ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සුරතල් සතුන්ට අවශ්‍ය සියලු දේ එකම තැනකින් දැන් www.mypets.lk වෙතින්

Image I

2020 දෙසැම්බර් 29, කොළඹ: සුරතල් සතුන්ගේ යහපැවැත්මට, ඔවුන්ගේ හිමිකරුවන්ගෙන් ලැබෙන ආදරය මෙන්ම නිසි පෝෂණයක් ලැබීමද අත්‍යවශ්‍ය වේ. එමෙන්ම සුරතල් සතුන්ගේ සතුට, ඔවුන්ගේ හිමිකරුවන්ගේ සතුටද වන බව නොරහසකි. මේ නිසාම, සුරතල් සතුන්ට අවශ්‍ය කරන සියලුම දේ එකම ස්ථානයකින් මිලදී ගැනීමට හැකි වන ආකාරයේ විසඳුමක් හඳුන්වා දීමට, කුමාර් මෙල්වානි සහ සිදත් බණ්ඩාර යන මහත්වරු  තීරණය කළහ. MyPets.lk නිර්මාණය වූයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. මෙම වෙබ් අඩවිය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සුරතල් සතුන් සම්බන්ධ භාණ්ඩ හා සේවාවන් සඳහා ප්‍රමුඛතම වෙබ් අඩවිය බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම නව වෙබ් අඩවිය නිසා, මින් ඉදිරියට, තමන්ට අවශ්‍ය දේ සොයමින් අලෙවිසැල් කිහිපයක් වෙත යාමට සුරතල් සතුන් හිමියන්ට අවශ්‍යතාවක් පැන නොනගිනු ඇත. ක්ෂේත්‍රයේ විශ්වාසය දිනූ සන්නාම වලින් එන සහ, එම සන්නාම වල මෙරට නියෝජිතයන් විසින් ආනයනය කර බෙදාහරිනු ලබන, උසස්ම තත්වයෙන් යුත් නිෂ්පාදන රාශියක් www.mypets.lk වෙබ් අඩවිය වෙතින්, තම නිවසේ සිටම මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි වේ.

පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි සැලසුම් කර ඇති www.mypets.lk වෙබ් අඩවිය තුළ, නිෂ්පාදන හා සේවාවන් සම්බන්ධයෙන් වැදගත් හා නිවැරදි තොරතුරු ඇතුළත් කොට ඇති නිසා, තමන් සිදුකරන මිලදී ගැනීම් සම්බන්ධයෙන් දැනුවත්ව තීරණ ගැනීමට පාරිභෝගිකයන්ට හැකි වනු ඇත. මෙමගින් ඔවුන්ට තම වටිනා කාලය ඉතිරි කරගෙන, ඉක්මනින් හා කාර්යක්ෂම ලෙස තමන්ට අවශ්‍ය දේවල් තීරණය කොට මිලදී ගැනීමට අවස්ථාව ලැබේ.  මෙම තොරතුරු නිරතුරුව පරීක්ෂා කර බලා යාවත්කාලීන කිරීම සඳහා වෙනම කණ්ඩායමක් යොදවා ඇත.

වෙබ් අඩවිය දියත් කරන අවස්ථාවේදී අදහස් දක්වමින්, MyPets.lk ප්‍රධාන විධායක නිලධාරී සහ විද්‍යුත්-වාණිජ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන කුමාර් මෙල්වානි මහතා මෙසේ පැවසී ය. “MyPets.lk සුරතල් සතුන් මිලට ගැනීම වෙනුවට හදාවඩා ගැනීම ප්‍රචලිත කිරීමට මුල්තැන දෙනවා. සජීවී සතුන් විකිණීමට හෝ එවැනි සේවාවන් සඳහා වෙබ් අඩවිය තුළ ඉඩ ලබාදීමට අප කිසි විටකත් සූදානම් නැහැ. ඒ වගේම, ශ්‍රී ලංකාවේ වීදි වල ජීවත් වන සතුන් කොපමණ දුක් විඳිනවාද යන්න අප දැක තිබෙනවා. ඒ නිසා, සතුන් නිවෙස් වල ඇතිදැඩි කිරීමට ජනතාව යොමුකරවීමට අප සෑම විටම උත්සාහ කරනවා.”

 




 

 

COVID-19 රෝග ව්‍යාප්තියට පසුව, භාණ්ඩ හා සේවාවන් අලෙවි කරන වෙබ් අඩවි බහුලව නිර්මාණය විය. එහෙත් MyPets.lk යනු, පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් ලබාදිය යුතු ආකාරය පිළිබඳව මනා අවබෝධයකින් හා පළපුරුද්දකින් යුත් පිරිසක් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාරයකි. මෙය පාරිභෝගිකයන් තුළ විශ්වාසය තහවුරු කිරීමට බෙහෙවින් බලපාන සාධකයක් වනු ඇත. මේ නිසාම ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්තයේ මෙන්ම තිරසාර විසඳුම් හා කෘෂි ජෛව-තාක්ෂණ ක්ෂේත්‍රයේ ආයෝජකයන් දෙදෙනෙකු ආකර්ෂණය කරගැනීමටද MyPets.lk සමත් වී තිබේ. මෙම ආයෝජකයන්ගෙන් සිය ඉදිරි ගමනට ලැබෙන ශක්තිය, ඔවුන්ගේ භාණ්ඩ (පශු වෛද්‍ය සේවා භාණ්ඩ) සහ මූල්‍ය හා අලෙවිකරණ ක්‍රමෝපායන් සම්බන්ධයෙන් ලැබෙන මගපෙන්වීම් ආදිය ඔස්සේ, විධිමත් පාලන ව්‍යුහයන් ස්ථාපිත කරමින්, මෙරට සුරතල් සතුන් සම්බන්ධ භාණ්ඩ හා සේවාවන් සපයන ප්‍රමුඛතම ව්‍යාපාරය බවට පත්වීම සඳහා නිර්මාතෘවරුන් සතු අරමුණු යථාර්ථයක් බවට පත්කර ගැනීමට MyPets.lk සමත්වනු නිසැක ය.

www.mypets.lk වෙබ් අඩවිය යනු සුරතල් සතුන් සම්බන්ධ සියලුම දේවල් එකම තැනකින් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන වෙබ් අඩවියක්.  අප අලෙවි කරන්නේ ක්ෂේත්‍රයේ විශ්වාසය දිනූ සන්නාම වලින් එන සහ එම සන්නාම වල මෙරට නියෝජිතයන් විසින් ආනයනය කර බෙදාහරිනු ලබන, උසස්ම තත්වයෙන් යුත් නිෂ්පාදන පමණයි. ඒ වගේම භාණ්ඩ මිලදීගැනීමේදී, ගෙවීම් ක්‍රම කිහිපයක් අතරින් පාරිභෝගිකයන්ට කැමති ක්‍රමය තෝරාගැනීමට පුළුවන්. ඊට අමතරව අප වෙතින් මිලදේදී ගන්නා භාණ්ඩ දිවයින පුරා පාරිභෝගිකයන් වෙත ගෙනගොස් භාරදීමටත් අප කටයුතු යොදා තිබෙනවා.” MyPets.lk සම නිර්මාතෘ සිදත් බණ්ඩාර මහතා පැවසී ය.

පාරිභෝගිකයන්ට ලැබෙන පහසුව තවත් වැඩිකිරීම සඳහා, ක්ෂේත්‍රයට තවත් නව ආදර්ශයක් සපයමින්, Android සහ iOS මෙහෙයුම් පද්ධති සඳහා MyPets.lk Mobile App හඳුන්වා දීමටද මේ වනවිට සැලසුම් කර ඇත. www.mypets.lk වෙබ් අඩවිය ඔස්සේ පක්ෂීන් හා මත්ස්‍යයන් සඳහා අවශ්‍ය භාණ්ඩද මිලදීගත හැකි අතර, එම නිසා මෙය සත්ත්ව නිෂ්පාදන කාණ්ඩ සියල්ලම පාහේ ආවරණය කරන මෙරට එකම අන්තර්ජාල අලෙවිසැල බවට පත්වී තිබේ.

අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් භාණ්ඩ මිලදීගත හැකි වීම, භාණ්ඩ ආපසු භාරදීම හා මුදල් නැවත ලබාදීම සම්බන්ධ පරිපූර්ණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීම, ඇණවුම් වලට අදාළ භාණ්ඩ ඉක්මනින් පාරිභෝගිකයන් වෙත ලැබීම, දුරකථන වලට අමතරව සජීවී චැට් සේවාවක් හා සමාජ මාධ්‍ය ඇතුළු ක්‍රම කිහිපයක් ඔස්සේ සම්බන්ධ විය හැකි වීම ආදිය, MyPets.lk මෙරට සුරතල් සතුන් හිමියන්ගේ ප්‍රමුඛතම තේරීම බවට පත්වීමට ඉවහල් වනු නොඅනුමාන ය.

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව