විරේන් නෙත්තසිංහ ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් 16ට එක් වෙයි

1696324188014

 



 

 

චීනයේ හැංෂුයි නුවර පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් ශූරතාවලියේ ඒකල තරග ඉසව්වට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩා බිමේ විශිෂ්ටතම ක්‍රීඩකයකු වන විරේන් නෙත්තසිංහ මොංගෝලියාවේ එන්ක්බාට් සුමියසුරේන්ට එරෙහිව තරග වට 2-0ක විශිෂ්ට ජයක් අත් කර ගනිමින් අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලැබීමට සමත් විය.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග ඉසව්ව නියෝජනය කරන එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන විරේන් අවසන් 32 දෙනා අතරට එක් වූයේ පසුගියදා 64 දෙනාගේ තරග වටයේදී භූතානයේ අනීෂ් ගුරුං තරග වට 2-0කින් පරාජය කරමිනි.

ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 83 වැනි ස්ථානයේ පසුවන විරේන් නෙත්තසිංහ පසුගියදා ඉන්දුනීසියාවේ මෙඩන් හිදී පැවැති එක්ස්ෆෝරා ඉන්දුනීසියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝගතා තරගාවලියේ පිරිමි ඒකල තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගත් අතර, ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරග බිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ අත්දැකීම් බහුල ක්‍රීඩකයකු ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව