ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ සුවිශේෂී ප්‍රතීතන ඇගයීම් 15ක් සමඟින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට නව අවස්ථා රැසක් විවර කරයි

IMG_9743 (LBN)

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (SLAB) විසින් අනුකූලතා තක්සේරු ආයතන 15ක් පිළිගැනීමට ලක් කරමින් පසුගියදා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් ඉහළ නංවමින් ජාත්‍යන්තර වෙළෙඳාම වෙනුවෙන් නව මංපෙත් විවර කිරීමට එය කදිම අවස්ථාවක් විය.

 



 

2025 ලෝක ප්‍රතීතන දිනයට සමගාමීව පවත්වන ලද ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලයේ 20 වන සංවත්සර උත්සවයේදී මෙම ජයග්‍රහණයන් පිළිබඳ නිවේදනය කරන ලදී. මෙම ජයග්‍රහණය තුලින් අවධාරණය කරනු ලබන්නේ ගෝලීය තත්ත්ව ප්‍රමිතීන්ට අනුකූල වීම, අපනයන තරඟකාරීත්වය වැඩි දියුණු කිරීම සහ ආර්ථික වර්ධනය පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ SLAB හි වැඩබලන අධ්‍යක්ෂිකා/ප්‍රධාන විධායක නිලධාරිණී චන්දිතා එදිරිවීර මහත්මිය පවසා සිටියේ “අපගේ නිෂ්පාදන හා සේවාවන් ඉහළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කිරීම තුලින් මෙම ජාත්‍යන්තර වෙළෙඳපොලවල ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය තහවුරු කරනවා. යුරෝපා සංගමයේ BESPA-FOOD ව්‍යාපෘතියේ සහාය ඇතිව ක්‍රියාත්මක වූ ප්‍රතීතනය සඳහා සූදානම් වීමේ වැඩසටහන (ARP), ශ්‍රී ලංකාවට මෙම සාර්ථකත්වය ලබා ගැනීමට වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබුවා. ඒවගේම මෙරට ජාතික තත්ත්ව යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා තාක්ෂණික හා මූල්‍යමය සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් අපගේ හවුල්කරුවන්ට ස්තුතිවන්න වනවා.” යනුවෙනි.

මෙම අනුමැතිය ලබා ගත් ආයතන අතරට Microchem Laboratories පුද්. සමාගම, ජාතික ජල සම්පත් හා ජල පවාහන මණ්ඩලය – අනුරාධපුරය, SLSI රසායනික විද්‍යාගාරය, පළාත් ආහාර විද්‍යාගාරය, එස්. ඒ. සිල්වා ඇන්ඩ් සන්ස් පුද්. සමාගම (සිල්වර්මිල්), ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය. නාරා ක්ෂුද්‍ර ජීව විද්‍යා රසායානාගාරය, ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය සහ පොල් සංවර්ධන අධිකාරිය අයත් විය. මීට අමතරව ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය සහ ෘසපැබිසදබ Dimension Laboratory, Proficiency Testing Unit Chemical Metrology Division සහ Mass Laboratory වැනි MUSSD ඒකකයේ රසායනාගාරයන්ද මෙම ප්‍රතීතනය හිමි කරගෙන ඇත.

මෙම ප්‍රතීතන මඟින් ආයතනයන් වෙත ගෝලීය වශයෙන් පිළිගත් හා අනුගත කළ හැකි (traceable) පරීක්ෂණ, ක්‍රමාංකන සහ සහතික කිරීමේ සේවාවන් සැපයීමේ බලය ලබා දෙන අතර අපනයන වෙළෙඳපොල සඳහා ජාත්‍යන්තර තත්ත්ව හා නියාමන ප්‍රමිතීන්ට අනුකූලවන බව පෙන්නුම් කිරීමටද ඒ තුලින් හැකි වේ.

UNIDO හි ජාතික තත්ත්ව විශේෂඥ සුමති රාජසිංහම් මහත්මිය “විශ්වාසයේ හා තරගකාරීත්වයේ මූලික සාධකයක් ලෙස ප්‍රතීතනය සඳහන් කළ හැකියි. මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව QI4SD දර්ශකයේ පහළ ආදායම් ලබන රටවල් අතර 7 වන ස්ථානයේ සිට 3 වන ස්ථානය දක්වා පැමිණ තිබෙන අතර ඒ තුලින් අපගේ ජාතික තත්ත්ව යටිතල පහසුකම්වල ප්‍රගතිය පෙන්නුම් කරනවා.” යනුවෙන් පැවසුවාය.

මෙරට ආර්ථිකයේ සුවිශේෂී සාධකයක් ලෙස ශක්තිමත් හා ගුණාත්මක යටිතල පහසුකම් ඉහළ නැංවීම, ආර්ථක වර්ධනයය මෙහෙයවීම සහ ජාත්‍යන්තර වෙළෙඳාමේ විශ්වාසදායී හවුල්කරුවකු ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය කැපවී කටයුතු කරයි.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව