2021 මාර්තු 11, කොළඹ: ශ්‍රී ලංකාවේ ශ්‍රවණ ප්‍රතිකාර ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ප්‍රථම වරට ‘Cochlear Nucleus Freedom Series’ අධිරෝපණයක් (Implant) සාර්ථක ලෙස සිදුකෙරිණි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ උගුර කන නාසය පිළිබඳ උපදේශක ශල්‍ය වෛද්‍ය සංජීවනී රූපසිංහ මහත්මිය ප්රමුඛ කණ්ඩායමක් විසින්, පසුගිය පෙබරවාරි මාසයේදී, වයස අවුරුදු දෙකහමාරක දරුවෙකු සඳහා මෙම සැත්කම සිදුකරන ලදි. මේ සඳහා භාවිතා කරන ලද්දේ, ලොව දැනට පවතින දියුණුතම ශ්‍රවණ උපාංගය ලෙස සැලකෙන, රැහැන් රහිත N7 කථන ප්‍රොසෙසරයක් සහිත ‘Cochlear Nucleus freedom contour advance’ උපාංගයකි. සැත්කමින් අනතුරුව, පෙබරවාරි 25 දිනට යෙදුණු ලෝක කර්ණ ශංඛ බද්ධ දිනය සැමරීමක් වශයෙන්, පෙබරවාරි 24 වන දින නුගේගොඩ වික්‍රමාරච්චි ශ්‍රවණ ආයතනයේදී එම ප්‍රොසෙසරය ක්‍රියාත්මක කරන ලදි.
Cochlear අධිරෝපණය යනු සාමාන්‍ය මට්ටමේ සිට බරපතළ මට්ටම දක්වා ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන් සඳහා පිළිගත්, සාර්ථක හා දීර්ඝකාලීන විසඳුමකි. මෙමගින් සිදුකෙරෙනුයේ හානි වී ඇති ඇතුළු කන වෙනුවට විකල්පයක් ලෙස ක්‍රියා කරමින්, මොළය වෙත ශබ්ද සංඥා ලබා දීම ය. මීට සාපේක්ෂව සාමාන්‍ය ශ්‍රවණාධාර උපාංග මගින් සිදුවන්නේ හුදෙක් ශබ්දය වැඩිකර දීම පමණි. කන් දෙකෙහිම සාමාන්‍ය මට්ටමේ සිට බරපතළ මට්ටම දක්වා ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන්ට හෝ සාමාන්‍ය ශ්‍රවණාධාර වලින් ප්‍රමාණවත් ප්‍රතිඵල නොලබන පුද්ගලයන්ට Cochlear අධිරෝපණය වඩාත් සුදුසු වේ.
තවද මෙම ද්විත්ව අධිරෝපණ සැත්කම රජයේ රෝහලකදී සාර්ථක ලෙස සිදුකිරීමට හැකිවීම මගින්, රජයේ සෞඛ්‍ය සේවා අරමුණු වලට සමගාමීව රාජ්‍ය සෞඛ්‍ය ප්‍රතිපත්ති ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නැංවෙන බව සනාථ වේ. මේ නිසා ශ්‍රී ලාංකිකයන්ට මින් ඉදිරියට මෙම සැත්කම සඳහා විදේශගත වීමට අවශ්‍ය නොවන අතර, මෙරටදීම පහසුවෙන් එම සැත්කම සිදුකර ගැනීමට හැකියාව පවතී. මෙය ශ්‍රී ලාංකිකයන්ට විශාල මුදලක් ඉතිරි කරදෙනු ඇති අතර, මෙවැනි සැත්කම් සාර්ථක ලෙස සිදුකිරීමට හැකිවීම මගින් නවීන සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු කීර්තියද ඉහළ යනු ඇත. රට තුළ වෛද්‍ය සේවා සංචාරක ක්ෂේත්රය (Medical tourism) වැඩිදියුණු කිරීමට රජය මෙන්ම පෞද්ගලික අංශයද අවධානය යොමුකර ඇති පසුබිමක් තුළ මෙය එම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහාද උපකාරී වනු නිසැක ය.
Cochlear උපාංග සඳහා ශ්‍රී ලංකාවේ නිල නියෝජිතයා වන වික්‍රමාරච්චි ආයතනය (Wickramarachchi Hearing Care) මෙම Cochlear අධිරෝපණ සැත්කම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකළේ ය. ශ්‍රවණ ප්‍රතිකාර හා සත්කාර සම්බන්ධයෙන් විශේෂඥ දැනුම මෙන්ම අත්දැකීම් සම්භාරයක්ද හිමි එම ආයතනය, විලාසිතාමය අගයක්ද සහිත නවීනතම ශ්‍රවණ සත්කාර ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පියවර ගෙන ඇත. මධ්‍යස්ථ උපදේශන සේවාවන් ඔස්සේ එම ආයතනය කෙනෙකුගේ ජීවන රටාවන්ට ගැළපෙන සහ ගෙවන මුදලට උපරිම වටිනාකමක් හිමිවන විශිෂ්ට තලයේ ශ්‍රවණ විසඳුම් හඳුන්වා දීමටම් කටයුතු කරයි. මෙම නව සන්ධිස්ථානය මෙරට රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය අතර සාර්ථක හවුල්කාරීත්වයකට මනා උදාහරණයක් වන අතර, මේ ආකාරයට දෙපාර්ශ්වය එක්ව කටයුතු කිරීම මගින් පොදු ජනතාවට ප්රතිලාභ රැසක් හිමිවනු නොඅනුමාන ය.