ශ්‍රී ලාංකීය රක්ෂණ ව්‍යාපාරයේ උන්නතිය උදෙසා ශ්‍රී ලංකා රක්ෂණ සංගමය පෙරට

MD 3

 




 

 

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් 2021 සැප්තැම්බර් මස 01 වැනිදා ට යෙදුන “ජාතික රක්ෂණ දිනය” පසුගියදා සමරන ලදී. සෑම වසරකම සැප්තැම්බර් මාසය “රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය” ලෙස සලකා කටයුතු කරමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වෙත රක්ෂණයෙන් ලැබෙන ප්‍රතිලාභ හා රටක් වශයෙන් ළඟා කරගත හැකි ජයග්‍රහණ පිළිබඳ රට තුළ පුළුල් කතිකාවතක් ගොඩනැංවූ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය, COVID-19 වසංගතය හමුවේ කාලානුරූපීව වෙනස් වූ ශ්‍රී ලාංකීය සමාජ අවශ්‍යතා සහ වෙළෙඳපොළ නිර්මාණය වූ නව ප්‍රවණතා හඳුනාගනිමින් රක්ෂණයේ වැදගත්කම හා වටිනාකම ශ්‍රී ලාංකික ජනතාව වෙත වඩාත් හොඳින් වටහා දීම වෙනුවෙන් මෙවර රක්ෂණ මාසයේ ක්‍රියාත්මක වෙයි. යහපත් ජීවන රටාවක් සහ සෞඛ්‍ය පහසුකම් සම්පාදනය කරගැනීමෙහිලා මගපෙන්වන රක්ෂණ සේවාවන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙවර “රක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ මාසය” ක්‍රියාත්මක කෙරේ.

වසංගත තත්ත්වයේ බලපෑම ශ්‍රී ලංකා රජයේ සාමාන්‍ය ක්‍රියාවලියට බලපෑම් කළ ආකාරයටම රක්ෂණ කර්මාන්තයටත් බලපෑම් කළ බව පැවසූ IASL සභාපති ඉෆ්තිකාර් අහමඩ් මහතා — රක්ෂණ සමාගම් COVID-19 වසංගත අභියෝග තත්ත්වය නොසලකා හරිමින් රක්ෂණ ඔප්පුහිමියන්ගේ හානිපූර්ණ ගෙවීම් සිදුකරන්නට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කළා. වසංගතයේ තෙවන රැල්ලත් හතරවන රැල්ලත් එක්ක සැබෑ අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන්ට අත්වැලක් වීම ජාතික වගකීමක් ලෙස සලකා අපගේ රක්ෂණ සමාගම් කටයුතු කළා. රක්ෂණ ඔප්පු හිමියන්ට පහසුකම් සලකනවා වාගේම රක්ෂණ ක්ෂේත්‍රයේ නියැලි රක්ෂණ වෘත්තිකයන්ගේ වෘත්තීය හා ජීවන තත්ත්වයත් උසස් කරන්නටත් අප නොපමාව කටයුතු කරමින් සිටිනවා. රක්ෂණ වෘත්තිකයන් බලාපොරොත්තුවෙන් පසුවෙන ජාතික රක්ෂණ සම්මාන උළෙල රටේ පැවතුණ තත්ත්වය හමුවේ අපිට පසුගිය වසරේ පවත්වන්නට නොහැකි වුණා. 2019 හා 2020 වසරවල දීප්තිමත් දස්කම් දැක්වූ රක්ෂණ වෘත්තිකයන් අගයමින් සැප්තැම්බර් මාසයේ 01 වැනිදා ජාතික රක්ෂණ සම්මාන ප්‍රදානය කිරීම මෙවර අන්තර්ජාලගත උත්සවයක් ලෙස අප පැවැත්වූවා.˜ යැයි පැවසීය.

මෙවැනි අභියෝග සම්පන්න කාලවකවානුවක ශ්‍රී ලාංකීය රක්ෂණ සමාගම් ගනුදෙනුකාරභවතුන් හා කටයුතු කරමින් සාර්ථකත්වයට ලඟාවිය යුත්තේ කෙසේදැයි තම අදහස පැහැදිළි කළ අහමඩ් මහතා — රක්ෂණය හා රැකවරණය පිළිබඳ ශ්‍රී ලාංකික මහජනතාවගේ විශේෂ අවධානයක් මේ කාලයේ යොමුවී තිබෙනවා. ඒ තත්ත්වය හඳුනාගෙන රක්ෂණ ඔප්පු හිමියන් බලාපොරොත්තුවෙන ප්‍රතිලාභ ලබා දෙමින් සියළු දෙනා හට සමාන ආකාරයෙන් රැකවරණය ලබාදෙන රක්ෂණ සේවා සම්පාදනය කිරීම මේ මොහොතේදී ඉතා අවශ්‍යයි.˜ යැයි පැවසීය.

2021 රක්ෂණ මාසය රක්ෂණයේ වැදගත්කම හා වටිනාකම පිළිබඳ කාලීන සංවාදයක් ඇතිකරමින් ක්‍රියාත්මක වන අතර දේශීය රක්ෂණ සමාගම් විසින් ශ්‍රී ලාංකිකයන්ගේ ආදායම් තත්ත්වය හා ඒ ඒ පුද්ගල ස්වභාවයන් අනුව නිර්මාණශීලී ලෙස සැලසුම් කරන ලද රක්ෂණ ඔප්පු ඩිජිටල් අවකාශයක් තුළදී ආරක්ෂාකාරී ලෙස ලබාගනිමින් රක්ෂණයේ ප්‍රතිලාභ අත් කරගන්නට අවස්ථාව සලසා දී තිබේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව