ශ්‍රී ලංකා බැංකු සංගමය නව රජයට සිය පූර්ණ සහාය යළි අවධාරණය කරයි

SLBA-Logo-LBN

පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සුබපැතුම් එක් කරමින් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) විසින් ජනපති අනුර කුමාර දිසානායක මහතාහට අභියෝගාත්මක ඉදිරිගමන උදෙසා නව රජයට සහය පළ කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය සමග මෑතකදී ආරම්භ වුනු, ‘අදාළ අංශ සමග සිදුකරන’ සාකච්ඡා මාර්ගයෙන් රටේ මුල්‍යමය ගැටලුවලට සාධාරණ සහ තිරසාර පිළියම් සෙවීමේ කර්තව්‍ය අගය කරන බවත් එතුළින් අනොන්‍ය අවබෝධය සහ විශ්වාසය තවදුරටත් වර්ධනය වනු ඇති බවත් සංගමය අවධාරණය කළේය.
 



 

SLBA හි සම්පූර්ණ සුබපැතුම් පණිවිඩය මෙසේය:

“පසුගිය දා අවසන්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔබේ පක්ෂය ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකාවේ සියලුම බලපත්‍රලාභී බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමයේ (SLBA) හදපිරි සුභපැතුම් ඔබ වෙත පිරිනමමු. රටේ ජනතාව ඔබ කෙරෙහි මහත් වූ විශ්වාසයක් තබා ඇති අතර ඔබ සහ ඔබේ නායකත්වය දෙන කණ්ඩායම අපේ රට සමෘදිය කරා ගෙන යාමේදී නිසි වගකීමකින් සහ විනිවිද භාවයකින් යුත් වගවීමකින් එය ඉටු කරනු ඇති බව අප විශ්වාස කරන්නෙමු.

ඉදිරියට ඇති මෙම අභියෝගාත්මක ගමනේදී ඔබේ රජයට එම කර්තව්‍ය හොඳින් ඉටුකරගැනීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට අප සාමාජික බැංකු පද්ධතිය කැපවී සිටින්නෙමු. රටේ දේශපාලනික හා සමාජීය ස්ථාවරභාවයේ වැදගත්කම සහ ශක්තිමත් ආර්ථිකයක් ඒ සඳහා ලබාදෙන දායකත්වය හොඳින් වටහාගෙන ඇති බැංකු ක්ෂේත්‍රය රටේ මුල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීමට බැඳී සිටින්නෙමු. ජනාධිපති ලේකම් කාර්යාලය සමග මෑතකදී ආරම්භ වුනු, ‘අදාළ අංශ සමග සිදුකරන’ සාකච්ඡා මාර්ගයෙන් රටේ මුල්‍යමය ගැටලුවලට සාධාරණ සහ තිරසාර පිළියම් සෙවීමේ කර්තව්‍ය අප ඉතා අගය කරන අතර එතුළින් අනොන්‍ය අවබෝධය සහ විශ්වාසය තවදුරටත් වර්ධනය වනු ඇති.

ඔබතුමාට, අග්‍රාමාත්‍යවරියට, නව කැබිනට් මණ්ඩලයට සහ අභිනවයෙන් පත් වූ සියලුම මන්ත්‍රීවරුනට සුභාසිංශන පුදකරන අතර ඔබ සියලු දෙනාගේම ‘රට සුඛිත මුදිත කිරීමේ ඉදිරි ගමන’ ඉතා ඉහලින් සාර්ථක වේවායී ඉතසිතින් ප්‍රාර්ථනය කරමු.” 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව