ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් දිනයේදී එමිරේට්ස් කොළඹ විවේකාගාරය ගුවන් මගීන්ට උත්සව ප්‍රීතියක් ගෙන දෙයි

EK lounge at BIA (LBN)

ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස්, පෙබරවාරි 04 වන දින ශ්‍රී ලංකාවේ 76වන නිදහස් දිනය සැමරීම උදෙසා සිය ගුවන් මගීන්ට සූපශාස්ත්‍ර උපහාරයක් ලබා දීමට කටයුතු යොදා ඇත.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිහිටි එමිරේට්ස් මගී විවේකාගාරය අලංකාර කර මෙම උත්සවය සමරනු ලබයි. මෙහිදී පළමු සහ ව්‍යාපාරික පන්තියේ මගීන්ට සම්ප්‍රදායික උත්සව රසකැවිලි සහ උණුසුම් දේශීය ආහාර වේලක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

 



 

උදෑසන ගුවන් ගමන් ආරම්භ කිරීමට පෙර මගී විවේකාගාරයට පැමිණෙන එමිරේට්ස් මගීන්ට ආස්මි සහ වැලි තලප වැනි දේශීය ශ්‍රී ලාංකීය ප්‍රණීත ආහාරවලින් තම උදෑසන ආහාරය මිහිරි කළ හැකිය. පසුව එදිනම එමිරේට්ස් මගී විවේකාගාරය විසින් දිවා ආහාරය සඳහා කහබත් සමඟ කජු ව්‍යංජන, මාළු ඇඹුල් තියල්, පොළොස්, බටු මෝජු, වැනි රසවත් ශ්‍රී ලාංකීය දිවා භෝජන සංග්‍රහයක් සමඟින් පාරිභෝගිකයින් සතුටු කරනු ඇත.

වර්ග අඩි 5,651කින් යුත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේහි පිහිටි එමිරේට්ස් මගී විවේකාගාරය 2012 ජුනි මාසයේදී විවෘත කරන ලද අතර, එය පළමු සහ ව්‍යාපාරික පන්තියේ මගීන්ට සහ ගුවන් සමාගමේ සම්මානලාභී නිරන්තර පියාසර වැඩසටහන වන ස්කයිවර්ඩ්ස් හි තෝරාගත් ස්ථරවල සාමාජිකයින්ගේ භාවිතය සඳහා වේ.

එමිරේට්ස් ගුවන් සමාගම 1986 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවට මෙහෙයුම් ආරම්භ කළ අතර, පසුගිය වසර 37කට වැඩි කාලයක් කොළඹට සහ කොළඹ සිට මගීන් මිලියන 12ක් ප්‍රවාහනය කර ඇත. ගුවන් සමාගම දැනට Boeing 777-300ER ගුවන් යානා භාවිතා කරමින් කොළඹට සෘජු දෛනික ගුවන් ගමන් දෙකක් මෙන්ම මාලදිවයින හරහා අමතර දෛනික සේවාවක් ද සපයයි. පළමු පන්තියේ සේවාවන් සමඟින් මගීන්ට ලෝක මට්ටමේ නිෂ්පාදන සහ ගුවනේ සහ ගොඩබිමේ උසස් සුවපහසුව ලබා දෙන රටට සේවය කරන එකම ජාත්‍යන්තර ගුවන් සේවය එමිරේට්ස් ගුවන් සේවයයි. වැඩි විස්තර සඳහා www.emirates.com/lk වෙත පිවිසෙන්න.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව