විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය පෙරටු කොටගෙන අනාගත නායකයින් බිහිකරන Curtin Colombo:

Kusan Edirisinghe (LBN)

Curtin Colombo සරසවියේ උපාධිය ලබාගත් මොහොතේ සිට, සාර්ථකත්වයට පත් වෙමින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තමන්ගේ වෘත්තීය ජීවිතය ඉතා විශිෂ්ට ලෙස ගොඩනගා ගැනීමට Curtin Colombo හි ආදි සිසුන්ට හැකියාව ලැබී ඇත. Curtin Colombo හි සිවිල් සහ ඉදිකිරීම් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය සහ විනය ප්‍රධානී සතිෂ් මුහන්දිරම්, Steinverse සම නිර්මාතෘ සහ Curtin Colombo 2020 ආදි ශිෂ්‍ය සංගමයේ කුසාන් එදිරිසිංහ සහ Apium Innovations හි පාරිභෝගික අංශයේ ප්‍රධානී මෙන්ම ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති නිශ්ශංක සෙනෙවිරත්න යන අය විසින් මේ බව ඉතාමත් හොඳින් පැහැදිලි කරන ලදී. Curtin Colombo සරසවි ආදි ශිෂ්‍යයින්ව, වෘත්තීය මට්ටමින් ඉදිරියට යාමට අවශ්‍ය සෑම කුසලතාවකින්ම සන්නද්ධ කළා පමණක් නොව, ඔවුන්ගේ අනාගතය නිවැරදි දිශාවට යොමු කිරීමටද සමත්වූ බව ඉහත සඳහන් කළ ආදි ශිෂ්‍යයින් විසින් සඳහන් කරන ලදී.




ප්‍රශ්නය: උපාධිය ලැබීමෙන් පසු ඔබේ වෘත්තීය ගමනට Curtin Colombo සරසවියෙන් ලැබුනු අධ්‍යාපනය සහ අත්දැකීම් හේතු වූයේ කෙසේද?

පිළිතුර: සතිෂ් මුහන්දිරම් (SM): ඉගැන්වීමට තියන කැමැත්ත නිසා මම උපදේශකවරයෙක් විදිහට Curtin Colombo සරසවියටම සම්බන්ධ වුනා. විනයානුකූල දැක්මක් සහ පොදුවේ භාවිත කරන්න පුළුවන් කුසලතා රාශියක් Curtin Colombo සරසවිය මට ලබා දුන්නා. ප්‍රායෝගික ව්‍යාපෘති සහ විශ්ලේෂනාත්මක හැදෑරීම් නිසා මගේ අධ්‍යයන ක්ෂේත්‍රයට ගොඩක් හොඳ පදනමක් ලැබුනා. ඒ නිසා ගැටළු විසඳීමේ හැකියාව වගේම, සන්නිවේදන කුසලතා වර්ධනය කරගන්න මට පුළුවන් වුනා. මම ලබාගත්ත ඒ හැමදේම මගේ ශිෂ්‍යයින්ට මම නැවත ලබා දෙනවා.

A: කුසන් එදිරිසිංහ (KE): මම කරපු යාන්ත්‍රික ඉංජිනේරු උපාධියෙන් මට ලොකු පරාසයක කුසලතා ඇතිකරගන්න පුළුවන් වුනා. සරසවියෙදි කණ්ඩායම් වශයෙන් මම ගොඩක් වැඩ කළා. අද වෙද්දි කණ්ඩායම් වැඩ තමයි මම කරන ව්‍යාපාරයේ මූලිකම දේ. යම් දෙයක් හරිම විදිහට විශ්ලේෂණය කරන්නෙ කොහොමද කියලා සරසවියෙදි මම ලබාගත්ත දැනුම මට දැන් ගොඩක් වැදගත් වෙලා තියනවා. සරසවියෙ මම ලබාගත්ත මේ දැනුම සහ කුසලතා නිසා  මගේ වෘත්තියේදි මුණගැහෙන ගනුදෙනුකරුවන්ට ප්‍රමිතියෙන් වැඩි ගුණාත්මක සේවාවක් දෙන්න දැන් මට පුළුවන්.

A: නිශ්ශංක සෙනෙවිරත්න (NS): Curtin Colombo සරසවිය සතු සරසවිය සතු සමස්ත වැඩසටහන සහ ශක්තිමත් සන්නාමය, විවිධ වූ කුසලතා වර්ධන වැඩසටහන් සහ විශාල ආදි ශිෂ්‍ය ජාලය, මිල කළ නොහැකි වටිනාකමක් ඇති දේවල් විදිහට හඳුන්වන්න පුළුවන්. සරසවියෙන් ලබපු අත්දැකීම් සහ අධ්‍යාපනය නිසා ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් සමඟ විශ්වාසයෙන් යුතුව ගනුදෙනු කර මගේ වෘත්තීය පරාසය තව තවත් පුළුල් කරගන්න මට පුළුවන් වුනා.

ප්‍රශ්නය: Curtin Colombo උපාධිය, වෙනත් උපාධිවලට වඩා වෙනස් වන්නේ ඇයි?  ඒ වගේම සරසවියේ ඉගෙන්වෙන සැබෑ ලෝකයේ ප්‍රායෝගික අවශ්‍යතාවලට ගැලපෙන විෂය මාලාව, ඔබේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට බලපාන්නේ කෙසේද ?

A: SM: Curtin Colombo සරසවිය කියන්නෙ ප්‍රායෝගික ලෝකය ගැන ලොකු අවධානයක් යොමු කරන තැනක්. අපට දේශීයව විතරක් නොවේ, ඕස්ට්‍රේලියාවේ Curtin සරසවියේ විවිධ ක්ෂේත්‍රවල ඉන්න ප්‍රවීණයන් සහ ප්‍රධාන පුද්ගලයින් එක්ක සම්බන්ධ වෙන්නත් හැකියාව තිබුනා. ඒ නිසා අපිට ප්‍රායෝගිකව අත්දැකීම් රාශියක් ලබාගන්න පුළුවන් වුනා. ඒ වගේම සැබෑ ලෝකයේ තියන විවිධ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නත් අපිට පුළුවන් වුනා.

A: KE: දැන් තියෙන්නෙ තරඟකාරී රැකියා වෙළඳපොලක්. ඒ නිසා සුදුසුකම් සහ ඉහළ පිළිගැනීමක් තියන සරසවියකික් උපාධියක් ලබාගත්ත එක ගොඩක් වැදගත්. කීර්තිමත් නමක් තියන Curtin Colombo සරසවියේ උපාධියක් තියෙන කෙනෙක්ට තරගකාරී රැකියා වෙළෙඳපොළ තුළ ලේසියෙන්ම තමන්ගේ අරමුණුවලට යන්න පුළුවන්.

A: NS: Curtin Colombo සරසවියෙන් උපාධියක් අරගන්න හැම කෙනෙක්ටම තමන්ගේ වෘත්තීය ජීවිතය සහ අනාගතය ගැන ලොකු විශ්වාසයක් ඇතිවෙනවා. ක්ෂේත්‍රයේ ප්‍රමිතීන්ට ගැලපෙන විදිහට විෂයන් යාවත්කාලීන කරන නිසා, මගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට ඒ දේවල් ගොඩක් උදව් වුනා.

සාර්ථක ආදි ශිෂ්‍යයෙකු ලෙස, Curtin Colombo උපාධියේ දිගුකාලීන වටිනාකම ගැන වත්මන් සහ අනාගත සිසුන් වෙත දිය හැකි පණිවුඩය කුමක්ද ?

A: SM: අද මම Curtin Colombo සරසවියේ සිවිල් ඉංජිනේරු විද්‍යා කථිකාචාර්යවරයෙක් සහ විනය ප්‍රධානියෙක්. අද මම මේ වගේ තැනක ඉන්නෙ උපාධියේදී ලබාගත් කුසලතා සහ දැනුම නිසා. අද මම මගේ සිසුන්ට පොත්වල තියන සටහන්වලින් එහාට හිතන හැටි සහ සිසුන්ට තියන දැනුම ප්‍රායෝගිකව භාවිත කරන හැටි මම පෙන්නලා දෙනවා.

A: KE: මම Curtin සරසවියේ මාත් සමඟ ඉගෙනගත් සිසුවෙක් සහ මම Steinverse. එය Curtin startup විදිහටත් ඔබට එය හඳුන්වන්න පුළුවන්. බැරිස්ටා සහ ස්ලෑෂ් වගේ ප්‍රධාන පෙළේ වෙළෙඳනාම අපත් සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා වගේම සමාජයට යම් දෙයක් ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මෙම සරසවියේ ඉගෙනුම ලබන ඔබ, ඔබේ කැමැත්තට අනුව, ඔබට නිවැරදියි කියලා හිතෙන දේ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. උපාධියක් කරලා ඉවර කරන්න ඕනෙ කියා හෝ යනවාලේ සරසවියකට යන්න ඒපා.  කිරීම සඳහා හෝ ප්‍රවණතාවය නිසා විශ්ව විද්‍යාලයකට සම්බන්ධ නොවන්න. එවැනි කීර්තිමත් උපාධියක් හැදෑරීමෙන් ඔබේ අනාගතයට සහ ඔබේ ඉලක්ක සපුරා ගැනීමේ හැකියාවට එය උපකාර වනු ඇත.

A: NS: ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සරසවියක පිළිගත් උපාධියක් අරගෙන, ඒ සරසවියේම කීර්තිමත් ආදි සිසුන් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න සහ පරිණත පරිගණක විද්‍යා දැනුමෙන් සන්නද්ධ වෙලා ජාත්‍යන්තර මට්ටමේ කටයුතු කරන්න පුළුවන් වුනේ Curtin Colombo සරසවියෙන් ලැබුන අවස්ථා නිසා.

Curtin Colombo සරසවියෙන් උපාධියක් ගන්නවා කියන්නෙ අධ්‍යාපනය ලබනවාට අමතරව, එතැනින් එහාට ගිහිල්ලා අනාගතය සාර්ථක කරගන්නවා කියන එක.  Curtin Colombo සරසවිය ලබාගෙන තියන ජයග්‍රහණ සහ ජාත්‍යන්තරව ඇති සම්බන්ධතා නිසා මේ මොහොතේ සරසවියේ ඉගෙනගන්න සිසුන්ට විශාල සිහින දකින්න සහ ඉහළ ඉලක්ක වෙත යන්න දිරිගැන්විමක් ලැබෙනවා.

ඔබ අපේක්ෂා කරන සිසුන් සඳහා Curtin Colombo නිර්දේශ කරනවාද?

A: NS: ඔව් Curtin Colombo සරසවිය ගැන මට බය නැතුව නිර්දේශ කරන්න පුළුවන්. මේ සරසවිය ලෝකයේ තියන ඉහළින්ම තියන සරසවි 1% ඇතුළත තියන සරසවියක් නිසා මේ සරසවියේ උපාධිය හැදෑරීමෙන් ඒ ගෞරවය ලබාගන්න සිසුන්ට පුළුවන්. මම උපාධි අපේක්ෂකයෙක් විදිහට ඉන්න කාලෙ මේ කරුණු නිසා මගේ උපාධිය ගැන මට විශාල ආත්ම විශ්වාසයක් ඇතිවුනා.  Curtin Colombo සරසවියේ විෂය මාලාව, ‍ක්ෂේත්‍රවල තියන ප්‍රමිතීන්ට ගැලපෙන විදිහට නිතර නිතර අලුත් වීම ඉතාමත් විශිෂ්ට දෙයක් විදහට සතුටින් කියන්න පුළුවන්.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව