ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණුකරුවන් තිස්දෙනක් BWF Level 1 සහතික ලබති

1703217519968 (LBN)

 



 

 

දේශීය බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා සංවිධාන කළ ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ පළමු ශ්‍රේණියේ පුහුණු වැඩසටහන (BWF Level 1 Coach Education Program) පසුගියදා සාර්ථකව නිමාවට පත් විය. ජාතික බැඩ්මින්ටන් ක්ෂේත්‍රයට ඉහළම මට්ටමේ සුදුසුකම්ලාභී පුහුණුකරුවන් දායාද කිරීමේ අරමුණ ඇතිව බුද්ධික ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු සහ සංවර්ධන කමිටුව මගින් මෙහෙයවනු ලැබූ එම පුහුණු වැඩසටහනට 30දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වූ අතර, සියලු පුහුණුකරුවන්ට පුහුණු සැසිය අවසානයේදී සහතිකපත් පිරිනමනු ලැබීය.

ආසියානු බැඩ්මින්ටන් සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ සංවර්ධන විධායක ඇන්ඩි මොහොමඩ් සහ ආසියානු බැඩ්මින්ටන් සම්මේලනයේ සංවර්ධන නිලධාරී නිකිල් චන්ද්‍ර ඩාර් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සහතික පිරිනැමීමේ උත්සවයට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ තාක්ෂණික කමිටු සභාපති රොෂාන් ප්‍රනාන්දු, බැඩ්මින්ටන් ආයතනයේ ලේකම් අජිත් විජේසිංහ, බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු සහ සංවර්ධන කමිටුවේ සභාපති බුද්ධික ද සිල්වා, බැඩ්මින්ටන් ආයතනයේ භාණ්ඩාගාරික සහ පුහුණු සහ සංවර්ධන කමිටුවේ ලේකම් මංගල ගමගේ, ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ අධ්‍යාපනවේදී පවිත්‍ර අබේසිරි ගුණවර්ධන සහ පුහුණු හා සංවර්ධන කමිටුවේ බිමල් කොතලාවල මහත්වරු ද සහභාගි වූහ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව