වෛරසයට එරෙහි තරඟය: කොවිඩ් 19 ගැන වසරක ඉගෙනුම් DHL අනාවරණය කරයි

dhl

 




 

 

  • DHL අද වන විට ඔවුන් සතු 350කට අධික ආයතනික පහසුකම් යොදාගෙන රටවල් 140කට අධික සංඛ්‍යාවකට එන්නත් මාත්‍රා මිලියන 300 කට අධික ප්‍රමාණයක් බෙදා හැර අවසන්.
  • 2021න් ඔබ්බට අවසන් සැතපුම දක්වා දේශීය වශයෙන් ක්‍රියාත්මක බෙදාහැරීමේ ආකෘති තිබීම අත්‍යාවශ වේ.
  • 2022 සිට වෛරස නවතාලීමේ අදියරේදී (යළි)ආසාදන අනුපාතය අඩු මට්ටමින් සහ මන්දගාමීව පවත්වාගෙන යෑම සඳහා බිලියන 7-9 දක්වා එන්නත් මාත්‍රා අවශ්‍යතාවක්

නව SARS-COV-2 වෛරසය ගැන පුවත් සමස්ත ලෝකය අවදි කර වසරකට වැඩි කාලයක් ගත වී තිබේ. එය ගෙවුණු වසර 100ක් තුළ ඇති වූ විශාලතම ගෝලීය සෞඛ්‍ය අර්බුදය වශයෙන් හැඳින්වේ. සමාජයේ සෑම අංශයකටම මෙයින් ඇති වී තිබෙන බලපෑම ඉතා ගැඹුරු එකකි. කෙසේවුවද, වසංගත කළමනාකාරීත්වයේදී භාණ්ඩ ලබා දීම හා ප්‍රධාන මෙවලම් බෙදාහැරීම ස්ථාවර කිරීමට ලොජිස්ටික් සේවා සහ සැපයුම් (Logistics & Supply) කළමනාකාරීත්වය අත්‍යාවශ්‍ය කාර්යභාරයක් ඉටු කර ඇත. ඖෂධ හා සෞඛ්‍ය සැපයුම්, එන්නත්, පරීක්ෂණ කට්ටල, සහායකයින් සැපයුම, ප්‍රතිකාර සහ පෞද්ගලික සුරක්ෂිතතා උපකරණ එකී ප්‍රධාන මෙවලම් වේ.

DHL ආරම්භයේ සිටම ප්‍රතිචාර උපායමාර්ගික කොටස්කරුවකු වශයෙන් මෙහෙයුම් යානා 9,000ක් සමග ආයතනික පහසුකම් 350ක් ඉක්මවා යොදාගනිමින් සියලු පිළිගත් එන්නත් මාත්‍රා මිලියන 300ක් රටවල් 140කට අධික ගණනක් සඳහා බෙදා හැර ඇත. මෙම කාර්යභාරය ඖෂධ හා මහජන අංශ සහ තෝරා ගත් නව සේවා සමග සහයෝගීව කටයුතු කරන ද්වි හා බහු පාර්ශ්වික සහයෝගිතාවන් 50ක් අතරින් භාරගෙන තිබේ.

‘වසංගත ප්‍රතිරෝධය යළි සොයා බැලීම’ යන DHL අලුත්ම ‘ධවල පත්‍රිකා’ (White Paper) වාර්තාවෙන් අනාගතයේදී කොවිඩ් 19ට එරෙහි තරඟය සහ මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයන් පාලනයට අවැසි ක්‍රියාමාර්ග ගැන ඉගෙනුම් සම්බන්ධයෙන් පසු විපරම් කර ඇති අතර ඔවුන් එමගින් ආලෝකමත් පහන් අදහස් යොමු කරයි.

” ලොජිස්ටික් සේවා සහ සැපයුම් යනු වසංගත කළමනාකරණය තුළ ප්‍රධාන භූමිකාවක් හොබවන කළමනාකරණ දාමයකි. මෙම සැපයුම් දාම පවත්වාගෙන යෑම සහ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සැපයුම් පිළිබඳව සේවය තහවුරු කිරීම අපට වටිනා පාඩම් ලබා දී තිබෙනවා.” DHL ප්‍රධාන වාණිජ නිලධාරී ‘කට්ජා බුස්ච්’ (Katja Busch) සඳහන් කරයි. “මීට පෙර නොතිබූ වේගයකින් එන්නත් බෙදාහැරීම සඳහා පෙරළා අපි නව තෝරාගත් සේවා ක්‍රියාත්මක කළා. සියලු අංශ, කර්මාන්ත සහ ජාතීන් එකට වැඩ කළ යුතු අතර දත්ත විශ්ලේෂණ උත්තේජනය කිරීමකුත් ශක්තිමත් සහයෝගීතාවනුත් ඉදිරිපත් කළ යුතුයි. ඉහළ රෝගීන් සහ එන්නත් ප්‍රමාණ වෙනුවෙන් අප සූදානම්ව සිටිය යුතුයි. සැපයුම් යටිතල පහසුකම් සහ ධාරිතාව පවත්වා ගත යුතුයි. එළඹෙන අවුරුදුවලදී කාලීනව සිදු වන ඉහළයෑම්වලදී කටයුතු සැලසුම් කිරීමේදී ස්ථාවර හා සන්නද්ධ වේදිකාවක් සැපයිය යුතුය.” ඇය වැඩිදුරටත් පැවසුවාය.

ගෝලීය එකමුතුවක් හැටියට මේ අර්බුදයෙන් ගොඩ ඒමට පරීක්ෂණ සහ සංවර්ධන, නිෂ්පාදන, සැපයුම් දාම කළමනාකරණය මෙන්ම ප්‍රතිපත්ති ද වැදගත් පිටුවහලක් වේ. ඉතිහාසයේ වෙනත් එන්නතකට වඩා පස් ගුණයක වේගවත් බවකින් මෙම එන්නත වර්ධනය කර ඇතිවාක් මෙන්ම වේගවත් වාර්තාගත නිෂ්පාදනයක් විය.

ජීවිත සුරකින එන්නත් ලොජිස්ටික් සේවා සහ සැපයුම් දාම උත්තේජනය කිරීමෙන් ලෝකයේම රෝගීන් වෙත ළඟා කෙරිණි. මීට පෙර නොතිබු 70°C සීතල ජාලයක අවශ්‍යතා සැපිරිය යුතු වුවද ලොජිස්ටික් සේවා අංශය පෙර තිබුණාට වඩා වේගයෙන් එම අවශ්‍යතා සම්බන්ධ කර නිර්මාණය කළේය. වේගවත් එන්නත් වර්ධනයට සහ ඒවා භාවිතයේ යෙදවීමට මහජන සෞඛ්‍ය සහ ප්‍රතිපත්ති ක්‍රියාකරුවන්ද බහුපාර්ශවීය ක්‍රියාකාරී හිතවත් වැඩරාමුවක් සපයයි.

DHL Express ශ්‍රී ලංකා ප්‍රධාන කළමණාකරු දිමිත්‍රි පෙරේරා පැවසුවේ “ලෝකය මෙන්ම ශ්‍රී ලංකාවද වසංගතයෙන් වෙනස් කෙරුනා මෙන්ම එය අපගේ මෙහෙයුම් කටයුතු අවදි කිරීම සඳහා දුන් ඇමතුමක් වැනිය. ලොජිස්ටික් සේවා සැපයීම සහ කොවිඩ් 19 ආධාර සැපයීමේ කටයුතු මුල පටන් වෛද්‍ය සැපයුම් සහ උපකරණ ප්‍රවර්ධනය බලධාරීන්ට අඛණ්ඩව සහ තීරණාත්මකව ලබාදීමට අප සහාය වුණා. එම බැරෑරුම් කාර්යය DHL ලෝකයම පිළිගත් සැපයුම් දාමයේ විශේෂත්වයෙන් වූ අතර, එම ජාලයේත් සැබෑ වෙනසක් ඇති කර තිබෙනවා. මේ ගෝලීය මෙහෙයුමේ කොටස්කරුවෙකු වීමට හැකි වීම ගැන අපි ආඩම්බර වන අතරම අනාගතයේදීත් ජීවිත සුරැකීම සඳහා අප සූදානම්ව සිටිනවා.”

ගෝලීය වශයෙන් එන්නත් බෙදාහැරීමේ සහයෝගිතා පියවර

2021 වසර අවසානයේදී ප්‍රතිශක්තිකරණය සඳහා ගෝලීය වශයෙන් එන්නත් මාත්‍රා බිලියන 10ක් අවශ්‍ය වේ. කෙසේවුවද, රටවල් 04ක් පමණක් මේ වන විට >50% එන්නත්කරණ අගයක් ලබාගෙන ඇති අතර අඩු-සංවර්ධිත යටිතල පහසුකම් සහිත ඉතිරි රටවල එන්නත් බෙදා හැරීමේ ක්‍රියාවලිය අසීරු කර ඇත. එන්නත් නිෂ්පාදනය වේගවත් කිරීමට, පහත කාරණා දෙස අවධානය යොමු කළ යුතුය:

  • ශක්තිමත් සහයෝගීතා සහ සහකාරී දත්ත පදනමක් ගොඩ නැගීමට විශේෂ අවධානයක් දීමත් කර්මාන්ත සහ ජාතීන් අතර සහයෝගීතාව වර්ධනය කිරීමත් අත්‍යවශ්‍යය.
  • කොවිඩ් 19 එන්නත් මාත්‍රාවලින් 95%ක්ම රටවල් අටක් තුළ නිපදවයි. ඒවා ලොව පුරා බෙදා හැරීමට සුරක්ෂිත අභ්‍යන්තර සැපයුම් ප්‍රවාහ හා ක්‍රියාකාරී ප්‍රවාහන ධාරිතා කළමනාකරණයත් ඒවා ඇසුරුම්කරණයත් සඳහා සුරක්ෂිත ප්‍රවාහයන් අවශ්‍යය.
  • අවසන් සැතපුමේ භූමිය දක්වා ක්‍රියාත්මක කිරීමට දේශීය වශයෙන් නිර්මාණය කළ බෙදාහැරීමේ ආකෘති අවශ්‍යය.

(යළි) ආසාදනය වීමේ අගය අවම සහ මන්දගාමීව පවත්වාගෙන යෑමට වාර්ෂිකව අවශ්‍ය එන්නත් බිලියන 7-9 දක්වාත් වෛරසය වැළකීමේ අදියරේ ඉහත සඳහන් සැපයුම් පහසුකම් සහ ධාරිතාව වසර කිහිපයක් දක්වාත් අඛණ්ඩව තිබිය යුතුය.

අනාගතය සඳහා සැලසුම් කිරීම

ක්‍රියාකාරී සහයෝගිතා, පුළුල් ගෝලීය අනතුරු ඇඟවීමේ පද්ධති, වසංගතය මර්දනය සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළ ඉලක්කගත R&D ආයෝජන අනාගත සෞඛ්‍ය අර්බුදවලින් වැළකීම හා සැලසුම් කිරීම් හඳුනාගැනීම අවශ්‍යය.

වෛරස් පාලනය සහ ප්‍රතිචාර විධිමත් කිරීමේදී උපායමාර්ග සූදානම සහ වඩා කාර්යක්ෂම ප්‍රතිචාර ගැන තහවුරු කිරීම පිණිස කටයුතු පුළුල් කිරීම සහ ආයතනිකකරණය වෙනත් අනුමතකිරීම්වලට ඇතුළත් වේ. (උදා: ඩිජිටල් සම්බන්ධතා හඹායෑම සහ ජාතික සංචිත). ඖෂධ වේගයෙන් බෙදාහැරීම පහසු කිරීමට, රජයන් සහ කර්මාන්ත නිරන්තරව නිෂ්පාදන ධාරිතාව, සැලැසුම් පර්යේෂණ, නිෂ්පාදන, ප්‍රසම්පාදන සැලසුම් සහ දේශීය යෙදවීමේ හැකියාවන් පුළුල් කළ යුතුය.

සම්පූර්ණ ධවල පත්‍රිකාව (White Paper) කියවීමට කරුණාකර පහත සබැඳිය ක්ලික් කරන්න:

https://www.dhl.com/pandemic-resilience

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව