ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ SUV රථ සඳහා සියැට් විශිෂ්ඨ රේඩියල් නිෂ්පාදනයක් එළි දක්වයි

CEAT

ශ්‍රී ලංකාවේ මාර්ග සහ ධාවන පථ තරණය කරන ඉහළ පෙළේ SUV රථ සඳහා නවතම රේඩියල් ටයරයක් එළි දක්වමින් සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම ටයර් කර්මාන්තයේ දැවැන්තයෙකු ලෙස සිය තත්ත්වය ශක්තිමත් කර ඇත.

සාමාන්‍ය මාර්ගයන් සහ රළු මාර්ග යන දෙඅංශය සඳහා විශිෂ්ඨ කාර්යසාධනයක් බලාපොරොත්තු වන ටොයෝටා ලෑන්ඩ් කෲසර් ප්‍රාඩෝ 120 සහ ප්‍රාඩෝ 150, ටොයෝටා හයිලක්ස් සහ මිට්සුබිෂි මොන්ටෙරෝ යන වාහන සඳහා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හි සියැට් සමාගමේ නවීනතම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ සැලසුම් කර පරීක්ෂා සමඟ CEAT Czar HT : (265/65 R 17)  ටයරය නිෂ්පාදනය කර ඇත.

 




 

සියැට්-කැළණි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෂමල් ගුණවර්ධන මහතා “කැළණියේ පිහිටි අපගේ කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කරන මෙම විශිෂ්ට ටයරය අපගේ නිෂ්පාදන එකතුවට වැදගත් එකතුවක් වනවා,” යැයි පැවසීය. තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ SUV වාහන සඳහා සියැට් රේඩියල් ටයර්වල විශේෂත්වය වන්නේ පාරිභෝගිකයන් බලාපොරොත්තු වන සුවිශේෂී පාලනය, සුවපහසුව, ආරක්ෂාව සහ කල් පැවැත්ම යන ගුණාංගයන් පැවතීම බවයි. එමෙන් ම මේ නව නිෂ්පාදනය ආනයනික ටයර් සන්නාම සඳහා බලවත් තරඟකරුවෙකු වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර මෝටර් රථ තත්ත්ව කළමනාකරණ පද්ධති සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල වන පරිදි ජාත්‍යන්තර මෝටර් රථ කාර්ය සාධක බලකාය (IATF) විසින් IATF 16949:2016  සහතික කළ දේශීයව නිෂ්පාදනය කරන ලද එක ම ටයර් සන්නාමය සියැට් වන අතර නව ටයරය සඳහා නිෂ්පාදිත දිනයේ සිට වසර හතරක වගකීමක් හිමි වන බව සමාගම පවසයි.

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන සියලු ම සියැට් රේඩියල් ටයර් ෆ්‍රැන්ක්ෆර්ට් හි පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ දී ජර්මානු ඉංජිනේරුවන් විසින් පරීක්ෂා කරනු ලබන අතර ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ ශ්‍රී ලංකාවේ මාර්ගවල රිය පැදවීමේ දී වඩාත් සුවපහසු අත්දැකීමක් ලබා දීමයි. එමෙන් ම ටයර් වල ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම සඳහා විවිධ තත්ත්වයන් යටතේ යුරෝපීය රථවාහන වලට සවිකර එම ටයර දැඩි ලෙස පරික්ෂාවන්ට ලක් කෙරේ.

CEAT Czar HT 265/65 R 17 ටයරය හඳුන්වා දීමත් සමඟ ශ්‍රී ලංකාව තුළ සියැට් රේඩියල් ටයර් ප්‍රභේද සංඛ්‍යාව 59ක් දක්වා වර්ධනය වී ඇත.

ශ්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කරන සියැට් කැළණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි. සියැට් කැළණි සමාගම සිය නිෂ්පාදනයෙන් සියයට 20ක් පමණ රටවල් 16කට අපනයනය කරන අතර ආනයනික ටයර් මත යැපීම අඩුකරමින් විදේශ විනිමය සුරැකීමට ජාතික ආර්ථිකයට උපකාර කිරීමෙහිලා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව