ශ්‍රී ලංකාවේ තුන්වන සියැට් CIDO අග්‍රගන්‍ය අලෙවිසැල මිරිහානේ දී විවෘත කරයි

CIDO at Mirihana

සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම විසින් සිය තුන්වන අග්‍රගන්‍ය CIDO හෙවත් සමාගම ආයෝජනය කළ නියෝජිතයා මෙහෙයවන (Company Invested Dealer Operated) අලෙවිසැල  මිරිහානේ දී විවෘත කරන ලදී.

මෙම නවතම සියැට් CIDO අලෙවිසැල මිරිහාන, පරණ කොට්ටාව පාරේ, අංක 17 ස්ථානයේ පිහිටි ප්‍රයිම් ටයර් හා ඔටෝ සර්විසස් හි දී පසුගිය දා නිළ වශයෙන් විවෘත කරන ලදී.

 



 

සියැට් CIDO අලෙවිසැල්, සියැට් නිෂ්පාදන වල ප්‍රමිතිය වැඩිදියුණු කිරීමට සමගාමීව සන්නාමයේ සුවිශේෂත්වය හා දෘෂ්‍යතාව වර්ධනය කිරීමට මෙන්ම හවුල්කාර අලෙවිසැල් තුළදී උසස් තත්ත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබාදීම අරමුණු කරගනිමින් සියැට් විසින් නිර්මාණය කර ඇත. එය සියැට් සමාගමේ තුන් අවුරුදු බෙදාහැරීමේ ජාලයන් පුළුල් කිරීමේ උපාය මාර්ගයේ කොටසකි. තවද, මගී මෝටර් රථ හා SUV ටයර් සඳහා වන ‘ජර්මානු ඉන්ජිනේරු තාක්ෂණයෙන් නිපදවූ’ යන තේමාව පිළිබිඹු වන සියැට් හි නව සන්නාම සහ දර්ශන ප්‍රදර්ශනය කළ පළමු අලෙවිසැල, මිරිහාන CIDO අලෙවිසැල වේ.

මෝටර් රථ සහ SUV රථ සඳහා ටයර් ආශ්‍රිත සියලුම සේවාවන් සැපයීම කෙරෙහි අවධානය යොමු කිරීමට නව අලෙවිසැල සැලැසුම් කර ඇති අතර, ආකර්ෂණීය වට්ටම්, ටයර් නඩත්තුව සඳහා අවශ්‍ය තාක්‍ෂණික විශේෂඥතාවය, වීල් බැලන්සින් හා එලයින්මන්ට්, ටයර් වායු පිරවීමට නයිට්‍රජන් හා වායු පොම්ප උපාංග මෙන්ම වාහන අභ්‍යන්තර සහ බාහිර සේවා වලින් සමන්විත වන අතර පුළුල් පරාසයක ‘සියැට්’ ටයර් වර්ග අලෙවියද සිදු කරනු ලැබේ. සියැට් CIDO අලෙවිසැලේ එක් විශේෂත්වයක් වන්නේ සියැට් හි පිරිවිතරයන්ට අනුකූලව සැලසුම් කර අංගසම්පූර්ණ කරන ලද පාරිභෝගික විවේකාගාරයයි.

සියැට් කැළණි විසින් මෙම නව අග්‍රගන්‍ය අලෙවිසැලට නවීන මෝස්තරයේ අභ්‍යන්තර අංග රැසක් එක්කර ඇත. ආලෝකකරණ උපාංග, ගෘහ භාණ්ඩ, ටයර් ප්‍රදර්ශන මෙවලම් හා ටයර් රාක්ක සහ සෝෆා සහිත පාරිභෝගික විවේකාගාරයක්, දුර සිට දෘෂ්‍යමාන වන පරිදි කුළුණු සහිත පුවරු සහ ආලෝකමත් කරන ලද බාහිර සහ අභ්‍යන්තර සන්නාම පුවරු ද එහි ස්ථාපිත කර ඇත.

ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ නාලිකා වැඩි දියුණු කිරීම හා ව්‍යාප්තිය වෙනුවෙන් සියැට් සිදුකළ ආයෝජනයේ ප්‍රතිඵලයක් ලෙස ඇතුල් කෝට්ටේ, මාදම්පේ සහ දැන් මිරිහානේ දී CIDO අලෙවිසැල් තුනකුත්, බොරැල්ල, පාමංකඩ, මාලඹේ, කොළඹ 14 (අලෙවිසැල් දෙකක්) සහ හංවැල්ලේ  දී Shop-In-Shop ^SIS& අලෙවිසැල් හයකුත් විවෘත කිරීමට හැකි වී තිබේ.

ශ්‍රී ලංකාවේ ටයර් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමය ලෙස සියැට් හි නැගී සිටීම වසර ගණනාවක් පුරා සිදු කරන ලද සැලකිය යුතු ප්‍රමාණයේ ආයෝජන වල ප්‍රතිඵලයක් වන අතර එය හුදෙක් පරිමාවේ වැඩි වීම පමණක් නොව, නිෂ්පාදන පරාසය පුළුල් කිරීම්, නව තාක්ෂණයේ භාවිතයන් හා ගුණාත්මකභාවයේ විශාල පරිමාණයේ වර්ධනයන් ද පදනම් වේ. සන්නාමයත් සමඟ ම පාරිභෝගික අතිදැකීම ද එකම වේගයෙන් වර්ධනය වීම සහතික කිරීම සඳහා සමාගමේ නව සංකල්ප සැලසුම් කර ඇත.

සියැට් සන්නාමය ඉතාලියේ ආරම්භ වූවක් වන අතර ජර්මානු ඉන්ජිනේරු තාක්ෂණයෙන් සහ ඉන්දියාවේ හා යුරෝපයේ පිහිටි පුළුල් පර්යේෂණ හා පරීක්ෂණ පහසුකම් වල පිටුබලය ලබයි. සියැට්-කැලණි හෝල්ඩිංග්ස් මේ වන විට ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන අතර, සිය නිෂ්පාදනයෙන් සියයට 20 ක් පමණ රටවල් 16 කට අපනයනය කරයි. ආනයනික ටයර් මත යැපීම අඩු කිරීමෙන් විදේශ විනිමය සංරක්ෂණය කිරීමේ ජාතික ආර්ථික ප්‍රයත්නයට සැලකිය යුතු කාර්යභාරයක් ද ඉටු කරනු ලබන සියැට් කැළණි සමාගම පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 8.5 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව