ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම වෙත නිකුත් කළ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රය අත්හිටුවයි

CBSL (6)

 



 

 

 

ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි  විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් 2022.03.30 දින ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදුකරන ලදී. එකී විමර්ශනයට අනුව, ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් ඔවුන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත තම ගනුදෙනුකරුවන් වෙත ලබා දී විදේශ මුදල් මිලදී ගන්නා බවත්, එමගින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ බලයලත් මුදල් හුවමාරු කරන්නන් වෙත නිකුත් කරන ලද විධානයන් කඩ කරන බවත් නිරීක්ෂණය විය.

ඒ අනුව, විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමට නිකුත් කර ඇති බලපත්‍රය 2022.03.31 දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව අත්හිටුවීමට මහ බැංකුව තීරණය කර ඇත.

2022.03.31 දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමට බලයලත් මුදල් හුවමාරු කරන්නෙකු ලෙස මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල යෙදීමට තවදුරටත් අවසර නොමැති බව මෙයින් මහජනතාවට දැනුම් දෙනු ලැබේ. තවද, මෙම අත්හිටුවන ලද කාල සීමාව තුළ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම සමඟ කරන ඕනෑම ගනුදෙනුවක් විදේශ විනිමය පනතෙහි ප්‍රතිපාදන උල්ලංඝණය කිරීමක් ලෙස සැලකෙන බව ද මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සම්බන්ධයෙන් ස්ථානීය විමර්ශන තීව්‍ර කර ඇති අතර විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති උපදෙස්වලට අනුගත නොවන බලයලත් මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර අත්හිටුවීමට/අවලංගු කිරීමට ද කටයුතු කරනු ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + twenty =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව