ශ්‍රී ලංකා බැඩ්මින්ටන් Shuttle Time වැඩසටහන දෙවැනි වසරටත් යළි ඇරඹෙයි

1712029065570

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුව විසින් පාසල් දරුවන් වෙනුවෙන් පවත්වනු ලබන  Shuttle Time  දීපව්‍යාප්ත වැඩසටහන්මාලාවේ දෙවැනි පියවර පසුගියදා ආරම්භ විය. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන Shuttle Time  මේ වසරට නියමිත වැඩසටහන්මාලාවේ පළමු වැඩසටහන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ ප්‍රදේශයේ සහ දෙවැනි වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම ප්‍රදේශයේ තෝරාගත් අතිදුෂ්කර පාසල් දෙකකදී සිදු කෙරුණු අතර, ඉදිරියේදී දිස්ත්‍රික්ක 25ම ආවරණය කිරීමට කටයුතු යොදා තිබේ.

 



 

අවුරුදු 11න් පහළ පාසල් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන Shuttle Time  වැඩසටහනේ විශේෂත්වය වන්නේ එම ක්‍රීඩාව පන්ති කාමරය තුළ හෝ පිටත එළිමහනේ සිදු කළ හැකි වීමය. එහිදී දස්කම් දක්වන දරුවන්ට අදාළ දිස්ත්‍රික්කයේ අවුරුදු 15න් පහළ කලාපීය සංවර්ධන බැඩ්මින්ටන් සංචිතයට ඇතුළු වීමේ අවස්ථාවද උදාවනු ඇත. මෙරට දිස්ත්‍රික්ක 25 තුළ තෝරාගත් පාසල්වල සංවිධාන කරන Shuttle Time  වැඩසටහන තුළින් පාසල් 25ටම බැඩ්මින්ටන් උපකරණ පිරිනැමෙන අතර,  Shuttle Time සඳහා දායකත්වය සපයනු ලබන එම පාසල්වල ගුරුභවතුන්ට ජාත්‍යන්තර Shuttle Time  teacher සහතිකය ලැබීමය.

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සම්මේලනයේ අනුමැතිය යටතේ පැවැත්වෙන Shuttle Time බැඩ්මින්ටන් වැඩසටහනට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ උපදෙස්, මඟපෙන්වීම සහ පූර්ණ දායකත්වය ලැබී ඇතැයි කලාපීය බැඩ්මින්ටන් සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම බැඩ්මින්ටන් පුහුණුකරුවන් පුහුණු කිරීමේ කමිටුවේ සභාපති බුද්ධික සිල්වා මහතාගෙන් ලැබෙන දායකත්වය ද ඇගැයීමට ලක් කළේය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව