ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් විසින් 2024 වසර සඳහා විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල අත්කර ගනී.

IMAGE NEW (LBN)
  • ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් විසින් වාර්ෂික හිමිකම් ගෙවීම් රුපියල් බිලියන 10.5 ක අගයක් වාර්තා කරයි
  • 2023 වසරේ සිට 9.45% ක ආකර්ෂණීය වර්ධනයක් සනිටුහන් කරමින්, රුපියල් බිලියන 25 ක දැවැන්ත වූ සමස්ත ආදායමක් සනිටුහන් කරයි
  • SLICGL රුපියල් බිලියන 4 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරයි
  • 9% ක වර්ධන වේගයක් සමගින් 19.4% ක වෙළඳපොළ කොටසක් අත්කර ගනිමින් වෙළඳපොළ ප්‍රමුඛයා බවට පත් වේ
  • ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්, මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ අංක 1 ස්ථානය අඛන්ඩව පවත්වා ගනී  

 

2025 අප්‍රේල් 22, කොළඹ: ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL) 2024 වසරේදී විශිෂ්ට කාර්ය සාධනයක් ලබා දෙමින්, වෙළඳපොළ ප්‍රමුඛයා වශයෙන් රක්ෂණ ක්ෂේත්‍රය තුළ තම විශිෂ්ටත්වය සහ අඛන්ඩ පැවැත්ම ශක්තිමත්ව තහවුරු කර ඇත. සමාගම ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වයක් පෙන්නුම් කරමින් බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 4 ක සුවිශේෂී ලාභයක් සහ බදු ගෙවීමෙන් පසු රුපියල් බිලියන 3.3 ක ලාභයක් අත්කර ගෙන තිබේ. 2024 වසරේ දෙසැම්බර් මස 31 වන විට, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් රුපියල් බිලියන 25 ක සමස්ත වාරික ආදායම් අගයක් (GWP)  වාර්තා කළ අතර, එහි වත්කම් රුපියල් බිලියන 51 දක්වා පුළුල් කරමින් එහි මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කොට ඇත.
 



 

මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් රුපියල් බිලියන 14 ක වාරික ආදායම් අගයක් උපයාගෙන ඇත. තවද, ඉන් 20% ක වෙළඳපොළ කොටසක් අත් කර ගනිමින් අඛණ්ඩව හයවන වසරටත් රටේ අංක එකේ මෝටර් රථ රක්ෂණ සැපයුම්කරු ලෙස තම ස්ථානය තහවුරු කර ගැනීමට සමාගම සමත්ව තිබීම  විශේෂත්වයකි. මෙම අංශය 5.3% ක වර්ධනයක් පෙන්නුම් කළ අතර, එය එහි අඛණ්ඩ සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.

එමෙන්ම මෝටර් රථ නොවන අංශය රුපියල් බිලියන 11 ක වාරික ආදායම් අගයක්   අත්කර ගත් අතර, එය 15% ක වර්ධනයක් වාර්තා කරමින් මෙම අංශයේ කර්මාන්ත වර්ධන වේගය ඉක්මවා ගියේය. සමස්තයක් වශයෙන්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් 9% ක වර්ධන වේගයක් වාර්තා කරමින් 19.4% ක වෙළඳපොළ කොටසක් අත්කර ගනිමින් වෙළඳපොළ ප්‍රමුඛයා බවට පත් විය. එය රක්ෂණ ක්ෂේත්‍රයේ සාමාන්‍යය අභිබවා යාමක් වන අතර ඒ තුළින් සමාගම සතු විවිධ රක්ෂණ ආවරණ එකතුව සහ පාරිභෝගිකයන් කෙරෙහි දක්වන අවධානය විදහා දක්වයි.

රක්ෂණ ඔප්පු හිමියන් සම්බන්ධයෙන් සමාගම දක්වන කැපවීම නැවත වරක් තහවුරු කරමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් විසින් 2024 වසරේදී රුපියල් බිලියන 10.5 ක හිමිකම් ගෙවීම් සිදු කළේය. මින් පිළිබිඹු වන්නේ, එම පාරිභෝගිකයින්ට ලබා දුන් පොරොන්දු සහ විශිෂ්ට සේවාවක් සැපයීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් නිරන්තරයෙන් කැපවී සිටින බවයි.

SLICGL හි ශක්තිමත් කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මහතා මෙසේ අදහස් පැවසීය.” ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් නැවත වරක් 2024 වසරේ විශිෂ්ට කාර්ය සාධනයක් අත් කර ගෙන තිබෙනවා. එය සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස අපගේ ස්ථානය ශක්තිමත් කිරීමක්. ක්‍රමක් ක්‍රමයෙන් දියුණුවෙමින් පවතින ආර්ථික වාතාවරණයක් හමුවේ, අපගේ උපායමාර්ගික පැවැත්ම, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පාරිභෝගිකයින් කේන්ද්‍ර කරගත් ප්‍රවේශය හරහා තිරසර වර්ධනයක් අත්කර ගැනීමට අපට හැකිවී තිබෙනවා. මෙම සාර්ථකත්වය, අපගේ රක්ෂණ ඔප්පු හිමියන් අප කෙරෙහි තබා ඇති විශ්වාසය සහ අපගේ කාර්යමණ්ඩලයේ අඛන්ඩ කැපවීම පිළිබිඹු කරයි. අනාගතයේදී අපගේ ගනුදෙනුකරුවන්ට සහ පාර්ශවකරුවන්ට වඩාත්  හොඳ සේවාවක් ලබා දීම සඳහා සේවා විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ මූල්‍ය ශක්තිය පිළිබඳ නව භාවිතයන් හඳුනාගැනීමට අපි නිරන්තරයෙන් කැපවී කටයුතු කරනවා.”

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපතිවරයා මෙසේ පැවසීය. ” 2024 වසරේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් හි කැපී පෙනෙන කාර්ය සාධනය, ස්ථාවරත්වය සහ දිගුකාලීන වටිනාකම් සලසා ගැනීම සඳහා අප විසින් කරනු ලැබූ නොසැලෙන කැපවීම මෙම ජයග්‍රහණය තුළින් ඉස්මතු කෙරෙනවා. අවදානම් කළමනාකරණය කිරීම, වෙළඳපොළ වෙත හැඩ ගැසීමේ හැකියාව සහ උසස් මට්ටමේ රක්ෂණ විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම හරහා අපි රක්ෂණ ක්ෂේත්‍රයේ අභියෝගවලට විශ්වාසයෙන් යුතුව මුහුණ දී තිබෙනවා. සේවා විශිෂ්ටත්වය වර්ධනය කරමින් ලාභ උපයාගැනීම අඛන්ඩව පවත්වා ගැනීම සඳහා අප සතුව ඇති හැකියාව, අපගේ ආයතනික ශක්තිය සහ උපායමාර්ගික දැක්ම පිළිබඳව බොහෝ දේ පවසනවා. අනාගතයේදී මෙම තත්ත්වය වැඩි දියුණු කර ගැනීම උදෙසා, පාර්ශවකරුවන්ගේ විශ්වාසය වර්ධනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගතය අඛන්ඩව හැඩගැස්වීමට අපි හොඳින් ස්ථානගත විය යුතුයි.”

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් නව වසරේදී නවෝත්පාදනය, පාරිභෝගිකයින් කෙරෙහි දක්වන අවධානය සහ තිරසර සංවර්ධනය සඳහා ස්ථිර වශයෙන් කැපවීමෙන් ක්‍රියා කරනු ඇත. පුද්ගලයන්ගේ සහ ව්‍යාපාරවල වෙනස්වන අවශ්‍යතාවයන් ඉටු කර දීම සඳහා අඛණ්ඩව කටයුතු කරමින්, සුරක්ෂිත සහ මානසික සුවයක් සලසා දෙන අති නවීන රක්ෂණ නිෂ්පාදන පිරිනැමීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ක්‍රියා කරමින් සිටී. සේවා විශිෂ්ටත්වය, ඩිජිටල් පරිවර්තනය සහ වැඩිදියුණු කරන ලද පාරිභෝගික එකතුවක් පිළිබඳව අවධානය යොමු කරමින් පාරිභෝගික විශ්වාසය ශක්තිමත් කිරීම සමාගමේ ප්‍රමුඛතාවයකි. ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් එහාට, වගකිවයුතු ආයතනික පුරවැසිබව සහ ප්‍රජාව විසින් ක්‍රියාත්මක කරන මුලපිරීම් හරහා සමාජයට සාධනීය බලපෑමක් ඇති කිරීම සඳහාත්, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය දිශානතිය තුළ අර්ථවත් ප්‍රගතියක් ඇති කරමින් විශිෂ්ට වූ භාවිතාවන් යොදා ගැනීමටත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් කටයුතු කරනු ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව