ශ්‍රී ලංකාව එළවලු තෙල්වලින් ස්වයංපෝෂිත කරවීමට POIASL, හා සුළු පරිමාණ වගාකරුවන් දැනුවත් කිරීමට ඉන්දියානු සහාය!

Palm Oil

 



 

 

 

ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති ගෝපාල් බග්ලේ මහතා හමුවූහ. ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණු අතර, එහිදී දෙපාර්ශ්වය විසින් වැදගත් කරුණු රැසක් සාකච්ඡා කරන ලදි.  ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් මෙහිදී මෙරට ඔයිල් පාම් කර්මාන්තයේ ප්‍රගතිය පිළිබඳව පැහැදිලි කිරීමක්  සිදුකළ අතර, ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාව සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරු රැසක්ද ඉන්දියානු මහකොමසාරිස්තුමන් වෙත ඉදිරිපත් කරන ලදි. එමෙන්ම එම නියෝජිත පිරිස, මෙරට ඔයිල් පාම් කර්මාන්තයේ ප්‍රගතිය පෙන්නුම් කරන සංඛ්‍යාලේඛනමය සහ අනෙකුත් ප්‍රමාණාත්මක විශ්ලේෂණද ඉදිරිපත් කළහ.

මෙහිදී ඉන්දියානු මහකොමසාරිස් තුමන්, එරට ‘National Edible Oil Mission – Oil Palm’ (NEOM-OP) වැඩසටහන යටතේ, විශේෂයෙන්ම කුඩා පරිමාණ වැවිලිකරුවන් ඇතුළුව සමස්ත පාම් තෙල් කර්මාන්තය අත්කරගෙන ඇති සාර්ථකත්වය පෙන්වා දුන්නේ ය. මහකොමසාරිස්වරයා කියා සිටියේ, එළවලු තෙල් වලින් දේශය ස්වයංපෝෂිත කිරීම සඳහා, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ සංකල්පයක් අනුව එය ක්‍රියාවට නැංවූ බවයි.

“ශ්‍රී ලංකාවට එළවලු තෙල් වලින් ස්වයංපෝෂිත වීමට උපකාරී වීම සඳහා, NEOM-OP වැඩසටහන සම්බන්ධ අත්දැකීම් ශ්‍රී ලංකාවත් සමග හුවමාරු කරගැනීමට ඉන්දියාව සූදානම්. එමගින් එළවලු තෙල් ආනයනය කිරීම සඳහා වැයවන ඩොලර් මිලියන ගණනක් ඉතිරි කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබේවි.” ගෝපාල් බග්ලේ මහතා පැවසී ය.

මූලික සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් මහකොමසාරිස්වරයා කියා සිටියේ, කෘෂිකර්මාන්තය සඳහා ඉතාමත් සුදුසු දේශගුණයක් පැවතීම ශ්‍රී ලංකාව ලැබූ ආශීර්වාදයක් බවයි. ආහාරයට ගත හැකි තෙල් වර්ග සම්බන්ධයෙන් පවතින දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටෙහිම ආයෝජනයන් සිදුකිරීමේ ඉඩකඩ සම්බන්ධයෙන්ද එතුමන් අදහස් දැක්වී ය. එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප සහෝදරත්වයේ බැඳීමක් පවතින බව පෙන්වා දුන් බග්ලේ මහතා, ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාව සඳහා විශේෂඥ දැනුම හා උපදෙස් සමගින් පූර්ණ සහයෝගය ලබාදෙන බවද පවසා සිටියේ ය.

විෂ් ගෝවින්දසාමි මහතා ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ දූත පිරිසෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, ප්‍රාදේශීය වැවිලි සමාගම්, පාම් තෙල් සැකසුම් සමාගම් සහ වැවිලිකරුවන්ගේ සංගමය නියෝජනය කරන පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + 17 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව