ශ්‍රී ලංකා කනිෂ්ට බැඩ්මින්ටන් කණ්ඩායම ආසියානු ශූරතාවලියට යයි

pexels-vlad-vasnetsov-2202685

 



 

 

අවුරුදු 19න් පහළ ආසියානු කනිෂ්ට බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වීමට ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දුනීසියාව බලා පිටත්ව ගියේය. ඉන්දුනීසියාවේ යොග්යාකර්ටා නුවර පැවැත්වෙන මේ ශූරතාවලියට මිශ්‍ර කණ්ඩායම් තරග සහ ඒකල තරග ඇතුළත් ය. ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ඉන්දුනීසියා බැඩ්මින්ටන් ආයතනය ශූරතාවලිය සංවිධාන කර තිබේ.

කණ්ඩායම් 14ක් තරග වදින මිශ්‍ර කණ්ඩායම් ශූරතාවලිය මේ මස 11 වැනිදා දක්වා පැවැත්වෙන අතර, 12 වැනිදා සිට 16 දක්වා ඒකල තරග අංශය පැවැත්වේ.  ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වීමට නියමිතව ඇත්තේ ඒකල තරග අංශයට පමණි.

ශ්‍රී ලංකා කනිෂ්ට බැඩ්මින්ටන් කණ්ඩායමේ පුහුණුකරු සහ කළමනාකරු ලෙස බිමල් කොතලාවල මහතා සමඟ ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස සුමිත්‍රා දිසානායක මහත්මිය සංචාරයට එක් වී සිටිති.

ශ්‍රී ලංකා කනිෂ්ට බැඩ්මින්ටන් බාලක කණ්ඩායම – සචේන් චමුදිත ප්‍රනාන්දු, නිම්නද ආශිංස හේරත්, සිහිලැල් අභිෂේක්, සිනෙත් මන්තුක, මොහොමඩ් සාජිඩ්, විදුෂ් රවිෂ්ම සුමනදාස, සනූජ නෙත්මිර, මෙනුල මින්දිනු, අනුක් ශානිල්ක, නවිඳු ලෝචන පෙරේරා

ශ්‍රී ලංකා කනිෂ්ට බැඩ්මිටන් බාලිකා කණ්ඩායම – රනිත්මා තිනුදි, ඉරූෂි අමන්දි, ප්‍රවීනා තේෂානි, නෙතංගා වින්දිනි, සනාදි දහම්සා ද සිල්වා, දෙව්මි මිතාරා, දෙව්නි තිසඳි, හියුමි හසාරා, චිරන්‍යා ජයවර්ධන.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව