ශ්‍රී ලංකා – ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් ගැටුමට Daraz අතහිත ‘Daraz Cup’ T20 ක‍්‍රිකට් තරගාවලිය ජූනි 07 වනදා ඇරඹේ

Daraz Cup - Sri Lanka vs Australia (LBN Fill)

 



 

 

 

වසර 6 කට පසුව සිදුකෙරෙන  ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් පැවැත්වෙන සීමිත  ඕවර 20 තරගාවලිය වෙනුවෙන් Daraz සිය අනුග‍්‍රාහකත්වය එක් කොට තිබේ. ‘Daraz Cup’ T20i ලෙස නම් කරන ලද එම තරගාවලිය 2022 ජූනි මස 7, 8 හා 11 යන දිනවලදී ආර් පේ‍්‍රමදාස හා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

ශ්‍රී ලාංකිකයන්ගේ ප‍්‍රියතම ක‍්‍රීඩාව ලෙස සුප‍්‍රකට ක‍්‍රිකට් ක‍්‍රීඩාව රටම එක ජයග‍්‍රාහී අරමුණක් වෙනුවෙන් පෙළගැස්වීමෙහිලා සමත්වන්නකි. විවිධ ක්ෂේත‍්‍රයන් ආවරණය කරමින් දියත් කෙරෙන ආයතනික සමාජ මෙහෙවර අතර ශ්‍රී ලාංකීය ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා ද මහගු දායකත්වයක් දක්වා ඇති Daraz           ශ්‍රී ලාංකීය ජන හද ගැස්ම හා සුසර වූ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ප‍්‍රවර්ධනය වෙනුවෙන් ‘Daraz Cup’ T20 ක‍්‍රිකට් තරගාවලිය වෙත අනුග‍්‍රාහකත්වය සපයා ඇත.

තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් Daraz ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප‍්‍රනාන්දු මහතා “ශ්‍රී ලාංකිකයන් මහත්  ඕනෑකමකින් නොඉවසිලිවන්තව බලා සිටින විශේෂ ක‍්‍රිකට් තරගාවලියක් වන  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමේ සංචාරය ‘Daraz Cup’ ලෙස ඉදිරිපත් කරන්නට හැකිවීම අපට මහත් සතුටක්. ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ තරුණ දක්ෂයන් ඇගයීමටත් සහ අපේ දක්ෂතා ඇති රටේ තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාත්‍යන්තරයට රැුගෙන යාම වෙනුවෙනුත් තාරුණ්‍ය සමග නිරන්තරයෙන් බැඳුනු සන්නාමයක් වෙන Daraz කටයුතු කරන්නේ රටේ නම ලෝකයේ බැබලවීම අපගේත් අධිෂ්ඨානයක් නිසයි. මුළු රටම අපහසුතා රැසකට මුහුණ දී සිටින අසීරු කාලයකදී අපේ රටේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වෙනුවෙන් මේ ආකාරයෙන් දායකත්වය ලබාදීම අප සතු යුතුකමක් ලෙස සලකනවා.” යැයි පැවසීය.

ශ්‍රී ලාංකිකයන්ගේ ප‍්‍රියතම ක‍්‍රීඩාව ලෙස වර්ෂ 1800 තරම් ඈත අතීතයකට දිව යන ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා, Daraz ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ඇරඹූ කාලයේ සිට දායකත්වය ලබා දි ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලගත වෙළෙඳපොළ අවකාශය ලෙස කීර්තිමත් Daraz 2021 වසරේ ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නිල විදේශ සංචාර අනුග‍්‍රාහකයා බවට පත්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයට අනුග‍්‍රාහකත්වය සපයනු ලැබූ අතර ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග එක්ව ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලිය Daraz ඇප් හරහා සජීවීව විකාශය කිරීමටත්, 2020 වසරේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ දකුනු අප‍්‍රිකානු ටෙස්ට් ක‍්‍රිකට් සංචාරයේ සම අනුග‍්‍රාහකත්වය ලබාගැනීමටත් Daraz කටයුතු කොට ඇත.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව