ශ්‍රී ලංකාවේ ඇඟළුම් ක්ෂේත්‍රයට ජාත්‍යන්තර දොරටු විවර කරන 15 වැනි Intex Sri Lanka ප්‍රදර්ශනය BMICH හීදී ඇරැඹේ

Capture2 (LBN)

දකුණු ආසියාවේ ප්‍රමුඛතම රෙදිපිළි මූලාශ්‍ර සමූහයේ 15 වැනි ප්‍රදර්ශනය ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ විය.. එම ප්‍රදර්ශනය අගෝස්තු මස 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

පසුගිය වසර 10ක කාලයක් පුරා ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟළුම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන් පසුවන Intex Sri Lanka මෙරට ඇඟළුම් අපනයනයට සහාය වීමට නවෝපාදන හා ව්‍යාපාරික අවස්ථාවන් සඳහා පහසුකම් සැලසීමට එම ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරමින් සිටී.

 




 

ඊයේ ආරම්භ වූ මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාන්ඩේ මහතා සහභාගි වූ අතර, ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය බර්නාඩ් කිංග්ස්ලි මහතා ගෞරවනීය ආරාධිතයකු ලෙස එම අවස්ථාවට එක් විය. ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ ලේකම් යොහාන් ලොරන්ස් මහතා ද එම අවස්ථාවට සහභාගි විය.

එම ප්‍රදර්ශනය සඳහාම දැඩි කැපවීමක් සිදු කරනු ලබන චීනය,  ඉන්දියාව,  තායිවානය,  පාකිස්තානය,  කොරියාව සහ ජපානය සමඟ ශ්‍රී ලංකාව, තායිලන්තය, නෙදර්ලන්තය, ජර්මනිය, ලක්සම්බර්ග් සහ අමෙරිකාව වැනි රටවල් ඇතුළුව තවත් රටවල් 12කට වැඩි සංඛ්‍යාවකින් ප්‍රදර්ශකයන් සහ නූල් වර්ග, රෙදිපිළි සහ රෙදි වර්ග, සැරසිලි සහ උපාංග, ඩයි වර්ග සහ රසායනික ද්‍රව්‍ය හා මෘදුකාංග භාවිතය වැනි සිය නවතම නිෂ්පාදන මෙහිදී BMICH හී ශාලා 4කදී ඉදිරිපත් කරනු ඇත.

රුසියාව, මෙක්සිකෝව, ඉන්දියාව සමඟ බංග්ලාදේශය,  චීනය,  ඉන්දුනීසියාව,  ජපානය,  මාලදිවයින,  මියන්මාර්, පාකිස්තානය, කටාර් රාජ්‍යය, සීෂෙල්ස්, සිංගප්පූරුව,  තායිවානය,  තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බ්‍රිතාන්‍යය,අමෙරිකාව සහ වියට්නාමය ඇතුළු රටවල් 20කට අධික සංඛ්‍යාවක ජාත්‍යන්තර ගැනුම්කරුවන්  Intex Sri Lanka ප්‍රදර්ශනය නැරඹීමට එක්රොක් වනු ඇත.

මාස් හෝල්ඩිංග්ස්, බ්‍රැන්ඩික්ස්, හයිඩ්‍රාමනි, මැලිබන් සහ තවත් ඇඟළුම් සමාගම් රැසක ගැනුම් කණ්ඩායම් සිය මීළඟ ප්‍රයත්නය ගවේෂණය කිරිම උදෙසා  Intex Sri Lanka ප්‍රදර්ශනය වෙත පැමිණෙනු ඇත.

‘ගෝලීය රෙදිපිළි හා ඇඟළුම් කර්මාන්තය යළි හැඩගැස්වීමට සුවිශේෂී අවස්ථාවක් 2024 දී ඉදිරිපත් කර තිබේ.‘ Intex Sri Lanka සංවිධායක හා ඉන්දියාවේ Worldex හි විධායක අධ්‍යක්ෂ ආර්ති බගට් කීවේය.

‘ශ්‍රී ලංකාවේ නිෂ්පාදන බලවේග ගෝලීය හා කලාපීය හවුල්කරුවන් සමඟ සම්බන්ධ කරමින් වැඩි පැවැත්මක්, කාර්යක්ෂමතාව හා දිගු කාලීන කර්මාන්ත තිරසරත්වයට ප්‍රමුඛතාව සපයන වඩාත් සුරක්ෂිත සැපයුම් ජාලයක් නිර්මාණය කිරිමේ පරිවර්තන පෙරළියක් උදෙසා  Intex Sri Lanka ප්‍රදර්ශනය ඉදිරියෙන්ම සිටී. අප නව කර්මාන්ත ප්‍රමිතීන් සකස්  කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම B2B වේදිකාවක් ලෙස අපගේ ස්ථාවරය ශක්තිමත් කරමින් සිටිමු. රෙදිපිළි හා ඇඟළුම් අංශයේ අනාගතය සාමුහිකව හැඩගැස්වීමට join us at Intex Sri Lanka හිදී අප සමඟ එක්වන ලෙස කර්මාන්ත ක්ෂේත්‍රය තුළ හා කලාපයේ නායකයන්,  තීන්දු ගැනීමේ ප්‍රධානින් සහ හවුල්කරුවන් සහ සාදරයෙන් පිළිගැනීමට අප බලාපොරොත්තු වෙමු.‘

ඉන්දියාවේ රෙදිපිළි සංගමය (TAI) ද Intex Sri Lanka සමඟ අත්වැල් බැඳ සිටින අතර, ඔවුන් BMICH හීදී විදේශීය සමුළුව සංවිධාන කර තිබේ. එම එක්දින සමුළුවේදී ඉන්දීය ක්ෂේත්‍ර ප්‍රධානින් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් සමඟ සම්බන්ධව සිටිනු ඇත.

මීට අමතරව අන්තර්ක්‍රියාකාරී ව්‍යාපාරික සංසදය (IBF) අනාගත පැවැත්ම උදෙසා ඉවහල් වන උපාය මාර්ග බෙදාහදා ගනිමින් වැඩමුළුමාලාවක් පවත්වනු ලබන අතර, කර්මාන්තයේ ප්‍රවීණයන් විසින් ඔබේ ව්‍යාපාරය ජාත්‍යන්තර වශයෙන් වර්ධනය කිරීමට කටයුතු කරනු ඇත.

මොරටුව විශ්වවිද්‍යාලය විසින් Trendz Now නමින් ඉදිරිපත් කරනු ලබන නවෝත්පාදන හා විලාසිතා කලාපයක් ද Intex Sri Lanka ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කරන අතර,  විලාසිතා ලෝකයේ අනාගත විලාසිතා, නවතම ප්‍රවණතා, නවෝත්පාදන, නැඟී එන මෝස්තර හා ක්‍රියාකාරකම් ඊට ඇතුළත් ය.

ජාත්‍යන්තර ඇඟළුම් යන්ත්‍රෝපකරණ හා තාක්ෂණ ප්‍රදර්ශනයක් ද පළමුවරට මේ වසරේ Intex Sri Lanka ප්‍රදර්ශනය හා එක්ව පැවැත්වෙන InMac ප්‍රදර්ශනයේදී නැරැඹිය හැකි අතර, මුද්‍රණය, ඇසුරුම් හා ස්වයංක්‍රීය පද්ධති ක්‍රමවේදය ඇතළු නවීනතම යන්ත්‍රෝපකරණ හා තාක්ෂණය එහිදී ප්‍රදර්ශනය කරනු ඇත. ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන්ට සහ අපනයනකරුවන්ට ගෝලීය වශයෙන් තරගකාරීත්වයට අවශ්‍ය කාර්යක්ෂම බලගැන්වීමට ඉන් අත්‍යවශ්‍ය විසඳුම් ලබාදෙනු ඇත.

අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) හා ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ සහ එහි සාමාජික සංගම්වල අනුමැතිය යටතේ පැවැත්වෙන Intex Sri Lanka ප්‍රදර්ශනය ඔබේ නිෂ්පාදන වඩාත් වේගවත්ව දියත් කිරීමේ වේදිකාව බවට පත්වනු ඇත. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණ වඩාත් වේගවත් වර්ධනයක් උදෙසා ඇති හැකියාව විවෘත කරගන්නැයි ඇරියුම් කරමු.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + 17 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව