ශ්‍රී ලංකාවේ THE PEKOE TRAIL, National Geographic හි ලොව හොඳම සංචාරක අත්දැකීම් අතරට එක් වෙයි

image 1 (LBN)

ලොව ප්‍රමුඛතම පාරිසරික සඟරාවක් වන National Geographic සඟරාව, 2024 BEST OF THE WORLD සංචාරක අත්දැකීම් අතරට ශ්‍රී ලංකාවේ ඔ්‍යෑ THE PEKOE TRAIL තෝරා ගනු ලැබීය. THE PEKOE TRAIL ලොව හොඳම සංචාරක අත්දැකීම් ලැයිස්තුවෙහි 16 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව වූයේ ඔවුන්ගේ නිර්දේශයන් ඉහළින්ම සපුරාලමිනි.

 



 

THE PEKOE TRAIL හි මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසා සිටියේ “THE PEKOE TRAIL සමඟ මෙරට තේ වගාවන් ආශ්‍රිත ප්‍රදේශයන්හි ස්වභාව ධර්මය පදනම් කරගත් සංචාරක අත්දැකීමක් අපේක්ෂා කරන සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ඉහළ ගොස් තිබෙනවා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැවිලි සමාගම්, ශ්‍රී ලංකා සංචාරක කාර්යංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, යුරෝපා සංගමය (European Union) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) එක්ව කටයුතු කිරීම හේතුවෙන් මෙම ඇගයීම ලබා ගැනීමට හැකි වුණා.” යනුවෙනි.

ශ්‍රී ලංකාව සඳහා වූ යුරෝපා සංගමයේ තානාපතිනි කාර්මන් මොරෙනෝ (Carmen Moreno) මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාවට සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ අත්‍යාවශ්‍යම මොහොතක THE PEKOE TRAIL විසින් හිමිකර ගනු ලැබූ මෙම පිළිගැනීම තමන් ඉතාමත් සතුටට පත් වන බවයි. යුරෝපා සංගමයේ සහයෝගය යටතේ ක්‍රියාත්මක වන එම ව්‍යාපෘති සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට වගේම ඒ, ඒ ප්‍රදේශයන් හි ව්‍යාපාර හා සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වයන් ඉහළ නැංවීමටත් සමත්ව තිබෙන බවත් තානාපතිවරිය වැඩි දුරටත් සඳහන් කරන ලදී.

National Geographic සඟරාව විසින් පළ කරනු ලැබූ ලොව හොඳම සංචාරක අත්දැකීම් පෙළ ගැස්ම NatGeo.com/BestOfTheWorld වෙතින් ලබා ගත හැකිය.

ඡායාරූපය – ටොම් සිග්ලර් (Tom Sigler – Weekend Hiker)

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව