ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජනතා සහභාගීත්වයෙන් ඒකාලෝකමත් කල ඩිජිටල් වෙසක් තොරණ AIA ඉන්ෂුවරන්ස් වෙතින්

Digital Thorana-PR-Image (LBN)

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, මෙවර වෙසක් මංගල්‍යයට සමඟාමීව දියත් කරන ලද ‘පියවර පූජා’ වැඩසටහන සාර්ථකව නිම කරන ලද අතර ශ්‍රී ලංකාවේ ජනතා සහභාගීත්වයෙන් ඒකාලෝකමත් කරන ලද ප්‍රථම ඩිජිටල් තොරණ කොළඹ වෙසක් කලාපය තුලදී ප්‍රදර්ශනය කෙරිණි.  මෙම තොරණ මැයි මස 23 සහ 24 දෙදින තුල දී ජනතා සහභාගීත්වයෙන් ආලෝකමත් කරමින් ප්‍රදර්ශන  කරන ලදී.  සම්ප්‍රදාය සමඟින් නව තාක්ෂණය ද මුසුකොට නිමවා තිබූ මෙම නව්‍ය වූ ඩිජිටල් තොරණ ආලෝකමත් කිරීමට දහස් ගණනක් ශ්‍රී ලාංකික ජනතාවට අවස්ථාව ලබා දී තිබූ අතර එහි දී සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීම පිළිබඳව  ප්‍රතිඥාවක් ද ලබා දෙමින් ඔවුන් ඊට සහභාගී වීම විශේෂ කරුණක් විය.

 



 

AIA ඩිජිටල් තොරණ නිර්මාණය කිරීමේ අරමුණ වුයේ මෙම ඩිජිටල් තොරණ ආලෝකමත් කිරීමට ජනතාව සහභාගී කරවා ගැනීම මඟින් තම ජීවිතයේ සුවතාවය වෙනුවෙන් දිනපතා යම් දුර ප්‍රමාණයක් ඇවිදීම පුරුද්දක් වශයෙන් කළ යුතුය යන ප්‍රතිඥාව ජනතාව වෙතින් ලබා ගැනීමයි.  මේ සඳහා  ජනතාව 2000කට අධික පිරිසක් සහභාගී වී තිබූ අතර තම දිවියේ සුවතාවය  වෙනුවෙන්  ඔවුන් සතියකට අවම වශයෙන් කි.මි. 8ක් ඇවිදීමට ප්‍රතිඥා දී තිබුණි.   මෙම පියවර පුජාවට සහභාගී වු සෑම අයෙකුම  AIA ඩිජිටල් තොරණ ආලෝකමත් කිරීමට අමතරව එසේ සහභාගි වීමෙන් ලබා දෙන ලද සෑම ප්‍රතිඥාවක් සඳහාම AIA වෙතින් පරිත්‍යාගයක් HelpAge ශ්‍රි ලංකා ආයතනය වෙත බැර වන බැවින් එමඟින් උතුම් පුණ්‍යකර්මයකට ද දායක වී ඇත.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, මෙවර වෙසක් මංගල්‍යය සමරමින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජනතා සහභාගීත්වයෙන් ඒකාලෝකමත් කල ඩිජිටල් තොරණ ආලෝකමත් කිරීමට සහභාගී වූ ජනතාවට සිය හදපිරි ස්තුතිය පල කර සිටියි.  දින දෙකක් පුරාවට වෙසක් තොරණ පූර්ණ වශයෙන් ආලෝකමත් කිරීමට ජනතාවගෙන් ලද සහයෝගය ඔස්සේ පිළිබිඹු වන්නේ වෙසක් සමයේ දී පමණක් නොව නිරතුරුව අප අත්දකින ශ්‍රී ලාංකික හදවත් තුල ඇති මනුෂ්‍යත්වයයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව