සිංහල සිනමාව වෙනුවෙන්ම නිර්මාණය කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම OTT වේදිකාව වන ‘රූපහල’, සිය ප්‍රේක්ෂකයන් වෙත උසස් සිනමා රසවින්දනයක් ලබා දීමට සමත් වී ඇත. 2024 වසරේදී Evoke Digital Group විසින් ස්ථාපිත කරන ලද රූපහල, නිරන්තරයෙන් Netflix හා අනුරූපව ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලංකේය සිනමා සහ ටෙලිනාට්‍ය අත්දැකීම ගෝලීය පරිශීලකයන් අතරට රැගෙන යන කදිම තෝතැන්නක් බවට පත්ව ඇත. මෙම සුවිශේෂී වේදිකාව, දශකයකට එහා ගිය කාලයක් පුරා නවීන තාක්ෂණය යොදා ගනිමින් සිදුකරන ලද සංස්කරණයක සුවිශේෂී නිමැවුමකි.
රූපහලෙහි නිෂ්පාදන කලමණාකාරිනී ෂෙරිල් සිල්වා මෙසේ සිය අදහස් දැක්වීය. “උසස් රසවින්දනයකට ලැදි ප්‍රේක්ෂකයන්ට, පැරණි විශිෂ්ට සිනමා නිර්මාණයන්ගේ සිට නවතම නිර්මාණයන් දක්වා රසවිදීමට අවස්ථාව ලබාදෙන සුවිශේෂී වේදිකාවක් ලෙස රූපහල හඳුන්වන්නට පුළුවන්. එයට පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි නිසා, ප්‍රේක්ෂකයන්ට ඕනෑම ස්ථානයක සිට ඕනෑම වේලාවක රූපහල හා එක්ව සිනමා නිර්මාණයක රසවින්දනය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. අප ඩිජිටල් විනොදාස්වාදයේ නව යුගයකට පිවිසෙමින් සිටින මොහොතක රූපහල මඟින් ශ්‍රී ලංකේය නිර්මාණකරුවන්ට සිය නිර්මාණ ලොව පුරා සිටින ප්‍රේක්ෂකයන් අතරට ගෙන යාමේ හැකියාව ලබා දෙනවා.”
රූපහල සතුව පැය 1000 කට අධික කාල පරිචයකින් යුතු පැරණි සහ නවතම සිනමා නිර්මාණ 500 කට වැඩි ප්‍රමාණයක් අඩංගු වේ. තවද මෙහි ටෙලිනාට්‍ය, වෙබ් කතා මාලා සහ සුවිශේෂී මංගල දර්ශන වාර අඩංගු වන අතර එමඟින් ප්‍රේක්ෂකයන්ට සිය රුචිය පරිදි තෝරාගැනීම මත නැරඹීමේ හැකියාව ලබා දෙයි. රූපහලට මෑතකදී එක්වුණු නවතම සිනමා නිර්මාණයන් කීපයක් ලෙස ගජමැන්, අපේ ප්‍රින්සිපල්, විසල් ආදරේ, ආදරණීය ප්‍රර්ථනා, සිහින නෙළුම් මල්, විසංගමනය, ගිනි අවි සහ ගිනි කෙලි 2, කම්බිලි, ජෙන්ට්ල්මන් ලව් ආදී සිනමා කෘති දැක්විය හැකිය.
රූපහල, වෙබ් අඩවිය, ඇප් ස්ටෝර්, ගූගල් ප්ලේ හිදී ලබා ගත හැකි අතර ප්‍රේක්ෂකයන්ට නම්‍යශීලි ගෙවීමේ සැලසුම්, විවිධ උපකරණ ඔස්සේ සම්බන්ධ වීමේ හැකියාව සහ පහසුවෙන් හැසිරවීමේ හැකියාව ලබා දෙයි. තවද පුළුල් තිර වල නැරඹීමට කැමති ප්‍රේක්ෂකයන්ට එම අවස්ථාවද ලබා දී ඇත.
රුපහල තුළ ආරක්ෂාවට සහ පෞද්ගලිකත්වයට සුවිශේෂී අවධානයක් ලබාදෙන අතර එහි අඩංගු උසස් තත්වයේ ප්‍රොටෝකෝල මඟින් දත්ත වල ආරක්ෂාව, සුරක්ෂිත ගනුදෙනු සහ අන්තර්ගත වල ආරක්ෂාව සහතික කරමින් ප්‍රේක්ෂකයන්ට විශ්වාසදායක වේදිකාවක් ලබා දෙයි. එසේම AI තාක්ෂණය යොදාගැනීම මඟින් පාරිභෝගික සහාය, පුද්ගලීකරණය කරන ලද චිත්‍රපට නිර්දේශ සහ වේගවත් ප්‍රේක්ෂක සහය සේවාවන් ලබා දෙයි.
එසේම රුපහල මඟින් නිර්මාණ සඳහා, වැඩි ප්‍රේක්ෂක නැරඹුම් වාර ගණනක්, මුදල් ඉපැයීමට අවස්ථාවක් යනාදිය සහ තවත් අවස්ථා ලබා දීම තුළින් නිර්මාණකරුවන්ට සිය නිර්මාණ ජාත්‍යන්තර මට්ටමෙන් පුළුල් පරාසයකින් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දෙයි. එසේම රූපහල විසින් සංස්කෘතික සංරක්ෂණය උදෙසා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එමඟින් සිංහල සිනමාවේ උරුමය ගවේෂණය කිරීමට දේශීය සහ විදේශීය ප්‍රේක්ෂකයන් සියල්ලන්ටම අවස්ථාව ලබා දෙයි.
සිංහල සිනමාව උදෙසා පවතින ප්‍රමුඛතම සහ විශ්වාසවන්තම වේදිකාවක් ලෙස රූපහල, සම්ප්රදාය සහ නවෝත්පාදනය අතර පවතින හිඩැස පිරවීමට නිරතුරුවම කටයුතු කරනු ලබයි. මෙම සියලු අත්දැකීම් ඔබේ දෑස මානයේ දිගහැරීමට රූපහල සමඟ එක්වන ලෙස ලෝවටා විසිරි සිටින සිය ප්‍රේක්ෂකයන්ට ඇරයුම් කරයි. සිත් ඇදගන්නාසුළු නිර්මාණ තුළින් සිංහල සිනමාව අත්විදීමට ඔබත් අදම රූපහල සමඟ ලියාපදිංචි වන්න.