
ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFT Metro Campus, මැයි 15 දා කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේ දී සිය 25 වැනි සංවත්සරය උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය. දශක දෙකකට අධික කාලයක් පුරාවට මෙරට සිසු දරුවන් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වූ ESOFT Metro Campus හි අභිමානය තවදුරටත් ඔප් නංවමින් සිය උසස් අධ්‍යාපන ආයතන පද්ධතිය (ESU) එළිදැක්වීමට එහිදී පියවර ගනු ලැබුවේ මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් ද සනිටුහන් කරමිනි. කොළඹ, මහනුවර සහ යාපනය යන නගර සඳහා ESU උසස් අධ්‍යාපන ආයතන ත්‍රිත්වයක් හඳුන්වා දුන් මෙම අවස්ථාව සඳහා අධ්‍යාපනික ක්ෂේත්‍රයේ විද්වතුන්, ප්‍රමුඛයින්, ESOFT ආදි ශිෂ්‍යයින්, රාජ්‍ය අංශයේ නියෝජිතයින් සහ ජනමාධ්‍යවේදීන් රැසක් එක්ව සිටියහ.
උසස් අධ්‍යාපනය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා හඳුන්වා දුන් මෙම (ESU) පද්ධතිය, ESOFT හි වෘත්තීය අධ්‍යාපන අංශයේ ස්වාධීන ආයතනික ව්‍යුහයක් වශයෙන් ක්‍රියාත්මක වීමට නියමිත වන අතර, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත උපාධි හා පශ්චාත් උපාධි පිරිනමන අධ්‍යයන මාලාවක් මෙරට සිසු දරුවන් වෙනුවෙන් හඳුන්වා දීමට වැඩි අවධානයක් යොමු කර තිබේ. මේ අතර, ESOFT Metro Campus සහ ESOFT Metro College සිය සුපුරුදු අධ්‍යයන වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවන් සඳහා වන ප්‍රායෝගික කුසලතාවන් ලබා ගැනීමට අවශ්‍ය වෘත්තීය පුහුණුව සහ වෘත්තීය පාඨමාලාවන් අඛණ්ඩව පිරිනැමීමට කටයුතු කරනු ලබයි.
මෙහිදී අදහස් දැක්වූ ESOFT Metro Campus හා ESU හි සභාපති සහ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය. ‘‘ විසිපස් වසරක් පුරාවට අපගේ මෙහෙවර වූයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා සියල්ලන්ටම ප්‍රවේශ විය හැකි අවස්ථාවන් නිර්මාණය කර දීමයි. මෙම ESU උසස් අධ්‍යාපන ආයතනයන් ආරම්භ කිරීම, එකී මෙහෙවරෙහි ඊළඟ අදියර වන අතර ගුණාත්මකභාවයකින් සහ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත උසස් මට්ටමේ උපාධි හා පශ්චාත් උපාධි වැඩසටහන් පිරිනැමීමට අප වැඩි අවධානයක් යොමු කර තිබේ. ඊට සමගාමීව ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සාර්ථක වෘත්තීය කුසලතාවයන් තුළින් අනාගතය සවිබල ගැන්වීමට උපකාරී වන වෘත්තීය පුහුණුව සහ වෘත්තීය සහතික ලබා දීමට ESOFT ආයතනය බලාපොරොත්තු වේ’’
ESU උසස් අධ්‍යාපන ආයතන පද්ධතිය එළිදැක්වීමේ ප්‍රමුඛතම අභිලාෂය වන්නේ, මෙරට සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි වැඩසටහන් ශ්‍රී ලංකාව තුළදීම ඉතා අඩුපිරිවැයකින් හැදෑරීමට අවස්ථාව සලසා දීමයි. ඒ අනුව විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට සිහින දකින සිසු දරුවන් සඳහා එක්සත් රාජධානියේ සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල වෙත ප්‍රවිශ්ට වී තම උපාධි පාඨමාලවේ අවසන් අදියරයන් සම්පූර්ණ කර ගැනීමට ද සුවිශේෂී පහසුකම් සලසා තිබේ. එමගින් දෙමාපියන් තම දූ දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කරන මුල්‍යමය වියදම්වලට මහත් අස්වැසිල්ලක් ද ගෙනදෙනු ඇතැයි නොඅනුමානය. මෙම දස අවුරුදු පරිවර්තන සැලැස්මේ තවත් එක් මුඛ්‍ය අරමුණක් වන්නේ ගෝලීය රැකියා වෙළඳපොළට නායකත්වය දීම සහ අනාගතයේ දී ශ්‍රී ලංකාව කුසලතාවලින් පරිපූර්ණ වූ වෘත්තිකයන් සංවර්ධනය කරන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි.
‘රැකියා ලෝකයේ අවශ්‍යතාවයට සරිලන පරිදි අධ්‍යාපනය පරිවර්තනය කිරීම’ යන මැයෙන් මෙහිදී විද්වත් මණ්ඩල සාකච්ඡාවක් පැවැත්වූ අතර, එය මෙහෙයවනු ලැබුවේ ESOFT Metro Campus හි ප්‍රධාන විධායක නිලධාරී සහ ESOFT International (Singapore) හි අධ්‍යක්ෂ නිශාන් සෙම්බකුට්ටිආරච්චි මහතා විසිනි. ESOFT සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය දයාන් රාජපක්ෂ, ESOFT Metro Campus – ව්‍යාපාර කළමනාකරණ පාසලේ පීඨාධිපති ආචාර්ය දිලින හේරත්, Intrepid Travel හි ගෝලීය මෘදුකාංග ඉංජිනේරු ප්‍රධානී ප්‍රදීපා සෙනෙවිරත්න සහ PickMe හි නිර්මාතෘ, ප්‍රධාන විධායක නිලධාරී සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සියේ (ICTA) අධ්‍යක්ෂ Jiffry Zulfer යන ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් පිරිසක් මෙම විද්වත් සාකච්ඡාවේ දී අදහස් පළ කළහ. ESOFT හි සාර්ථක ආදි ශිෂ්‍යයෙකු ලෙස ප්‍රදීපා සෙනෙවිරත්න තම අත්දැකීම් බෙදා ගත් අතර, ක්ෂේත්‍රයේ නියෝජනය කරන ප්‍රමුඛතම ව්‍යවසායකයෙකු වශයෙන් Zulfer මෙහිදී වැදගත් අදහස් රැසක් ඉදිරිපත් කළේ ය.
වෘත්තීය නිපුණතාවයන් පදනම් කරගත් මෙම අධ්‍යාපන ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කර ගැනීම උදෙසා ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගෞරවයක් දිනා සිටින SchoolNet India සමග සුවිශේෂී සහයෝගීතාවයක් ඇති කර ගැනීමට මෙහිදී ESOFT කළමනාකාරීත්වය කටයුතු කළේ ය. ESOFT සමූහ ව්‍යාපාරයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය දයාන් රාජපක්ෂ, ESOFT Metro Campus හි ප්‍රධාන විධායක නිලධාරී නිශාන් සෙම්බකුට්ටිආරච්චි, ESOFT Metro Campus සහ ESOFT Technologies හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (සමූහ ව්‍යාපාර සංවර්ධන) අමිල බණ්ඩාර යන මහත්වරුන් සහ SchoolNet India හි ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රධානී හිමන්ෂු තිවාරි මහතා අතර මෙම අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගැනිණ. මෙම සහයෝගීතාවය සඳහා FITIS හි හිටපු සභාපති ඉන්දික ද සොයිසා මහතා විසින් පහසුකම් සපයන ලද අතර, මෙමගින් ගෝලීය විශේෂඥතාවය හා වෘත්තීය කේන්ද්‍රීය අධ්‍යාපනයක් තුළින් මෙරට කුසලතා සංවර්ධනය සහ වෘත්තීය පුහුණුව වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරනු ලබයි.
(ESU) විසින් පුළුල් පරාසයකින් පිරිනමනු ලබන කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) දත්ත විද්‍යාව (Data Science), ඉංජිනේරු විද්‍යාව (Engineering) නවෝත්පාදන ව්‍යාපාර (Business Innovation), මනෝවිද්‍යාව (Psychology) සහ නිර්මාණාත්මක කලා (Creative Arts) වැනි ඉහළ ඉල්ලුමක් ඇති විෂයයන් පිළිබඳ හඳුන්වා දීමක් මෙහිදී සිදු කරන ලදී. මෙම සෑම විෂය පථයක්ම නිර්මාණය කර තිබෙන්නේ න්‍යාය කරුණු හා ප්‍රායෝගික ලෝකයේ අත්දැකීම් ඒකාබද්ධ කරගත් ගුණාත්මක අධ්‍යාපනයක් සිසු දරුවන්ට ලබා දීමේ අරමුණිනි. එබැවින් ඒ ඔස්සේ සිසුන් හට කුසලතාවයෙන් හා ආත්ම විශ්වාසයෙන් යුතුව රැකියා වෙළඳපොළට සූදානම් වීමට අවකාශය සැලසෙනු ඇත.
විසිපස් වසරක් පුරාවට අධ්‍යාපනය තුළින් දහස් ගණනකගේ ජීවිත හැඩගස්වා ඇති ESOFT හි විශිෂ්ට ගමන් මඟ, අනාගතයේ දී මෙරට තුළදීම ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් හැදෑරීමට අවස්ථාව උදා කරමින් මෙම එළිදැක්වීමේ උත්සවය සාර්ථකව නිමාවට පත් විය.