
මෙගාවොට් 50ක සුළං බලාගාර ව්‍යාපෘතියක් මන්නාරමේදී
ශ්‍රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍යාපෘතියක් හේලීස් ෆෙන්ටන්ස් ආයතනයෙහි (Hayleys Fentons Limited) සුළං බලශක්ති අංශය වන හේවින්ඩ් (HayWind) විසින් සිදු කිරීමට නියමිතයි. එම ව්‍යාපෘතියට අදාළ වන ගිවිසුම (PPA) අත්සන් කිරීමේ කටයුතු 2025 මැයි මස 28 වන දින බලශක්ති අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් හේවින්ඩ් වන් ලිමිටඩ් ආයතනය (HayWind One Limited) වෙත ප්‍රදානය කිරීම මෙමඟින් නැවත වරක් තහවුරු විය.
ඒකක මිල ඇමරිකානු ඩොලර් ශත 4.65 ක තරඟකාරී ලංසුවක් යටතේ මෙම ව්‍යාපෘතිය පිරිනමා ඇති අතර එය ගොඩනැඟීම, අයිතිය සහ මෙහෙයුම් කටයුතු (Build, Own, Operate) යනාදිය මෙයට අදාළ වේ. එසේම මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ තීරණාත්මක දියුණුවක් පිළිඹිබු කරන අතරම සමස්ත ශ්‍රී ලාංකීය මහජනතාවටම දිගුකාලීන පාරිසරික හා ආර්ථික ප්‍රතිලාභ ලබා දෙනු ඇත.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ.ටී.එම්.උදයංග හේමපාල මහතා මෙම ව්‍යාපෘතියට මුලපිරීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වනු ලැබීය: “මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ පිරිසිදු බලශක්ති අනාගතය සඳහා කාලෝචිත හා උපායමාර්ගික ආයෝජනයක් වෙයි. එය අපගේ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමට සහ දිගුකාලීන බලශක්ති ස්වාධීනත්වය තහවුරු කිරීමට අවශ්‍ය සහයෝගීතාවය මැනවින් පෙන්නුම් කරන්නක්ද වෙයි.”
මෙම යෝජිත සුළං බලශක්ති ව්‍යාපෘතිය ටර්බයින 10 කින් සමන්විත වේ. ඒ සෑම ටර්බයිනයක්ම ආසන්න වශයෙන් මෙගාවොට් 5ක් ජනනය කරන අතර, මාස 18 ක කාලයක් ඇතුළත එහි මෙහෙයුම් කටයුතු නිම කිරීමට නියමිතව ඇත. මෙම සුළං බලාගාර ව්‍යාපෘතියෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමෙන් පසුව, ජාතික විදුලිබල පද්ධතියට බලශක්තිය සැපයීම තුළින් සුවිශේෂී දායකත්වයක් ලබා දීමට හැකියාව ලැබෙනු ඇත. සාම්ප්‍රදායික පොසිල ඉන්ධන මත පදනම් වූ බලශක්ති උත්පාදනය මෙන් නොව සුළං බලශක්තිය පිරිසිදු, තිරසාර සහ ප්‍රභව රහිත වන නිසා කාබන් පිය සටහන අවම කරමින් ශ්‍රී ලංකාවේ ශුද්ධ-ශුන්‍ය කාබන් ඉලක්ක (Net-Zero Carbon Targets) සපුරා ගැනීම සඳහා ළඟා වීමට උපකාරී වේ. එසේම මෙම ව්‍යාපෘතිය මඟින් ජනනය කරන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් මිලදී ගනු ලබන අතර එහි ප්‍රතිඵලයක් ලෙසට විදුලිය භාවිතය සඳහා යන පිරිවැය අවම
කරමින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ගේ බලශක්ති අවශ්‍යතාවය උදෙසා වඩාත් දැරිය හැකි මිලක් ලබා දීමටද හැකියාව ලැබේ.
Hayleys PLC හි සභාපති, ප්‍රධාන විධායක මොහාන් පණ්ඩිතගේ මහතා මෙම ව්‍යාපෘතියට මුලපිරීම හඳුන්වා දෙන ලද්දේ, “ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අභිලාෂයන් සඳහා වන මුලික ඉදිරි පියවරක් වශයෙනි.” “එසේම ආයතනයක් වශයෙන් තිරසාර බලශක්ති ආයෝජනයේ පෙරමුණ ගැනීමට සහ රටේ බලශක්ති අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව ලැබීම ගැන අපි ආඩම්බරයට පත් වෙමු. තවද පුනර්ජනනීය බලශක්තීන් වෙත යොමු වීමෙන්, ගෝලීය දේශගුණික ක්‍රියාමාර්ග සඳහා අර්ථවත් ලෙස දායක වීමට හැකියාව ලැබී තිබෙනවා. 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය 70% දක්වා ඉහළ නැංවීම අපේක්ෂා කරන අතර, 2035 වන විට Hayleys PLC ආයතනයක් ලෙස ශුද්ධ ශුන්‍යයත්වය (Net-Zero) වෙත ළඟා වීමේ ගමන සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරනවා.”ලෙස ඔහු මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කරන ලදි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ්හි (Hayleys Fentons Limited) කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා මේ ව්‍යාපෘතිය පිළිබඳ සිය අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය. “මන්නාරම සුළං බලාගාරය අපගේ පිරිසිදු බලශක්ති සේවාවන් පුළුල් කිරීම කෙරෙහි ඉතා වැදගත් සන්ධිස්ථානයක්. විදේශ විනිමය ඉතිරි කරමින් රටේ ආර්ථිකය සඳහා ධනාත්මක දායකත්වයක් අපගේ තිරසාර බලශක්ති මුලපිරීම් හරහා පිරිනමනවා. අපි ශ්‍රී ලංකාවේ අඩුම පිරිවැය සහිත පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයා වීමට බලාපොරොත්තු වෙනවා. මෙම ව්‍යාපෘතිය මඟින් එය ක්‍රියාත්මක වන වසර 20ක කාලය තුළ ටෙන්ඩරයේ ඊළඟ ලංසුවට සාපේක්ෂව රුපියල් බිලියන 3 ක් ඉතිරි කරදීම මේ සඳහා හොඳම නිදසුනක් සපයනවා.”
හේලීස් ෆෙන්ටන්ස් සමාගම මෙම මුලපිරීමත් සමග එහි අලුතින් ආරම්භ කරන ලද හේවින්ඩ් සමාගම හරහා සුළං බලශක්ති ක්ෂේත්‍රය වෙත ඔවුන්ගේ ප්‍රවිෂ්ට වීමද නිල වශයෙන් සනිටුහන් කරනු ලබන අතර, තවද එමඟින් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙහි එහි ආයෝජන තවදුරටත් ඉහළ නැවීමද බලාපොරොත්තු වේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සාමාන්‍යාධිකාරී වසන්ත එදුසූරිය මහතාද මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ: “මෙම ව්‍යාපෘතිය මඟින් ජාතික විදුලිබල පද්ධතිය අපට පිරිසිදු, වඩා ලාභදායී පුනර්ජනනීය බලශක්තියෙන් වැඩි දියුණු කිරීමට හැකියාව ලැබෙනවා. මෙය අනාගත පරම්පරාවන් සඳහා උචිත වන තිරසාර බලශක්ති පහසුකම් ගොඩනැගීම සඳහාද වන ඉදිරි පියවරකි.” ලෙසයි.
හේලීස් ෆෙන්ටන්ස් ආයතනයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන හේලීස් සෝලාහි (Hayleys Solar) අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා මේ පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේය: “Hayleys Solar හරහා අපි මෙගාවොට් 300 කට අධික සූර්ය බලශක්ති ව්‍යාපෘති සදහා දායකත්වය ලබාදී තිබෙනවා. ඒ වගේම මෙම මෙගාවොට් 50ක සුළං බලාගාරය ඇතුළුව, තවත් පුනර්ජනනීය බලශක්ති ආයෝජන ඔස්සේ මෙගාවොට් 200ක් සුරක්ෂිත කර තිබෙනවා. HayWind සුළං බලාගාර ව්‍යාපෘතිය හරහා අපගේ පළමු සුළං බලශක්ති ව්‍යාපෘතියෙහි සමාරම්භය සනිටුහන් කරන අතර පිරිසිදු, වඩාත් තිරසාර බලශක්ති අනාගතයක් ගොඩනැගීම උදෙසා අපගේ නායකත්වය මෙලෙසින් පුළුල් කිරීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බරට පත් වෙනවා. ශ්‍රී ලාංකික සමාගම් වලට මෙවැනි මහා පරිමාණයේ ව්‍යාපෘති සහ ආයෝජන සිදු කිරීමට ඇති හැකියාවද මෙම ව්‍යාපෘතිය කදිම සාක්ෂියකි.” ලෙසයි.
වර්තමානය වන විට සුළං බලශක්තිය හරහා ගෝලීය වශයෙන් ස්ථාපිත ධාරිතාව මෙගාවොට් මිලියන 1.2ක් වේ. එමෙන්ම සූර්ය බලශක්ති ධාරිතාව මෙගාවොට් මිලියන 2.2 කී. එය ලෝකයේ ස්ථාපනය කර ඇති සමස්ත පුනර්ජනනීය බලශක්ති ධාරිතාව වන මෙගාවොට් මිලියන 4.5න් මෙගාවොට් මිලියන 3.4 ක් වේ. 2030 වන විට සුළං බලශක්තිය මෙගාවොට් මිලියන 2.2 දක්වා වර්ධනය වනු ඇතැයි අනුමාන කර තිබෙන අතර සූර්ය බලශක්තිය මෙගාවොට් මිලියන 7 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම බලශක්ති ප්‍රභවයන් ද්විත්වය මඟින් ගෝලීය පුනර්ජනනීය බලශක්ති ධාරිතාවයෙන් අනුමාන වශයෙන් මෙගාවොට් මිලියන 11න් මෙගාවොට් මිලියන 9.2ක් නියෝජනය කරනු ඇත. තිරසාර බලශක්තිය සහිත අනාගතයක් නිර්මාණය කිරීම කෙරෙහි මන්නාරම සුළං බලාගාරය වැනි ව්‍යාපෘතිවල වැදගත්කම මෙමඟින් මැනවින් අවධාරණය වේ.
මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට, කරුණාකර info@haywind.lk තුළින් හේවින්ඩ් වන් ලිමිටඩ් (HayWind One Limited) හා සම්බන්ධ වෙන්න.