ශ්‍රී ලංකා පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සංගමයේ පළමු ජාතික හමුව සාර්ථකව පැවැත්වේ

MAIN IMAGE (LBN)

මෙරට පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිළිගත් නියෝජිතයා වන ශ්‍රී ලංකා පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ (APHNH) පළමු ජාතික හමුව වෝටර්ස් එජ් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි. ‘තරගකාරිත්වයෙන් ඔබ්බට – සහයෝගිතාව තුළින් ඉදිරියට’ යන්න තේමාව කර ගත් එයට දිවයන පුරා පෞද්ගලික රෝහල් රැසක් නියෝජනය කරමින් නියෝජිතයෝ 150කට වැඩි පිරිසක් සහභාගී වූහ. ආරාධිතයන් පිළිගනිමින් සංගමයේ සභාපති රවීන් වික්‍රමසිංහ සඳහන් කළේ පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙරට බාහිර රෝගී ප්‍රතිකාර සේවාවලින් 55%ක් හා නේවාසික ප්‍රතිකාර සේවාවලින් 5%ක් සපයමින් ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් සපයන බවයි. ජාතික සෞඛ්‍ය සේවාව නගා සිටුවීමට පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය එකමුතු වී කටයුතු කිරීමේ වැදගත්කමද ඔහු අවධාරණය කළේය.

 



 
සංගමයේ පාලක සභාවේ සාමාජිකයන් වන ආචාර්ය ආනන්ද කුරුප්පු ආරච්චි (හිටපු සභාපති), වෛද්‍ය සඳමාලි වීරසිංහ (ලේකම්), වෛද්‍ය විභාෂ් විජේරත්න (උප සභාපති), මහනිල් පෙරේරා (උප සභාපති) යන අයගේ සහභාගිත්වයෙන් විද්වත් සාකච්ඡාවක්ද පැවැත්වුණු අතර එහිදී සංගමයේ කාර්යභාරය, කර්මාන්තයේ ප්‍රවණතා සහ ශ්‍රී ලංකා පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කවුන්සිලය (PHSRC) සමග ඒකාබද්ධ වෙමින් සංගමය දියත් කර ඇති වැඩසටහන් පිළිබඳ අදහස් සාකච්ඡාවට ලක් විය. විද්වත් කතිකාව මෙහෙයවමින් නිශාන්ත ජයමාන්න (සහකාර ලේකම්) සඳහන් කළේ ජාතික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවට සංගමය විශාල සේවාවක් කරන බවයි. සාමාජිකයන්ට අවශ්‍ය තොරතුරු දැන ගැනීමට හා දැනුම හුවමාරු කර ගැනීමට උපකාර වන www.aphnh.com වෙබ් අඩවියද එදින විවෘත විය. හිටපු සභාපතිවරුන් වන මහාචාර්ය ලාල් චන්ද්‍රසේන, ආචාර්ය ලකිත් පීරිස්, ආචාර්ය ආනන්ද කුරුප්පු ආරච්චි, වෛද්‍ය රුවන් සේනාතිලක සංගමයට සහ පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයට කළ සේවය අගයමින් විශේෂ උපහාර පිදීමක්ද පැවැත්විණි. ස්තුති කතාව කරමින් භාණ්ඩාගාරික වෛද්‍ය චතුර වීරසිංහ පැවැසුවේ කර්මාන්ත ප්‍රමිති ඉහළ නැංවීමට රට පුරා පෞද්ගලික රෝහල් තම සංගමය සමග එක් වී ඇති බවයි. 1972දී ආරම්භ වූ පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය PHSRC යටතේ ලියාපදිංචි වූ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් රැසකින් සමන්විත ව්‍යුහයකි. වෘත්තීය පුරුදු ශක්තිමත් කරමින් ප්‍රතිකාර සහ සත්කාර සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම එහි අරමුණ වේ.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව