ශ්‍රී ලංකාවේ පළමු ඩ්‍රෝන් light ප‍්‍රදර්ශනය ‘Daraz Drone Show’ සමග නව Daraz සන්නාමයෙන් කොළඹ අහස වර්ණවත් වෙයි

DSC_8792

 



 

 

 

2022 ජනවාරි 22 හා 23 දිනවල රාති‍්‍රයේ ඩ්‍රෝන් යානා 150 කට අධික සංඛ්‍යාවක් උපයෝගීකොටගෙන කොළඹ අහසේ විචිත‍්‍රවත් ආලෝක වර්ණ රටා මවමින් ගාළු මුවදොර පිටියේදී පැවැති “Daraz Drone Show” ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වූ ඩ්‍රෝන් යානා ආලෝක සංදර්ශනය ලෙස ඉතිහාසයට එක් විය. Daraz නව සන්නාමය ශ්‍රී ලාංකිකයන් වෙත නිර්මාණශීලී ලෙස සමීපකරමිනි. ලොවපුරා Daraz නව සන්නාමය මෙවැනි විචිත‍්‍රවත් නිර්මාණශීලී ක‍්‍රමවේදයන් ඔස්සේ පාරිභෝගික ජනතාව වෙත සමීප කිරීමේ වැඩපිළිවෙල හා සමගාමීව ශ්‍රී ලංකාවේදී  “Daraz Drone Show” සංවිධානය කෙරිණ.

දිවයිනේ නන් දෙසින් පැමිණි 10,000 කට අධික ජනතාවකගේ සහභාගීත්වයෙන් මියුරු සංගීතය, රසවත් ආහාර පාන සමග විනෝදාස්වාදය පිරුණ විචිත‍්‍රවත් එම රැයේදී Daraz නව සන්නාමය පේ‍්‍රක්ෂකයන් තුළ සදා නොමැකෙන ලෙස සනිටුහන් විය.

තරුණ කටයුතු සහ ක‍්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා, ගුවන් සේවා හා අපනයන කලාප රාජ්‍ය අමාත්‍ය ගරු ඞී. වී. චානක මහතා, සිවිල් ගුවන් සේවා අධිකාරීයේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිතාන් තේමිය අබේවික‍්‍රම මහතා සහ එම මහත්මිය, සිවිල්  ගුවන් සේවා අධිකාරීයේ මෙහෙයුම් අධ්‍යක්ෂක ලූෂාන් ප‍්‍රනාන්දු මහතා සහ එම මහත්මිය ඇතුළු සම්භාවනීයන් රැසකගේ සහභාගීත්වයෙන් “Daraz Drone Show” අති උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්විණ. Daraz විසින් ඩුබායි කේන්ද්‍ර කරගත් ගීනස් ලෝක වාර්තා 2 කට හිමිකම් කියන SKD International ආයතනයේ සහයෝගයෙන් “Daraz Drone Show” සංවිධානය කෙරිණ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව