ශ්‍රී ලංකා ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලිය සැප්තැම්බර් 28 දා රත්නපුරයේදී ඇරැඹේ

Capture

මෙරට බැඩ්මින්ටන් තරග බිමේ මීළඟ පරපුර නියෝජනය කරන දස්කම් සපිරි ක්‍රීඩක ක්‍රිඩිකාවන් සහභාගි වන ශ්‍රී ලංකා ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලිය සැප්තැම්බර් මස 28 වැනිදා සිට ඔක්තෝබර් මස 2 දින දක්වා රත්නපුර නගරය කේන්ද්‍ර කරමින් ස්ථාන 3කදී පැවැත්වේ. දින 5ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය.

 



 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කරනු ලබන ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා කලාපීය සංවර්ධන කමිටුවේ සහ සබරගමුව පළාත් බැඩ්මින්ටන් සංගමයේ පූර්ණ සහයෝගය ද ලැබී ඇති අතර, තරගාවලිය කුරුවිට දේශබන්දු ලුතිනන් කර්නල් ඩබ්. විමලදාස ගෘහස්ත ක්‍රීඩාංගණය, සබරගමුව පළාත් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණය සහ සීවලී විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරමින් පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලියට අවුරුදු 19න් පහළ, 17න් පහළ, 15න් පහළ, 13න් පහළ සහ අවුරුදු 11න් පහළ වයස් කාණ්ඩයේ තරග ඇතුළත් ශ්‍රී ලංකා ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලියේ බාලක බාලිකා කනිෂ්ඨ තරග අංශය යටතේ ඒකල සහ යුගල තරග පැවැත්වෙන අතර, අවුරුදු 14න් ඉහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විවෘත තරග අංශය යටතේ ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත්ය. තරගාවලියේ සියලු තරග ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ නීතිරීති යටතේ පැවැත්වෙනු ඇත.

සැප්තැම්බර් මස 28 වැනිදා ක්‍රීඩාංගණ 3දීම නිල වශයෙන් ආරම්භ වන මූලික වටයේ තරග සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා පැවැත්වෙන අතර,  පිළිමලුන් පිටුදැකීමේ අර්ධ අවසන් පූර්ව, අවසන් පූර්ව තරග ඔක්තෝබර් මස 1 වැනිදා පැවැත්වීමට නියමිතය. අවසන් මහා තරග සහ ත්‍යාග ප්‍රදානෝත්සවය ඔක්තෝබර් මස 2 වැනිදා පැවැත්වෙනු ඇත.

Mobil,  Sunquick සහ LiNing ශ්‍රී ලංකා ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරනු ලබයි.

 

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව