ශ්‍රී ලංකාවේ බදු කළමනාකරණයේ නව පෙරළියක් ඇති කිරීමට DPR මුලපුරයි

Photo Caption - 01 (LBN)

–ශ්‍රි ලංකාවේ බදු කළමනාකරණයේ විශිෂ්ටත්වය යළිත් තහවුරු කරයි–

2005 වසරේ සිට ශ්‍රී ලංකාවේ වෘත්තීය උපදේශන සහ උපදේශන සේවා සපයන්නා වන DPR, ‘බදු’ සම්බන්ධයෙන් වන ලංකාවේ පළමු නිල වෙබ් අඩවිය වන www.taxsrilanka.com, රාජගිරියේ පිහිටි DPR ආයතන පරිශ්‍රය තුළදී දියත් කරන ලදී. 2006 වර්ෂයේ දී ගනුදෙනුකරුවන් සමඟ නිරන්තරයෙන් යාවත්කාලීනවන බදු සම්බන්ධ තොරතුරු බෙදාහැරීම සදහා SMS ක්‍රමවේදයක් පවත්වාගෙන යමින් ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට DPR  කටයුතු කර තිබේ.

බදු සම්බන්ධයෙන් වූ විශේෂඥ මගපෙන්වීම මගින් බදු තොරතුරු පිළිබදව දැනුවත්භාවය ඇති කිරීම අරමුණු කර ගනිමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත. ආයතනික මෙන්ම පුද්ගලයන් සඳහා වසර 25 කට වැඩි කාලයක් නව්‍ය හා විශ්වාසනීය බදු විසඳුම් ලබා දෙමින්, සෘජු සහ වක්‍ර බදු වඩාත් ක්‍රමානුකූලව නිවැරදි වාර්තා ඉදිරිපත් කිරීම, සැලසුම්, උපදේශන සහ නඩු පැවරීමේ සිට බදු කළමනාකරණ විසඳුම් රාශියක් DPR ආයතනය විසින් ඉදිරිපත් කරනු ලබයි.
 



 

මෙම උත්සව සභාවට ප්‍රධාන ආරාධිතයා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් ඩී.ආර්.එස්. හපුආරච්චි මහතා සහභාගී වූ අතර මුදල් අමාත්‍යාංශයේ හිටපු රාජ්‍ය මූල්‍ය උපදේශක සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් පී.ගුරුගේ මහතා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බදු උපදේශකා ධම්මිකා ගුණතිලක, වරලත් බදු කරන ආයතනයේ හිටපු සභාපති සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ප්‍රේමරත්න බණ්ඩා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ පීඨ සාමාජික ආචාර්ය සමන්ත රත්නායක ද එම අවස්ථාව සදහා සහභාගී විය.

උත්සව සභාව අමතමින් DPR  හි නිර්මාතෘ සහ සභාපති, භාරත සුබසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ , දැනුම සහ නවෝත්පාදන තුළින් ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීම’ ට අපගේ බදු කළමනාකරණ කණ්ඩායමේ සාමූහික දැනුම, ප්‍රවීණත්වය සහ පළපුරුද්ද උපයෝගී කර ගනිමින්, ශ්‍රී ලංකාවේ බදු කළමනාකරණ පද්ධතියේ පවතින ගැටළු සදහා නිසි විසඳුම් ලබා දීමට අප නිරන්තරයෙන් කටයුතු කිරීමට වගකීමෙන් බැදී සිටින බවයි.

DPR  විසින් ඉටු කරනු ලබන සුවිශේෂී කාර්යභාරය අගයමින්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් ඩී.ආර්.එස්. හපුආරච්චි සිය අදහස් ප්‍රකාශ කරමින්, බදු සේවාලාභීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින්, බදු සහන ලබාදීම් සහ අදාළ දිරිගැන්වීම් හරහා රජයට නිවැරදිව බදු ගණනය කිරීම් සහතික කිරමින් DPR  ආයතනය විසින් අත්‍යාවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන බව අවධාරණය කළේය.

1999 වර්ෂයේ දී DPR ආයතනය ස්ථාපිත කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බදු කළමනාකරණය කිරීමේ පද්ධතිය සඳහා නව කඩඉමක් සලකුණු කරන ලදී. DPR ආයතනය විසින් ජාත්‍යන්තර ගනුදෙනුකරුවන්, පුද්ගලයන් සහ ආයතන සඳහා විවිධ අංශ ඔස්සේ බදු සම්බන්ධ සේවාවන් ලබා දෙනු ලබයි. එහිදී, නිවැරදි මූල්‍ය තීරණ ගැනීම, සංකීර්ණ බදු නීති සරල ආකාරයෙන් ඉදිරිපත් කිරීම, නව බදු විසඳුම් ලබා දීම සහ එක් එක් සේවාදායකයා වෙනුවෙන් විශේෂඥ උපදෙස් ලබා දෙමින් බදු සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ඇති කරවීමට DPR  ආයතනය සිය කාර්යභාරය ඉටු කරනු ලබයි. ශ්‍රී ලංකා රජය මෑතකදී ශ්‍රී ලංකාව තුල සාධාරණ බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කිරීමත් සමඟ, බදු කළමනාකරණය යාවත්කාලීන කිරීම හරහා පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට සිය බදු උපදේශන සේවාවන් ලබා දීමට DPR  ආයතනය කැපවී සිටී. එමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දායකත්වයක් ලබා දීම DPR ආයතනයේ බලාපොරොත්තුව වේ.

ශ්‍රී ලංකාවේ වෘත්තීය උපදේශන සහ උපදේශන සේවා සපයන්නා වන DPR ආයතනය විසින් සෘජු විදේශ ආයෝජන උපදේශනය, සමාගම් ලියාපදිංචි කිරීම සහ උපදේශන සේවා, ගිණුම්කරණ සේවා, බුද්ධිමය දේපළ කටයුතු පිළිබඳ සේවා, මානව සම්පත් කළමනාකරණ උපදේශන සේවා සහ ආයතනික පුහුණුව ආදී සේවාවන් සපයනු ලබයි.

වැඩි විස්තර සදහා www.taxsrilanka.com නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබා ගත හැක.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව