ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් වෙතින් කොළඹට නව විලාසිතා අත්දැකීමක්

Sriyani Dress Point Image (LBN)

ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් සිය නවතම ප්‍රදර්ශනාගාරය 2026 නොවැම්බර් 11 වැනිදා පෙරවරු 10.00ට කොළඹ 06, වැල්ලවත්තේදී නිල වශයෙන් විවෘත කිරීමට නියමිතය. නවීන විලාසිතා සහ සුවිශේෂී ගෘහ නිර්මාණාත්මක සැලසුමකින් සමන්විත මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ උත්සවය ජනප්‍රිය තරු රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. “Butta Bomma” සහ “Monica Monica” වැනි ජනප්‍රිය නර්තන ගීත ඔස්සේ රසික ආකර්ෂණය දිනාගත් ඉන්දීය රංගන ශිල්පිනී පූජා හෙග්ඩේ ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත අතර, මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් කොළඹ නගරයට පිවිසීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.




නවීන ගෘහ නිර්මාණාත්මක සැලසුමකට අනුව ඉදිකර ඇති මෙම ප්‍රදර්ශනාගාරය වක්‍රාකාර ඉදිරිපස පෙනුමකින්, වීදුරු ආවරණවලින් සහ වහල මත නිර්මාණය කළ හරිත කලාපයකින් සමන්විත වේ. මහල් කිහිපයකින් සමන්විත මෙම ප්‍රදර්ශනාගාරය, ඇඳුම් පැළඳුම්, ගෘහ උපකරණ සහ විවිධ උපාංග ඇතුළු නිෂ්පාදන රැසක් එකම වහලක් යටතේ මිලදී ගැනීමට පහසුකම් සලසා ඇත. එදිනෙදා භාවිතයට මෙන්ම විශේෂ උත්සව සහ විවාහ මංගල්‍යයන් සඳහා ද ගැළපෙන අයිතමයන් රැසක් මෙහිදී තෝරාගත හැකිය. පාරිභෝගිකයින්ගේ පහසුව වෙනුවෙන් පුළුල් රථගාලක් ද මෙම ප්‍රදර්ශනාගාරය සතු වන අතර, පවුලේ සැමට පහසුවෙන් සාප්පු සවාරියේ යෙදිය හැකි පරිසරයක් මෙහි නිර්මාණය කර ඇත.

මෙම අවස්ථාවට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් වන මතීෂ පතිරණ, පැතුම් නිස්සංක සහ විජයකාන්ත් වියස්කාන්ත් මෙන්ම රංගන ශිල්පී දර්ශන් තවරාජා ඇතුළු ජනප්‍රිය තරු රැසක් සහභාගී වීමට නියමිතය. මෙම නිල විවෘත කිරීමේ උත්සවයට සමගාමීව, පූර්ව ලියාපදිංචිය සිදුකරන රසික රසිකාවියන් 100 දෙනෙකුට පූජා හෙග්ඩේ ඇතුළු මෙම තරු පෞද්ගලිකව හමුවීමට සහ ඔවුන් සමඟ ඡායාරූප ගැනීමට අවස්ථාව සලසා ඇති අතර ලියාපදිංචි වීම සඳහා ලබාදී ඇති කාලය 2026 නොවැම්බර් 9 වැනිදායින් අවසන් වේ.

“කොළඹ අයට, කොළඹ 6ට” යන තේමාව යටතේ දියත් කළ පූර්ව ප්‍රචාරක වැඩසටහනකින් අනතුරුව ඒ හරහා සන්නාමයේ ඉදිරි සැලසුම් පිළිබඳව මහජන කුතුහලයක් ඇති කිරීමට සමත් වූ අතර, ඉන් පසුව මෙම නව කොළඹ ලිපිනය නිල වශයෙන් අනාවරණය කරන ලදී.

1993 වසරේදී සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කළ ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් ආයතනය වර්තමානය වන විට කෑගල්ල, කුරුණෑගල, මහනුවර, මාතලේ, මීගමුව සහ රත්නපුර යන නගරවල ප්‍රදර්ශනාගාර අටක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර කුරුණෑගල සහ මහනුවර නගරවල ප්‍රදර්ශනාගාර දෙක බැගින් පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම දශක තුනකට වැඩි කාලයක් මෙරට වෙළෙඳ ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන මෙම ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් ආයතනය එහි ව්‍යාපාරික ගමන්මඟේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස, 2025 Pinnacle Awards සම්මාන උළෙලේදී Most Popular Retailer සම්මානය හිමිකර ගැනීමට ද සමත් විය.

වැල්ලවත්තේ නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමඟ ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් සිය ව්‍යාපාරික කටයුතු කොළඹ නගරය දක්වා ව්‍යාප්ත කරමින් නව පියවරක් තබනු ඇත. ඒ ඔස්සේ කොළඹ සහ බස්නාහිර පළාතේ පාරිභෝගිකයින්ට වඩාත් සමීප වෙමින්, පවුලේ සියලු දෙනාගේ විලාසිතා සහ එදිනෙදා අවශ්‍යතා එකම ස්ථානයකින් සපුරාගැනීමට පහසුකම් සලසන නව සාප්පු සවාරි අත්දැකීමක් ලබාදීමට ආයතනය සූදානම් වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව