ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්, සිය පාරිභෝගිකයන්ට විශේෂ ප්‍රතිලාභ ලබාදෙමින් හමීඩියා සමඟ අවබෝධතා ගිවිසුමකට

Image - SLICGL Partners with Hameedia to offer Motor Plus Comprehensive Customers exclusive benefits

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), ශ්‍රී ලංකාවේ උසස් තත්ත්වයේ ඇඳුම් විලාසිතා සම්බන්ධ ප්‍රමුඛතම සන්නාමයක් වන හමීඩියා සමඟින් අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇති බව නිවේදනය කර සිටී. ශ්‍රී ලංකාවේ රක්ෂණ වෙළෙඳපොළේ මින් පෙර නොවූ ආකාරයේ හවුල්කාරීත්වයක් වන මෙම පියවර තුළින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්හි මෝටර් ප්ලස් (Motor Plus) පුර්ණ රක්ෂණාවරණ හිමිකරුවන් හට, සුවිශේෂී වට්ටම් සහ වෙනත් වාසි ලැබෙනු ඇත. පසුගියදා එන්වෝයි මැන්ෂන් (Envoy Mansion) හිදී මෙම අවබෝධතා ගිවිසුම නිල වශයෙන් සිදු කෙරිණි.

 



 

දෙපාර්ශවයේම සහයෝගීත්වයෙන් මෙම  අවබෝධතා ගිවිසුම අත්සන් තැබුණු අතර හමීඩියා ආයතනය නියෝජනය කරමින් සමාගම් අධ්‍යක්ෂවරුන් වන මිකායිල් හමීඩ් සහ අම්ජ්ඩ් හමීඩ්, ප්‍රධාන තොරතුරු නිලධාරී/උපදේශක කැලුම් ජයසේකර, මානව සම්පත් හා මෙහෙයුම් ප්‍රධානී ඒ.ටී.එම්. ෆර්සාන් සහ ප්‍රාදේශීය කළමනාකරු ධනුෂ්ක වෙලගෙදර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී විය.  ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් නියෝජනය කරමින්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත පෙරේරා, ආයතනික ව්‍යාපාර සහ අලෙවිකරණ සහකාර සාමාන්‍යාධිකාරී මහේෂ් ගමගේ සහ ආයතනික ව්‍යාපාර අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු රවි මේදිස් යන මහත්වරුන් මෙම අවස්ථාවට එක් විණි.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ, සියලුම මෝටර් ප්ලස් පුළුල් රක්ෂණාවරණ හිමිකරුවන් හට hameedia.com සහ signature.lk වෙතින් ඔන්ලයින් ක්‍රමයට සිදු කරන මිලදී ගැනීම් සඳහාත්, සියලුම හමීඩියා සහ සිග්නේචර්(signature) වෙළදසැල් ඔස්සේ කරන මිලදී ගැනීම් සඳහාත් 15% ක වට්ටමක් හිමිවේ. එසේම, කොළඹ 03, එන්වෝයි මැන්ෂන්හි පිහිටා තිබෙන My Friend Café වෙතින් කරන මිලදී ගැනීම් සඳහා ඔවුන්ට 15% ක වට්ටමක් හිමිවනු ඇත.

සාම්ප්‍රදායික රක්ෂණාවරණ පිරිනැමීමෙන් ඔබ්බට ගොස් තම පාරිභෝගිකයින්ට වටිනා සේවාවක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් දරණ කැපවීම, මෙම හවුල්කාරීත්වය මඟින් පිළිබිඹු වේ. හමීඩියා සමඟ හවුල් වීම ඔස්සේ, සිය පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවන රටාව වඩා අර්ථවත්  කිරීම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ්හි අරමුණයි.

හුදු රක්ෂණාවරණයකින්  එහාගොස්  වටිනාකමකින් යුතු සේවා පිරිනැමීම තුළින් තම පාරිභෝගිකයින්ගේ සේවා තෘප්තිය ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් දක්වන කැපවීම මෙම පියවරෙන් පෙනී යයි. එසේම, රක්ෂණයෙන් ලැබෙන ආරක්ෂාව එදිනෙදා ජීවිතයට ලැබෙන වාසි සමඟින් එකට ඒකාබද්ධ කොට වඩාත් පරිපූර්ණ පාරිභෝගික අත්දැකීමක් පාරිභෝගිකයින්ට මෙම හවුල්කාරීත්වය ඔස්සේ ලැබෙනු ඇත. මෙය සැබවින්ම රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමිතිය සහ ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමේ පියවරක් වනු ඇත. මෙම සුවිශේෂී වට්ටම් ලබාගනිමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් පවුලේ සාමාජිකයෙකු වීමේ වාසිය අත්විඳින මෙන් සමාගම සිය සියලුම මෝටර් ප්ලස් පුර්ණ රක්ෂණාවරණ හිමිකරුවන් හට ආරාධනා කර සිටී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව