Innovations (Pvt) Ltd සමාගම සතු එකලස් කිරීමේ අංගනයක් තුළදීය.

ඉහළම ඉන්ධන පිරිමැස්මක් සහිත EFI තාක්ෂණය, ඩිජිටල් මීටර පද්ධතිය, වැඩි ඉඩකඩ, පසුපස ද්විත්ව ෂොක් ඇබ්සෝබර්,රළු මාර්ගවලදී පවා සුවපහසු සහ ස්ථායි ධාවනය, ඉදිරිපස DISC බ්‍රේක් පද්ධතිය වැනි අංගෝපාංගයන්ගෙන් සමන්විත වන නිසා DYNO Scooby 125 EFI ස්කූටරය පාරිභෝගිකයන් අතර ජනාදරයට පත්ව ඇත. වෙළෙඳපොළේ ඇති ස්කුටර මාදිලි අතර අවම මූලික ගෙවීමක් වන රුපියල් 119,985ක මූලික ගෙවීමක් කර මිලදී ගත හැකි DYNO ස්කූටරය රුපියල් 12,795/- ක අවම මාසික වාරිකයක් යටතේ මිලදී ගත හැකිය.

වසර 2ක හෝ කිලෝමීටර් 30,000ක වගකීම් කාලයක් සහ සම්පුර්ණයෙන්ම නිදහස් සේවා වාර 2ක් පාරිභෝගිකයන්ට DYNO ස්කූටරය පිරි නමයි.

ඉහළම පාරිභෝික සේවාවක් ලබාදීම වෙනුවෙන් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අලෙවි ස්ථාන 60 කට අධික ප්‍රමාණයක්, සේවා ස්ථාන 82කට සහ අමතර කොටස් අලෙවි ස්ථාන 82කට අධික ප්‍රමාණයක් දැනට ස්ථාපිත කර ඇත.

DYNO Scooby 125 EFI ස්කූටරය ශ්‍රී ලංකාව තුළ අලෙවිය සහ බෙදාහැරීම සිදු කරන Inventive Automobiles (Pvt) Ltd ආයතනය තවදුරටත් මෙම පාරිභෝගික සේවාවන් පුළුල් කිරීමේ කටයුතු සිදු කරමින් සිටී.

වසරක කාලයක් පුරා DYNO Scooby 125 EFI ස්කූටරය වෙත විශ්වාසය තබමින් තමන් සමඟ සිටි පාරිභෝගික ජනතාවට Inventive Automobiles (Pvt) Ltd ආයතනය සිය ස්තූතිය පිරිනමනු ලබයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව