ශ්‍රී ලංකාවේ විශාලතම PUBG මොබයිල් ලීග් තරගාවලිය මොබිටෙල් බලගන්වයි

Image 1

රුපියල් මිලියනයක් වටිනා ප්‍රථම ත්‍යාගය සදහා ශ්‍රී ලංකාව පුරා 300කට අධික කණ්ඩායම් පිරිසක් තරග වැදුනේය

eSports සංස්කෘතිය ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය කිරීමට උත්සාහ දරමින් ජාතික ජංගම දුරකථන ජාලය හා ශ්‍රී ලංකාවේ වේගවත්ම සන්නිවේදන සැපයුම්කරුවා වන මොබිටෙල් Gamer.LK සමග එකතුවී දිවයිනේ විශාලතම මොබයිල් ලීග් තරගාවලිය සංවිධානය කරයි. PUBG මොබයිල් ගේම් එක යනු තුන්වන පාර්ශවයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මොබයිල් ක්‍රීඩාවක් වන අතර එය දකුණු ආසියානු කලාපයේ වඩාත් ජනප්‍රිය මොබයිල් ක්‍රීඩාවකි. තම ජංගම දුරකථනය හරහා සම්බන්ධවෙමින් මිලියනයකට අධික තරුණ තරුණියන් ඔන්ලයින් ඔස්සේ මෙය ක්‍රීඩා කිරීමට එකතුවේ.

ශ්‍රී ලංකාවට Esports ක්ෂේත්‍රයේ විනෝදාස්වාදය ලබාදෙන මොබිටෙල් Esports Premier League තරගාවලියට දිවයිනේ පළාත් නවයට කණ්ඩායමක් බැගින් තරග වැදීමට අවස්ථාව ලබාදුන්නේය. මෙම තරගාවලියෙන් පසු සුදුසුකම් ලබන්නන්ව 2020 පෙබරවාරි 08 වැනිදා ප්‍රසිද්ධ කළ අතර එහි අවසන් මහ තරගය 2020 පෙබරවාරි 22 රත්මලානේ පිහිටි ස්ටෙයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්වේ.  එහිදී පළාත් 9ට අයත් කණ්ඩායම් වන Eastern Gladiators, Kandurata Kings, Northern Rangers, Rajarata Giants, Sabaragamuwa Knights, Southern Sharks, Uva Bandits, Wayamba Raiders සහ Western Warriors කණ්ඩායම් සුපිරි ත්‍යාගය වෙනුවෙන් තර`ගවදින අතර එය රූපවාහිනිය ඔස්සේ රටටම විකාශනය කෙරේ.

වාර්තා බිදදැමූ එම Esports තරගාවලියට රුපියල් මිලියනයක් වටිනා සුපිරි මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර දැනට මේ සදහා කණ්ඩායම් 300ක් සහභාගී වී තිබේ. ශ්‍රී ලංකාවේ පැවැත්වූ Esports තරගාවලියක් සදහා මෙතක් සහභාගී වූ විශාලතම සහභාගීත්වය සටහන් කරමින් ඓතිහාසික වාර්තාවක් තැබීමට මෙම තරගාවලිය සමත්විය. මොබිටෙල් අධි වේගවත් 4G සම්බන්ධතාවයෙන් බලගැන්වෙන මෙම තරගාවලිය Facebook, YouTube, Twitch සහ Mixer ආදී සමාජජාල වේදිකාවන් ඔස්සේ නැරඹීම සදහා දසදහස් සංඛ්‍යාවක් ප්‍රේක්ෂකයන් පුලපුලා බලාසිටී.

මෑතකදී ශ්‍රී ලංකාව පුරා Esports සංස්කෘතිය වේගයෙන් ව්‍යාප්ත විය. එමෙන්ම අද වන විට ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ක්‍රීඩාවක් ලෙස මෙය ප්‍රචලිත වී තිබේ. 2019 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව තුළ නිලක්‍රීඩාවක් ලෙස Esports ප්‍රසිද්ධ කෙරිණි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය බලගන්වන්නකු ලෙස කා අතරත් පිළිගැනීමට ලක්වී ඇති මොබිටෙල් ආයතනය ජාත්‍යන්තර තත්ත්වයන්ට සමපාත වෙමින් ඉහළ ජනප්‍රියත්වයක් ලබාගත හැකි මෙම නව ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය කරලීමේ වැදගත්කම වටහාගෙන ඇත. ජාතික ජංගම දුරකථන ජාලය ලෙස වසර ගණනාවක් මුලූල්ලේ තාරුණ්‍යයේ දක්ෂතාවන් හදුනාගැනීමට සහ ඔවුන්ගේ හැකියාවන් බලගැන්වීමට විවිධ අන්දමේ ඉදිරිගාමී ක්‍රියාමාර්ග හදුන්වාදුන් මොබිටෙල් ආයතනය තාක්ෂණ හැකියාවන්ගෙන් පිරිපුන් අනාගත පරම්පරාවක් ගොඩනැංවීම උදෙසා තම සන්නිවේදන දායකත්වය උපරිමයෙන් ලබාදීමට කැපවෙයි. මෙම තරගාවලියේදී මොබිටෙල් සහ Gamer.LK ශ්‍රී ලාංකික තරුණයන්ට තමන්ගේ Esports හැකියාවන් පෙන්නුම් කිරීම උදෙසා නිවැරදි වේදිකාවක් විවර කරදුන් අතර තමන්ගේ දක්ෂතාවන් හැකියාවන් ඒකාබද්ධ කරමින් මනා ක්‍රීඩා උපායමාර්ග හරහා ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ ලබාගැනීමට අවස්ථාව උදාකරන පුහුණු පිටියක් ලෙස මෙම තරගාවලිය හදුන්වාදිය හැක.

ශ්‍රී ලංකාවේ Esports තරග සංස්කෘතිය ජනප්‍රිය කරවීමටත්, සංවර්ධනය කිරීමටත් ඉදිරිගාමියා ලෙස Gamer.LK කටයුතු කරයි. විශාල සහභාගීත්වයකින් යුක්තව ශ්‍රී ලංකාව පුරා Esports තරගාවලියේ සංවිධානය කරන්නා ලෙස Gamer.LK ජනප්‍රිය වී තිඛෙන අතර ජාතික ඔලිම්පික් ආයතනය සහ එක්ව Esports South Asia Cup වැනි ජාත්‍යන්තර තලයේ Esports තරගාවලි සංවිධානය කරන්නකු ලෙස Gamer.LK ප්‍රචලිත වී තිබේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව