ශ්‍රී ලංකාව තුළ නිපුණතාවයෙන් පිරි ශ්‍රම බලකායක් ගොඩනැගීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය සහ ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනම එක්වූ නව ව්‍යාපෘතියක්

Image 01

 



 

 

මොරටුව විශ්වවිද්‍යාලය (UoM) සහ ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම (DP Foundation) එක්වීමෙන් පසුගිය 2022 ජූනි 02 වෙනි දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. එම අවබෝධතා ගිවිසුමෙහි පරමාර්ථය වන්නේ ව්‍යාපෘති කළමණාකරණය පිළිබඳ සහතික මට්ටමේ ඇමෙරිකාවේ ව්‍යාපෘති කළමණාකරණ ආයතනය විසින් සහතික කරනු ලැබූ CAPM මට්ටමේ මාර්ගගත පාඨමාලාවක් නිර්මාණය කිරීමයි.

මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ සියලූම ව්‍යාපෘති සඳහා සහභාගී වන අයට CAPM මට්ටමින් අවශ්‍ය දැනුම නොමිලේ ඉගෙනගැනීමට අවස්ථාව සැළසීමයි. මෙය CAPM මට්ටමේ දැනුම සහ කුසලතාවය ආවරණය වන පරිදි මොඩියුල 12කින් සමන්විතව ඇත.

මොරටුව විශ්වවිද්‍යාලයේ (UoM)  මෙම නව ව්‍යාපෘතිය වන මාර්ගගත මොඩියුල 12 නිර්මාණය කිරීම සඳහා ඩී පී පදනම (DP Foundation) , ඩී පී එඩියුකේෂන් (DP Education)  හරහා  සහභාගී වන්නේ එහි අන්තර්ගතය නිර්මාණය කිරීමට අවශ්‍ය අරමුදල් සහා ආධාරක මානව සම්පත් ලබාදීම මගිනි.

මොරටුව විශ්ව විද්‍යාලය (UoM) සහ ඩී පී එඩියුකේෂන් (DP Education) අතර පළමු ව්‍යාපෘතිය වූයේ උසස් පෙළ විභාග අවසන් කළ සිසුන් සඳහා නොමිලේ පිරිනැමෙන Trainee-Full Stack Developer මාර්ගගත වැඩසටහන දියත් කිරීමයි. මෙම ව්‍යාපෘතිය 2022 පෙබරවාරි 22 දින දියත් කරන ලදී. දියත් කර පළමු දින 100 තුළ සිසුන් 83,000 කට වැඩි පිරිසක් මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වී ඇත. Trainee-Full Stack Developer පාඨමාලාවට පිවිසීමට https://open.uom.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න

ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා දෙපළගේ නොමසුරු පරිත්‍යාගයක් වන වන ඩී පී පදනම (DP Foundation)  දැනුම පදනම් වූ සමාජයක් බිහිකිරීමට සහ සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම කුසලතාවයන් වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකාවේ විශාලතම නොමිලේ මාර්ගගත ඉගෙනුම් වේදිකාව වන ඩී පී එඩියුකේෂන් (DP Education) නිර්මාණය කර ඇත. ඩී පී එඩියුකේෂන් පිළිබඳ වැඩි විස්තර සඳහා https://www.dpeducation.lk/ වෙබ් අඩවියට පිවිසෙන්න

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව