ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේ ආධිපත්‍ය පතුරුවයි

IMG-20250818-WA0049 (LBN)

දකුණු ආසියානු කලාපීය බැඩ්මින්ටන් ශූරතාවලියේ විශිෂ්ඨ දස්කම් විදහා දක්වමින් අවුරුදු 15න් පහළ, 17න් පහළ සහ 23න් පහළ වයස් කාණ්ඩ ත්‍රිත්වයේදීම ශූරතා දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. භූතානයේ පැවති මෙම ශූරතාවලියේ පළමු දිනයේදීම අවුරුදු 17න් පහළ තරග ඉසව්වෙන් පාකිස්තානය තරග වට 4-1කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්විය. එම තරග අංශයේ බාලක යුගල තරග ඉසව්වෙන් පරාජයට පත්වූවද, කෙනත් අරුග්ගොඩ සහ නෙත්මි රත්නායක (මිශ්‍ර යුගල), සෙනුත් සෙත්මිත (බාලක ඒකල), විශ්වනී වන්නිආරච්චි (බාලිකා ඒකල) සහ නෙත්මි සහ විශ්වනී (බාලිකා යුගල) තරග ඉසව්වලින් ජයග්‍රහණ අත්කර ගත්හ.

එදිනම පැවැති අවුරුදු 23න් පහළ තරග ඉසව්වේදී භූතානයට එරෙහිව තරග  වට 5-0ක ජයක් ශ්‍රී ලංකාවට අත්කර දෙමින් බාලක, බාලිකා ඒකල සහ යුගල දෙඅංශයම ජයගැනීමට දුමිඳු අබේවික්‍රම සහ රනිත්මා ලියනගේ විශිෂ්ඨ දායකත්වයක් ලබා දුන්හ. එහිදී දුමිඳු සහ විරේන් නෙත්තසිංහ බාලක යුගල ශූරතාව දිනාගත් අතර, රනිත්මා සහ රෂ්මි මුදලිගේ බාලිකා යුගල තරගය ජයගැනීමට සමත්වූහ.

 



 

අඛණ්ඩව තරගාවලිය පුරා දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව අවුරුදු 23න් පහළ තරග ඉසව්වේදී පාකිස්තානයට එරෙහිව තරග වට 5-0ක ජයක් වාර්තා කිරීමට සමත්විය.

අවුරුදු 15න් පහළ ඒකල හා යුගල තරගවලදී ශ්‍රී ලංකා ණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තමිඳු ප්‍රනාන්දු සහ නිතිනි කොටුවේගොඩ පෙරමුණ ගත් අතර, රනිතු ප්‍රේමරත්න සමඟ එක්ව බාලක යුගල තරගය ජයගැනීමට ද තමිඳු සමත්විය. ලිමන්දි ගජලි සමඟ එක්ව බාලිකා යුගල තරගයේ ජය හිමිකර ගැනීමට නිතිනි සමත්වූ අතර, තමිඳු සහ නිතිනි එක්ව මිශ්‍ර යුගල තරගයේ ජයග්‍රහණය ද අත්කර ගත්හ. මෙම ශූරතාවලියේ අවසන් දිනයේදී නැවත වරක් දස්කම් අතරට පිවිසි ශ්‍රී ලංකාව සියලු වයස් කාණ්ඩ ජයගැනීමට සමත්වූයේ නේපාලයට එරෙහිව තරග වට 5-0 ක ජයක් වාර්තා කරමිනි.

දකුණු ආසියානු බැඩ්මින්ටන් කලාපයේ සිය ආධිපත්‍ය පතුරුවාලීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොෂාන් ගුණවර්ධන, කළමනාකරු අමන්ද වීරසිංහ සහ පුහුණුකරු හසිත චානක මහත්වරුන්ගේ මඟ පෙන්වීම ද කැපී පෙනිණි.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව