විශ්‍රාම දිවියේ සෞඛ්‍ය වියදම් කළමණාකරණය උදෙසා සෙලින්කෝ ලයිෆ් වෙතින් ‘Medical Saver’

Medical Saver Plan launch (LBN)

රක්ෂණ ඔප්පුව කල්පිරුණු පසු තවත් වසර 20කට සෞඛ්‍ය වියදම් ආවරණය කරන අරමුදලක් ගොඩනඟන නව ජීවිතාරක්ෂණ සැලැස්මක් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත.

අදත්, හෙටත්, රක්ෂණ කාල සීමාවෙන් ඔබ්බටත් සෞඛ්‍ය වියදම් පියවීම සඳහා නිර්මාණය වූ මෙරට ප්‍රථම රක්ෂණ සැලැස්ම සෙලින්කෝ ලයිෆ් Medical Saver ලෙස නම් කර ඇත.

 



 

“සෞඛ්‍ය වියදම් අතිශයින් ඉහළ මට්ටමක පවතින වකවානුවක අවුරුදු 70, 80 වයසැති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සෞඛ්‍ය ආවරණයක් නොමැති වූ විට සහ ඔවුන්ගේ මුදල් ඉපැයීමේ හැකියාව අවම වූ විට සෞඛ්‍ය වියදම් පියවීම බරපතල ප්‍රශ්නයක් වී තිබේ,” යැයි සෙලින්කෝ ලයිෆ් සමාගමේ විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රංග අබේනායක මහතා පෙන්වා දුන්නේය.

එම ගැටලුව සැලකිල්ලට ගනිමින් සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් මෙම නව රක්ෂණ සැලැසුම හඳුන්වාදීමට කටයුතු කර ඇති බවත්ල ඒ මගින් අපගේ ඔප්පුහිමියන්ට අරමුදලක් ගොඩනගා ගැනීම තුළින් ඔප්පු කාල සීමාවෙන් ඔබ්බටත් ගොස් විශ්‍රාම දිවියේදී ඇති වන්නා වු සෞඛ්‍ය වියදම් පියවා ගැනීමට උපකාරී වනු ඇති බවට ඔහු පැවසීය.

Medical Saver රක්ෂණ සැලැස්ම කල්පිරුණු පසු, රක්ෂණ ඔප්පු හිමියා හට සම්මුචිත වෛද්‍ය අරමුදල එකවර ලබා ගැනීමට හෝ ගෙවීම් විකල්ප දෙකක් සමඟ දිගුකාලයක් පුරා මුදල් ලබා ගැනීමට අවස්ථාව ලැබේ. එනම්, වෛද්‍ය අරමුදල දිගටම පවත්වා ගනිමින් හදිසි අවස්ථා සඳහා අවශ්‍ය වූ විට මුදල් ආපසු ගැනීම හෝ නියමිත කාලයකට වෛද්‍ය වියදම් සඳහා ස්ථාවර මාසික ගෙවීමක් ලබා ගැනීම යන විකල්පයන්ය.

2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 36 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + 13 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව