ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වෙන වයස් කාණ්ඩ ආධුනික බැඩ්මින්ටන් ශුරතාවලියට අයැදුම්පත් කැඳවයි

Capture

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සංවිධායකත්වයෙන් සහ කලාපීය සංවර්ධන කමිටුවේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාවේ පළමුවරට පැවැත්වෙන වයස් කාණ්ඩ ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් කැඳවා තිබේ. මේ මස 28 වැනිදා සිට ඔක්තෝබර් මස 2 වැනිදා දක්වා නයිවල, දෙවොළපොල පිහිටි නිව් සනිරෝ එයාර්පෝර්ට් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත මෙම ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීමේ සැප්තැම්බර් 20 වැනිදායින් නිමාවට පත් වෙයි.

 



 

අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ අවුරුදු 19න් පහළ බාලක බාලිකාවන්ට පමණක් සහභාගි විය හැකි වයස් කාණ්ඩ ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලියේ සමාරම්භක උත්සවය සැප්තැම්බර් මස 28 වැනිදා පැවැත්වෙන අතර, මූලික වටයේ තරග එදින සිට සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව හා අවසන් පූර්ව වටයේ තරග ඔක්තෝබර් මස 1 වැනිදා පැවැත්වෙන අතර, අවසන් පූර්ව, අවසන්  තරග සහ සමාප්ති උත්සවය ඔක්තෝබර් මස 2 වැනිදා පැවැත්වෙනු ඇත.

ශූරයන්ට, අනුශූරයන්ට සහ අවසන් පූර්ව වටයට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වටිනා ත්‍යාග, පදක්කම් සහ සහතික පත් ප්‍රදානය කරන අතර, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුව මේ තරගාවලිය පවත්වනු ලබන්නේ පාසල් වියේ පසුවන ආධුනික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික තලයේ දොරටු විවර කරදීමේ අරමුණින් යුතුවය.

වයස් කාණ්ඩ ආධුනික බැඩ්මින්ටන් ශූරතාවලිය සන්ක්වික්, මැක්ෆොයිල්, මොබිල්, ලී නින්, මල්ටිලැක්, යුනයිටඩ් ස්පෝර්ට්ස් සහ ප්‍රයිම් ගෘප් අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව