වෙළෙඳසේවා බැඩ්මින්ටන් ශූරතාවලියේදී සවිනක සහ රනිත්මා ඒකල ශූරතා දිනති

DSC_0263 (LBN)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය අනුබද්ධිත වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලැබූ වෙළෙඳසේවා සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි විවෘත ඒකල ශුරතාව දිනා ගැනීමට සවිනක වීරසේකර සමත් වූ අතර,  රනිත්මා ලියනගේ කාන්තා විවෘත ඒකල ශූරතාව දිනාගත්තාය. අලන් දර්මසාපුත්‍ර සමඟ එක්ව මිශ්‍ර විවෘත යුගල ශුරතාව දිනා ගනිමින් ද්විත්ව ශූරතාවට හිමිකම් කීමට ද රනිත්මා සමත් වූවාය.

 



 

වෙළෙඳසේවා ගෘහස්ත බැඩ්මින්ටන් පිටියේදි සහ ලුම්බිණි විදුහල් ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ පසුගියදා පැවැති මේ ශූරතාවලියේ පිරිමි විවෘත ඒකල අවසන් මහා තරගයේදී සවිනක වීරසේකර විසින් ලකුණු 21-17ක්,8-21ක් සහ 21-14ක් ලෙස ලෝචන ද සිල්වා පරාජය පත් කළ අතර, කාන්තා විවෘත ඒකල අවසන් මහා තරගයේදී ලකුණු 21-12ක් සහ 21-14ක් ලෙස වරංගනා ජයවර්ධන පරාජය කිරීමට රනිත්මා ලියනගේ සමත් වූවාය.

දිනුරු රෂ්මික ප්‍රියශාන්ත සහ සියත් දුල්නෙත් සේනාරත්න ලකුණු 21-17ක්, 18-21ක් සහ 21-17ක් ලෙස පරාජය කරමින් පිරිමි විවෘත යුගල ශුරතාව දිනා ගැනීමට ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරු සමත් වූ අතර, ලකුණු 21-19ක් සහ 21-18ක් ලෙස රෂ්මි භාග්‍යා සහ වරංගනා ජයවර්ධන පරාජය කරමින් කාන්තා විවෘත යුගල ශුරතාව දිනා ගැනීමට අනුරංගි හංසමාලා මාස්කෝරාල සහ විදාරා සුහස්නි විදානගේ සමත් වූහ. විවෘත මිශ්‍ර යුගල අවසන් මහා තරගයේදී රනිත්මා සහ දර්මසාපුත්‍ර හමුවේ ලකුණු 21-15ක් සහ 21-14ක් ලෙස මර්සිලෝ විටෝරියෝ සහ ප්‍රවීනා ජයසුන්දර පරාජයට පත් වූහ.

අවුරුදු 19න් පහළ බාලක ඒකල අවසන් මහා තරගයේදී තිළිණ රාජකරුණා ලකුණු 21-19ක් සහ 21-10ක් ලෙස පරාජය කරමින් බාලක අංශයේ ඒකල ශුරතාව දිනා ගැනීමට ශෙනුක් සමරරත්න සමත් වූ අතර, එම වයස් කාණ්ඩයේ බාලිකා ඒකල ශුරතාව දිනා ගනු ලැබුවේ අවසන් තරගයේදී ලකුණු 21-16ක්, 20-22ක් සහ 21-16ක් ලෙස රුක්ෂිකා බාස්කරන් පරාජය කළ අමන්තා තත්සරණි විසිනි. එම වයස් කාණ්ඩයේ බාලක යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-16ක්, 8-21ක් සහ 21-19ක් ලෙස සංජුල හඳපාන්ගොඩගේ සහ ශෙනුක් සමරරත්න පරාජයට පත් කළ රිතිර සෙන්දිල් අබේගුණවර්ධන සහ තෙනුල් රංසජ ගනේවත්ත විසිනි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් ලෙස පැවැති වෙළෙඳසේවා සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට විවෘත, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ, අවුරුදු 110 ඒකාබද්ධ සහ පළඟ ශූරතා වශයෙන් කාණ්ඩ 4ක තරග ඇතුළත් විය. තරගාවලිය සඳහා McFoil, Mobil, Li Ning, 3M සහ GAC අනුග්‍රාහකත්වය ලැබී තිබිණි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව